මහින්ද ගෝඨා සීතල යුද්ධය උග්‍ර වෙයි

මහින්ද ගෝඨා සීතල යුද්ධය උග්‍ර වෙයි Untitled

සජිත්-රනිල් ආරෝව  පොහොට්‍ටු කාරයන්ට ආනන්දයකි. ඔවුන් දත-කට මැදගෙන එජාපය දෙකඩ වන තෙක් බලා සිටියි. තමන්ගේ ඇසේ ඇති පොල් පරාලය නොදැක අනුන්ගේ ඇසේ පොල් කෙන්ද සොයනවා  කියා  කථාවක් ඇත. පොහොට්‍ටු කාරයන්ගේ කලකිරියාවත් එවැනිය. එජාපයේ   සියුම් ඉරිතලා යාම  දෙස බලා සිටින ඔවුන්  තම කඳවුර වසා පැතිර ඇති   ව්‍යවසනය නොදකියි.

රාජපක්ෂ  සහෝදරයන්   සමගි සම්පන්න බව සත්‍යයකි . නමුත් 19 වන ආන්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය විසින් මෙරට බල කේන්ද්‍ර 2ක් නිර්මානය කොට ඇත. අගමැතිගේ පිල සහ ජනපතිගේ  පිල ලෙස ව්‍යවස්ථාව විසින්ම දෙපිලක් හදා ඇත. දේශපාලන ක්‍රීඩාවේ යෙදෙන  ක්‍රීඩකයන්  මෙම පිල් දෙකෙන් එකකට  ක්‍රීඩා කල යුතු වෙයි .ගෝඨාගේ පිල  චරිතවත් , වියතුන් සදහා මුල් තැන ලබා දෙන බව කියා ඇත. මරාගේ පිල ඊට වෙනස්ය.  ඕනෑම හොරෙකුට, අපරාධකාරයෙකුට එහි දොර විවෘත්තය. මෙසිරි ලංකාවේ වැඩිපුර සිටින්නේ හොරු , වංචා කාරයන් බැවින් මරාගේ පිල විශාලය.

මරා සහ බැසිල්ටද ගෝඨා සමග ෆේස්‍ටු ෆේස් හැප්පිය නොහැක. ඒ නිසා මරා සහ බැසිල්   කකුල් මාට්‍ටු දමමින් ගෝඨාගේ ගමනට බාධා කරයි. ගුරා හිටගෙන හුජ්ජ කරන විට ගෝලයන් දුවමින් හුජ්ජ කරනවා කියා කථාවක් ඇත. මරාගේ පිලේ හොරුන්ට ගෝඨාගේ පිල අභියෝගයකි. මරා සහ බැසිල්ගේ ගෝලයන්  ඇම්බුෂ් දමමින් ගෝඨාගේ ගෝලයන්ට පහර දෙයි.

මරා  සහා ගෝඨා  නාටකයේ තියුනුතම සටන පැවැත් වෙන්නේ කොළඹය. මරා වෙනුවෙන් එහි ක්‍රීඩා කරන්නේ ලගින් ගියොත් ඇසත් ගලවා  ගන්නා බඩු ටිකකි. ගෝඨා පැමිනියේ සිස්ටම් වෙනස් කිරීමටය . කථාව තිත්ත වුවද ගෝඨාට  ප්‍රධානම අභියෝගය එල්ල වන්නේ පිටින් නොව පක්ෂය ඇතුලින්මය. ගෝඨා තමාට අතිශ්‍ය විශ්වාසදායි පිරිසක් කොළඹ සටනට පත් කළේය. සරත් වීරසේකර ගෝඨාගේ පිලේ නියමුවා විය.

දිනෙන් දින සරත් වීරසේකරගේ ජනප්‍රියතාවය වැඩි විය. මරාගේ පිලේ  බොරු දේශප්‍රේමීන්ට සහ හොරුන්ට සරත් නිසා උන්හිටි තැන් අහිමි විය. ගම්මන්පිල , පනික්කි වීරයා වැනි උන්ට රෙද්දේ රෙවුනි.  ඔවුන්  මරා සමග එක්ව ගෝඨාගේ පිලට එරෙහිව කුමන්ත්‍රණය කළහ .

අපි එසේ කියන්නේ සාක්ෂි සහිතවය . චාපා බන්ඩාර නීලකාස දූෂිතයෙකි , බත්පැකැට් එකට ලියන ජඩ මාධ්‍ය කරුවෙකි.  ගම්මන්පිල  මොහු යොද ගනිමින් ගෝඨාගේ පිලට එරෙහිව වීඩියෝ ගනනාවක් නිෂ්පාදන කොට ඇති බව වාර්තා වෙයි . ඊට මුදල් ගෙවා ඇත්තේ ගම්මන්පිල සමග හිරේ ගිය සිඩ්නි ජයසිංහය

මේ ආකාරයට ගෝඨාගේ පිලේ තරගකරුවන්ට අවලාද නගමින් වීඩියෝ ගනනාවක් ඉදිරියේදී අන්තර්ජාලයට මුදා හැරීමට නියමිතය  . සරත් වීරසේකරට අවලාද නගමින් සැකසූ වීඩියෝව මේ වන විට අන්තර් ජාලයට මුදාහැර ඇත.

එළුවාගේ අරක වැටෙන තෙක් මෙන් එජාපය දෙකඩ වන තුරු බලා සිටින පොහොට්‍ටු බයියනි !   උබලා 69 ලක්ෂයක් දෙනා පත් කළ ගෝඨා මණ්ඩලේ කචල් නිසා නංනත්තාර වනු ඇත . අත්පොලසන් වර්ෂාවක් මැද නික්ම යාමට සිටි ඔහු ඉතිහාසයේ කුණු බක්කියට විසි වනු ඇත.