මහින්දගේ වශී බෝලේ සහ එජාප වශී බෝලේ

මහින්දගේ වශී බෝලේ සහ එජාප වශී බෝලේ download 3 2

පවතින දේශපාලන වාතාවරණය ගැන එජාපයට  සම්බන්ද පිරිස් දැනුවත් කිරීමේ ‍රැස්වීමක් සිරිකොත මූලස්ථානයේදී ඊයෙ පැවැත්වින. එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්, සිවිල් ක්‍රියාකාරීන් ,  පාර්ලීමේන්තු අපේක්ෂකයින් ඇතුළු පිරිසක් ඊට සහභාගි විය. පක්ෂ නායක රනිල් ,  නියෝජ්‍ය නායක රවී,  දයා ගමගේ , රංගෙ බන්ඩාර  සහ සමන් රත්නප්‍රිය මෙම අවස්ථාවට සහභාගි විය.රනිල්ට එරෙහිව දැඩි ප්‍රතිරෝදයක් එල්ල කිරීමට සජිත්වාදීන් සැලසුම් සහගතව එහි  පැමින තිබූ බව දැක ගත හැකි විය. නමුත්  නියෝජ්‍ය නායක රවි ‍රැස්ව සිටි පිරිසට කරුණු පැහැදිලි කරනවාත් සමග ආවේගශීලි ලෙස හැසිරුනු සජිත් වාදීන් සංසුන් විය. රවි සමග කළහ කිරීමට සිත් නොවූ ඔවුන් නිහඬ විය.  ‘රවී මහින්දගේ වශී බෝලේ අරගෙන අවිල්ලා වගේ ’  ඇතමෙක් කීහ

පුද්ගල වන්දනාව සහ ප්‍රතිපත්තීමය දේශපාලනය

පුද්ගල වන්දනාව රාජපක්ෂ කඳවුරේ පදනම යයි පැවසීම අතිශයොක්තියක් නොවේ. සජිත් වාදීන්ද පුද්ගල වන්දනාවේ යෙදෙන පිරිසකි. නමුත් සැබෑ එජාප පාක්ෂිකයා පුද්ගලයන් වන්දනාව කරන පිරිසක් නොවේ. ඔවුන් ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කරන පිරිසකි. ප්‍රතිපත්තීමය  ගුණ සුවද ඩීඑස් ගේ සිට රනිල් දක්වා විහිද ආවේය. කුලවත් එජාප නායකයන්ට   හර පද්දතියක් තිබුනි. ප‍ටු දේශපාලන වාසි තකා ඔවුන් තම හර පද්දතිය පාවා නොදුන්හ . ජනතාව සහ ඔවුන් අතර ”බොන්ඩ් ” එකක් විය . ඔවුන්ට කළු සුද්දන් කී බව සැබෑය. නමුත් ඔවුන් ඔවුන්ම විය.  රෙද්දයි බැනියමයි හෝ  රබර් සෙරෙප්පු දමා ජනයා ‍රැවටීමට ගියේ නැත.

ප්‍රතිරූප කියන්නේ මායාවක් – හද ගැස්ම  කියන්නේ යථාර්ථයක්.

ප්‍රේමදාස  එජාපයේ  ප්‍රතිරූපයකි , නමුත් එජාපයේ හද ගැස්ම  නොවීය . ඩී.එස් , කොතලාවල, ඩඩ්ලි, ජේආර්, ලලිත් , ගාමිනි, රනිල් , රවි  එජාපයේ හද ගැස්ම යයි කිවහොත්  බහුතරයක් මා  සමග එකග වනු ඇත. ඔවුන් එජාපයේ හදගැස්ම වූයේ කුමක් නිසාද යන්න  විමසා බැලිය යුතු කරුනකි.  එය සරල කථාවකි. මොවුන් කිසිවෙකු නළුවන් වූයේ නැත, රඟ පෑවේ නැත. නැන පමනින් මිනිසුන්ට වැඩක් කළේය. ඔවුන් මනා ශික්ෂණයකින් හෙබි පුද්ගලයන් විය . ගලේ කෙටූ අකුරු මෙන් නායකයන්ගේ පරිචය ජන සිත් සතන් තුල තැන්පත් විය.

ගල් ගසන්නේ ඵල ඇති රුකටය

ඩීඑස් ගොවි ජනපද හදන විට ජනයා බිලි දෙන්නේ යයි කීහ. නමුත් ගොවි ජනපද දුන්නේ සහල් පමනක් නොවේ . එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහි මිනිස් දම්වැලක් විය.කොතලාවල විදෙස් ඔත්තුකරුවෙකු යයි කීහ, අද ලංකාවේ ඇති එකම ආරක්ෂක විශ්ව විද්‍යාලය කොතලාවලගේ සංකල්පයකි. ගාමිනි මහවැලිය හදන විට ඔහුට ඔස්ට්‍රේලියාවේ ඇපල් වතු ඇතැයි කීහ. රනිල් කොටින්ට කත් අදින්නේ යයි කීහ .නමුත් එල්.ටී.ටී.ඊ එක දෙකඩ කළේ ඔහුය. රවීට බැංකු හොරා යයි කීහ , ඔහු කැඩූ බැංකුවක් නැත . ඉතිහාසයේ ප්‍රථම වතාවට රු 10000කින් පඩි වැඩි කළේ රවීය.

එජාපයේ ජනමූල නායකයන් කවුද?

ඩී.එස් , කොතලාවල, ඩඩ්ලි, ජේආර්, ලලිත් , ගාමිනි, රනිල් , රවි වැනි මිනිසුන්ට ගහට පොත්ත මෙන් බැඳුණු  හැදියාවක් විය.  දියුණු පෞර්ශයක් විය . හීන මානය නොතිබුනි . පාක්ෂිකයගේ හදවතට දැනුන නායකයන් විය, එජාප ජනමූල නායකයන් විය . ඔවුන්  තනතුරු ලබා ගත්තේ A 4 කොළ වලින් නොව  නොව ජනහදවත් තුලට කිදා බසිමිනි .

මෙවර වැඩිම මනාප ගන්නේ රනිල්ය

මැතිවරණය ගැන අපට කිසිවක් කිව නොහැක .කොරෝනා වෛරසය මුළු ලෝකයම අස්ථාවර කොට ඇත. නමුත් විශ්වාසීව එකක් කිව හැක . යම් මතුදිනක පැවැත්වෙන මැතිවරණයකදී කොළඹ දිස්ත්‍රක්කයෙන් මෙවර වැඩිම මනාප ගන්නේ රනිල්ය , රවීටද නියත ජයක් හිමිය , මක් නිසාදයත් සෑබෑ එජාප පාක්ෂිකයගේ හද ගැස්ම ඔවුන්ය

හදවත් තුල ඔවුන් සදා ජීවමානය

එදා සුද්දන් දේශද්‍රෝහී හංවඩුව ගසා කැප්පෙටිපොළගේ හිස ගසා දැමුවේය, නමුත් වීරනාමාවලියේ ඔහු අදටද ජීව මානය. කොතරම් මඩ ගැසුවද, අපහාස කළද  එජාප නායක රනිල්  සහ උපනායක රවී පාක්ෂික හදවත් තුලින් ඉවත් කළ නොහැක. එජාප පාක්ෂිකයන්ගේ හදවත් තුල ඔවුන් සදා ජීවමානය.