බොර දියේ මාළු බෑම අත්හරිමු – සරුගලයක් නොව නූලක් වෙමු

බොර දියේ මාළු බෑම අත්හරිමු –  සරුගලයක් නොව නූලක් වෙමු cv

පලමු වාරයේ පසැල් නිවාඩුව ලැබුනේ අප්‍රියෙල් මාසයේ මුල් සතියේය. දෙවන වාරය සදහා පාසැල් ආරම්භ කිරීමට නියමිතවතිබුනේ අප්‍රියෙල් මස 22 දිනය . මේ වන විට මැයි මාසයේද අඩක් ගෙවී අවසන්ය. නමුත් පාසැල් අධ්‍යාපනය සම්පූර්නයෙන්ම යථා තත්වයටපත්ව නැත. මේ සම්බන්ධව හමුදා පතිවරයා ප්‍රකාෂ කලේ කිසිදු ආරක්ෂාවක් නොමැති ටියුෂන් පංති වල ලමුන්ගේ කිසිදු අඩුවක්නොමැති වුවද පුළුල් ආරක්ෂාවක් සැපයු පාසැල් වෙත ලමුන් නොයන බවය. මතුපිටින් දකිනවාට වඩා කථාවක් ඇතුලත ඇති බව ඔහු කීවෙය. හමුදාපතිවරයා නොකියා කියුවෙ පාසැල් පැවත්වීම අඩාල කිරීම කුමන්ත්‍රනයක් බවය 

ගුරුවරුන් සහ දෙමාපියන් බිය කරමින් බොර දියේ මාළු බෑම

කුමන්ත්‍රනය පිලිබද යම් අදහසක් දෙමව් පියන්ටද නැත්තේම නොවේ. පාස්කු ප්‍රහාරය දින සිට බොර දියේ මාළු බාන දේශපාලකයන් කලේ ආරක්ෂක තත්වය පිලිබද වාර්තා ඉදිරි පත් කිරීමය .  ඔවුන් අතර ඉදිරියෙන්ම සිටියේ ඉදිරියෙන්ම  සිටියේ   පොහොට්‍ටු  ක්‍රියාකාරීන්ය. විශේෂයෙන් පොදු ජනපෙරමුනේ ප්‍රාදේශීය නියෝජිතයන් ආරක්ෂාව පිලිබදව දැනුවත් කරන මුවාවෙන් කළේ පාසැල් ගුරුවරුන් හා දෙමාපියන් තුල බියක් ඇති කිරීමය. රාජකාරි දුරකථනය යොදා ගනිමින් දවසේ වැඩි මනක් මොවුන් කළේ  මේ කටයුත්තය . සැලසුම් සහගතව ක්‍රියාත්මක වූ එම මෙහෙයුම ආරම්භ කලේ  ඉරිදා සවස් යාමයෙනි, එය සදුදා අගහරුවාදාතෙක්ම මෙහෙය වූහ. මොවුන්ගේ සැලසුම වූයේ  ” මේ සතියත් ගෙදරම හිටපුවාවේ” යන තැනට දෙමාපියන් පත්කිරීමය. 

මේ උන්නන්දුව නායකත්වය එදා තිබුනේ නම්

”හැංගී වෙස් බැන්දත් නටන්නේ එලියේය ” කියා කථාවක් ඇත. අද (21) පොහොට්‍ටු පක්ෂයේ දේශපාලකයන් පාසැල් වලට ගොස් ආරක්ෂාව පිලිබද සොයා බැලීමේ සංදර්ශනයක් වූවෝය . ඇතැම් දේශපාලකයන් කීවේ තමන් පාසැල් වෙත පැමිනියේ ලමුන් දිරි ගැන්වීමට බවය . නමුත් පසුගිය දින ගනනාව තුල ලමුන් පැසැල් නො එන තැනට බිය ගැන්වූයේ මොවුන්මය. කෙසේ නමුත් අද පැවති සංදර්ශනය මෙහෙය වූයේ  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ උපදෙස් අනුවය. ප්‍රධාන නළුවා වූ මහින්ද රාජපක්‍ෂ අද පෙරවරුවේ කොළඹ අවට පාසැල් කිහිපයකට ගොඩ විය. පාස්කු බෝම්බය කියා දුන් පාඩම් බොහෝය .පාස්කු බෝම්බය පිලිබදව දේශපාලකයන් සිටියේ දැනුවත්ව බව රහසක් නොවේ . මේ උන්නන්දුව නායකත්වය එදා තිබුනේ නම් ජීවිත කීයක් බේරා ගත හැකිවනවා නොවේද

පාසැල් යාම ප්‍රතිරූපයක් නොව අවශ්‍යතාවයකි

පසුගිය  දිනවල පසැලකට ලමුන් කිහිප දෙනෙකු පැමිණිය හොත් සමහර ගුරුවරු ” මොකටද පාසැල් ආවේ ” කියා අසන ලද අවස්ථා වාර්තා විය. පාසැල් වැසීම ඔවුන්ට ඉබ්බා දියේ දැමීමක් වූවා විය හැකිය. පසුගිය දශක කිහිපය තුල ත්‍රස්තවාදයෙන් පූර්ණ ලෙස නිදහස්ව පැවති රටක් ලෝකයේ නොමැත .කැමති වුවද අකමැති වුවද ත්‍රස්තවාදයත් සමග උරෙන් උරගැටී ජීවත්වීම ඉදිරි දශකයේද ලෝක යථාර්තය වනු ඇත.පාස්කු බෝම්බය සිවිල් සමාජය උඩු යටිකුරු කල බව සත්‍යකි . පාසැල් යාම ප්‍රතිරූපයක් නොව අවශ්‍යතාවයකි . ජන ජීවිතය අඩාල කිරීමට නොව එය යථා තත්වයට පත් කිරීම සැම පුරවැසියෙකුගේම යුතුකමකි.. ඔබ මේ අවස්තාවෙදී විය යුත්තේ සුලං අතට වැනෙන සරුංගලයක් නොව එය පාලනය කරන නූලය.

By තුෂාරා වන්නිආරච්චි