සජිත් යලි එක්වීමට සාකච්ඡා අරඹයි !

සජිත් යලි එක්වීමට සාකච්ඡා අරඹයි ! download 1

එජාපයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් නමගිය කුමන්ත්‍රණ කරුවෙකි , රනිල්ගේ දේශපාලන චරිතය වැරදියට කියවූ සජිත් 2004 වසරේ සිට නායකත්වය ඩැහැ ගැනීමට කුමන්ත්‍රණ කළේය . වරෙක කරු සමග එක්වී කුමන්ත්‍රණ කළේය . වරෙක මහින්ද සමග එක් වී කුමන්ත්‍රණ කළේය. වරෙක සිරිසේන සමග එක් වී කුමන්ත්‍රණ කළේය .

අනුන්ට කැපූ වලේ තමා වැටෙන්නේ යයි කථාවක් ඇත . සජිත් එජාපය කඩාගෙන ගොස් අළුත් පෙරමුණක් හැදුවේය. සිව් මහල් පක්ෂ  කාර්යාලයක් විවෘත කළේය . රට වටා ගොස් ජන ‍රැළි පැවැත්වීමට සැලසුම් කළේය. තම ‍රැස්වීම්  අතිශයොක්තියෙන් සිරස ටී.වී එක හරහා පෙන්වීමට  සැලසුම්  කළේය . එජාපය කඩා බිද දැමීම සජිත්ගේ අරමුණ විය.

සජිත් රාජපක්ෂලාටත් වඩා දේශප්‍රේමී  වීමට ගියේය , සිංහල බෞද්ධ වීමට ගියේය .  ලාංකික දේශපාලනයේ බෞද්ධ තලේබාන් සලකුන නොහොත් පාඨලී සමග දීග ගියේය. නමුත් කොරෝනා වෛරසය සියල්ල උඩු යටිකුරු කළේය.  සිංහල බෞද්ධ ‍රැල්ලට පැවති ඉල්ලුම බින්දුවට ඇද දැමීමට කොරෝනාව සමත් විය. සිරස සමග රට වටා යමින් තිර ගත කිරීමට සැලසුම් කළ සජිත් ‍රැල්ල උඩු සුළගේ ගසාගෙන ගියේය .

ඉතිහාසය පුරා සජිත් කළ  කුමන්ත්‍රණ අතේ පත්තු වූවා මිස එකක්වත් සාර්ථක නොවීය. කුමන්ත්‍රණය අතේ පත්තුවූ වූ විට සගයන් පාවා දී  තම බෙල්ල බේරා ගත්තේය. සජිත් නිසා අනාථ වූ දේශපාලකයන් ගණන සුළු ප‍ටු නැත.   සගයන් පාවාදී තම බෙල්ල බේරාගන්නා පහත් ක්‍රියාව  සජිත්  තවත් වරක් කරමින් සිටියි. සජිත් මේ වන විට තුන්වන පාර්ශවයක් හරහා රනිල් සමග එක් වීමට සාකච්ඡා ආරම්භ කොට ඇත.