කොරෝනා අස්සේ ගෝඨා රට ගිණි තියන හැටි, නාමල් ඝාතනයට කොන්ත්‍රාත්තුව දුන්නේ කවුද ?

කොරෝනා අස්සේ ගෝඨා රට ගිණි තියන හැටි, නාමල් ඝාතනයට කොන්ත්‍රාත්තුව දුන්නේ කවුද ? downloadc 1

ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවැති කොරෝනා නිරෝධායන සාකච්ඡාවේදී රාජපක්ෂ පවුලේ අළුයට ගිණි එළියට ආවේය. මඩකලපු සරසවිය නිරෝධායනයට යොදා නොගන්නා ලෙස මහින්ද නියෝග කළ බව ශවේන්ද්‍ර ප්‍රකාශ කිරීමත් සමග ගින්න පත්තු විය.

 “අගමැතිතුමා හිතාගෙන ඉන්නේ තාම එයා ජනාධිපති කියලා වෙන්න ඇතිනමුත් මමයි දැන් ජනාධිපති’’ ගෝඨා කීවේය . මෙය මහින්ද දෙකේ කොළයට දැමීමක් පමනක් නොව සෘජු අනතුරු ඇඟවීමකි.

ගැලවීමේ , නැගීමේ සහ පැවැත්මේ රහස

ගෝඨාගේ අරමුණ හිස්බුල්ලාගේ සරසවිය රජයට පවරාගත් බව පෙන්වා දේශපාලන වාසියක් ලැබීම යයි කෙනෙකු සිතිය  හැක . කෙහෙලිය වැනි  පුංචි මොළ එලෙස සිතීමෙහි අරුමයක් නැත . හිස්බුල්ලාගේ සරසවිය නීරෝධායනය  සදහා යොදා ගැනීම අහිංසක නැත, හිතන තරම් දේශප්‍රේමීද නැත. අද බොහෝ දෙනෙකුට අමතක වුවද ගෝඨා යනු සොහොන් නඩුවට වරදකරු වී හිරේ යන ගැට්ටේ සිටි අයෙකි. ඉන් බේරුනේ පාස්කු ප්‍රහාරය නිසාය , ජනපති අපේක්ෂකත්වය ලැබුනේ පාස්කු ප්‍රහාරය නිසාය, 69 ලක්ෂයක් ඡන්ද ලැබුනේ පාස්කු ප්‍රහාරය නිසාය. IS  බිල්ලා  ගෝඨාගේ ගැලවුම්කරුවා විය. ගෝඨාගේ පැවැත්මට IS  බිල්ලා   අවශ්‍යය. 

ගෝනිසෙල්ලම් කලාවක් නම් ගෝඨා පිකාසෝ

හිස්බුල්ලාගේ සරසවිය නීරෝධායනය  සදහා යොදා ගැනීම  බිහිසුණු කුමන්ත්‍රණයකි. දෙරණ නාලිකාව හිස්බුල්ලාගේ සරසවියට හමුදාව ඇතුල් වන දර්ශන පෙන්වන්නේ නන්දිකඩාල් සටන ජය ගත් ආකාරයෙනි . ගෝඨා සරසවිය නීරෝධායනය  යොදා ගත්තේ  සිංහළ මුස්ලිම් ගින්න ඇවිලීමටය. සරසවිය පවරා ගැනීමට එරෙහිව හිස්බුල්ලා කරන  උද්ගෝෂණ කුමන්ත්‍රණයේම පි‍ටුවකි. හිස්බුල්ලාට අවශ්‍ය සරසවිය බේරා ගැනීම නම් ඔහු කළ යුත්තේ උද්ගෝෂණ කිරීම නොව නඩු මගට බැසීමය. විදෙස්ගත ශ්‍රමිකයන් මඩකලපුව වැනි දුෂ්කර පෙදෙසකට පැටවීමට පොට පාදා ගත්තේද ශූක්ෂම අයුරිනි. හැදල උද්ගෝෂණය සංවිධානය කළේ  ගෝඨාමය. නීරෝධායනය ඕනෑම තූත්තුකුඩියකට  ගෙන යාම සදහා පසුබිම හැදීම අරමුණ විය.

තවත් ලේ විලක් තැනීමට වෙහෙසෙන ගෝඨාගේ බුද්ධි අංශ ප්‍රධානියා

ගෝඨා ජනපති වූදා පටන් කළේ සිංහළ මුස්ලිම් ජනයා අතර සංහිදියාව ඇති කරන වැඩ නොව වාර්ගික ගින්න අවුළුවන වැඩය. වත්තල ආර්පිකෝවේ  නිකාබ් සිද්ධිය පළමු වෙඩි මුරය විය. එය සුරේෂ් සැලේ විසින් නිර්මානය කළ ජවනිකාවකි. අදාල මුස්ලිම් කාන්තාව සුරේෂ් සැලේ පැළ කල තැනැත්තියකි. නිකාබ් වීඩියෝව වයිරල් වෙත්ම  අස්ලාම් ආසිෆ් නැමැත්තෙක් ඇඟ පත නිරාවරණය වන පරිදි අඳින සිංහළ කාන්තාවන් වීඩියෝ කළ යුතු යයි කීවේය. අස්ලාම් ආසිෆ්  අලි සබ්‍රිගේ ගෝලයෙකි. ඉන් අනතුරුව හරක් මැරීමට එරෙහිව තරුණයෙකු ගිණි තබා ගන්න වීඩියෝවක් නිකුත් විය. එම වීඩියෝව වාර්ගික ගින්න ඇවිලීම සදහාම සැකසූ එකකි.  ගෝඨාගේ අරමුණ රට නිවීම නම් ICCPR යටතේ මොවුන් අත් අඩංගුවට ගත හැකිව තිබුණි.

ජාතිවාදය සැලසුම් කළා මිස ශ්‍රමිකයන් ගැන බැලුවේ නැත

විදේශ විනිමය ඉපයීමේ මහඟු  කාර්ය මුලුමනින්ම පාහේ  කරනුයේ විදේශ ගත ශ්‍රමිකයන්ය. වර්ෂයකට ‍රැකියා වෙළඳ පොලට ලක්ෂ 3ක් පමන පිවිසියද රජය සහ පුද්ගලික අංශය ‍රැකියා දෙන්නේ විසි පන්දාහකට අඩු ගණනකි. සෑම වසරකම  250,000 ක පමන රට යයි. ගෝඨා ජාතිවාදය සැලසුම් කළා මිස ශ්‍රමිකයන් ගැන බැලුවේ නැත . රු 7500ක් අය කිරීමට  නියෝග දුන්නේ එනිසාවෙනි. ශ්‍රමිකයන්ට රක්ෂණයක් ඇත ,රට යන විට ගාස්තු අය කරයි. මොවුන්ට පහසුකම් සැලසීම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වගකීමකි. ක‍ටුනායක සහ මඩකලපුව යනු බටහිට නැගෙණහිර අන්ත දෙකකි. ඒ අතර ගමන් බිමන් දුෂ්කරය .හම්බන්තොට ආසන්නයේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලක් ඇත. චීන ආධාර මත ඉඳි කළ ගොඩනැගිලි ඇත. අධීවේගී මාර්ග ඇත. නීරෝධායනය එම ප්‍රදේශයේ වඩා හොදින් කළ හැකිව තිබුනි.

තම අඩුව වසා ගැනීමට විදෙස් ශ්‍රමිකයන්ට පහර දීම

තම අතින් සිදුවූ අඩුව වසා ගැනීමට විදෙස් ශ්‍රමිකයන්ට පහර දිම කනගා‍ටු දායකය. විදෙස් ශ්‍රමිකයන්ට හමුදාවේ කොට්ට්ට මෙට්ට දුන්නා යයි ශ්‍රවේන්ද්‍ර කී කථාව හෙලා දැකිය යුතුය. වහල් සේවයට ගිහිල්ලා ඒ.සී කාමර ඉල්ලනවා යයි කමල් ගුණේ කියන කථාව පිළිකුලින් හෙලා දැකිය යුතුය . අවුරුද්දකට අපේ රටට ආනයනය කරන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 26 ක මුදලක් වැය වෙයි. අපනයන වලින් උපයා ගන්නේ  ඩොලර් බිලියන 14 කි.  ඩොලර් බිලියන 12ක පමන වෙළද හිගයක් ඇත. මේ හිඟය පියවා ගැනීමට ඩොලර් බිලියන 8 ක් සපයන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්ය. ඉදිකට්ටක්  නොහදන රටේ  භාන්ඩ  ආනයනයට මුදල් සොයා දෙන්නේ විදෙස් ශ්‍රමිකයන්ය. ශවේන්ද්‍රගේ ලංකට් එක පවා  එන්නේ එම මුදලින් බව සිහි තබා ගත යුතුය

මහින්දට සහ නාමල්ට කළ අනතුරු ඇඟවීම

හිස්බුල්ලාගේ සරසවිය නීරෝධායන කටයුතු වලට යොදා නොගන්නා  ලෙස මහින්ද කීවේ ගෝඨාගේ යටිකූට්‍ටු වැඩ ගැන  ඉව වැ‍ටුනු නිසාය. 19 වැනි සංශෝධනය අනුව රාජ්‍ය පාලනයේ සුක්කානම මහින්ද සතුය. කැමති වුවද අකමැති වුවද ගෝඨා යනු මහින්ද  යටතේ වැඩ කළ යුතු පියන් කෙනෙකි. ගෝඨා තමන් වෙත නැති බලයක් ආරූඩ කර ගනිමින්  වැඩ කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ගෝඨාගේ ව්‍යව්ස්ථා විරෝධී ක්‍රියා මහින්ද ඉවසා සිටියද නාමල් නොඉවසයි. ගෝඨා 69 ලක්ෂයක ජනවරමක් ලද බව සත්‍යකි . දෙකෝටියක ජන වරමක් ලැබුවද ව්‍යස්ථාවට ඉහලින් යා නොහැක. ඉදිරියේදි අයියා හෝ මල්ලී  පියන් වීම නොවැලක්විය හැක. නාමල් සාධකය නිසා මල්ලී පියන් වීමට ඇති බර වැඩිය. නාමල් ගෝඨාට අභියෝගයකි.

නාමල් ඝාතනය කිරීම සදහා කළ කුමන්ත්‍රණය

පසුගිය පෙබරවාරියේ තමිල්නාඩුවේ ප්‍රාන්ත බුද්ධි අංශය  ලංකාවේ දේශපාලනයේ විය හැකි ලේ වැරීමක් ගැන රහස්‍ය ලියවිල්ලක් මධ්‍ය රජයට එවා තිබුනි. එම ලියවිල්ල එවා තිබුනේ චෙන්නායි කිව් අංශයේ නියෝජ්‍ය අධිකාරිවරයාය.( Deputy commissioner )  නාමල් රාජපක්ෂ සහ කරුණා අම්මාන් ඝාතන කුමන්ත්‍රණයක් ගැන ඉන් හෙළිදරව් කර තිබුණි. එම කොන්ත්‍රාත්තුව ලැබී ඇත්තේ මන්නාරම හිටපු මුහුදු කොටි නායකයෙකු වූ තම්බි අන්නාටය. සහරාන් ඉන්දියාවට ‍රැගෙන ගිය බවට  සැක කරනන පුද්ගලයාද ඔහුය. ඝාතන කුමන්ත්‍රණය පිලිබද තොරතුරු  නාමල්ට වාර්තා වීමත් සමග  ගෝඨාගේ හමුදාවට පරිබාහිරින්  ආරක්ෂාව සලසා ගැනිමට නාමල් කටයුතු කොට ඇත. කාල්ටන් නිවසේ  මහින්ද  සහ ගෝඨා අතර පැවති සාකච්ඡාවක් අතර තුර මහින්ද පු‍ටුව පොළොවේ ගැසූ බව  ලියුමකරු පසුගිය ලිපියෙන් හෙළි කලේය. එම ලිපිය පල වී සතියක් ගතවීමට මත්තෙන් ගෝඨා මහින්දට එරෙහිව එළි පිට වාග් ප්‍රහාරයක් එල්ල කළේය 

උපුටා ගැනීම ලංකා ඊනිවුස්