විදේශ ශ්‍රමිකයන් , ඉතාලි කත සහ අජිත් රෝහන

විදේශ ශ්‍රමිකයන් , ඉතාලි කත සහ අජිත් රෝහන Untitled 2

මැදපෙරදිග ලක්ෂ 6 පමන  ලාංකික පිරිසක් සේවය කරයි. මෙම පිරිසෙන් බහුතරය  ගෘහ සේවිකාවන් සහ ගෘහ රියදුරන් වෙයි. මේ වන විට මැදපෙරදිග භයානක ලෙස  කොරෝනා රෝගය  පැතිර යමින් පවතියි. මැදපෙරදිග සේවය කරන ගෘහ සේවිකාවන්ගේ සහ රියදුරන්ගේ තත්වය භයානක වන්නේ කොරෝනා සීග්‍රයෙන් පැතිරයාම නිසාම නොවේ. යම් හෙයකින් අරාබි හාම් පුතාට හෝ පවුලේ අයෙකුට කොරෝනා වැළදුන හොත් ගෘහ සේවිකාවට සහ රියදුරුට ගැලවුමක් නැත. නියත වශයෙන්ම ඔවුන්ට කොරෝනා බෝ වනු ඇත. ඔවුන්ගේ ගමන් බලපත්‍රය හාම්පුතා සතුවන හෙයින් පලා යාමට හැකියාවක්ද නැත.

අමතන්න ශ්‍රී ලංකා ද්වාරය

ගෝඨාගේ අදහසක් අනුව යයි කියා අද දින විදේශ ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ‘ශ්‍රී ලංකාව අමතන්න’ නමින් පෝට්‍රල් එකක් විවෘත්ත කෙරුනි. ඒ හා සම්බන්ධ වීමට ශ්‍රමිකයන් පෝට්‍රල් එකට තම විස්තර ඇතුල් කළ යුතු වෙයි. මෙම වැඩසටහනේ අරමුණ කෝවිඩ්-19 වසංගතයෙන් අසරණ වන ශ්‍රී ලාංකිකයන්  හා සම්බන්ධ වීම යයි ප්‍රකාශ විය. රජය එවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම හොද දෙයකි . නමුත් මැදපෙරදිග සේවය කරන  බොහොමයක් ගෘහ සේවිකාවන් සහ රියදුරන්ය. ඔවුන් මෙවැනි ප්‍රෝට්‍රල් එකකට අනුගත ගත වේද යන්න  ප්‍රශ්නාර්ථයකි.

අහිංසක ශ්‍රමිකයන්ගෙන් කඩා වඩා ගැනීම

සෑම වසරකම ලක්ෂ 3ක පමන පිරිසක් ‍රැකියා වෙළද පොලට එකතු වෙයි. නමුත් පුද්ගලික අංශයට සහ රජයට  සම්පාදනය කල හැක්කේ ‍රැකියා 25000 පමන වෙයි.මේ හේතුවෙන් සෑම වසරකම දෙලක්ෂ පනස්දහක් පමන ‍රැකියා සොයා විදේශ ගත වෙයි. විශේෂයෙන් මැදපෙරදිග  ‍රැකියා  සම්පාදනයට රජයේ දායකත්වයක් ඇත්තේම නැත කියා කිව හැක. නමුත් රජය ‘බියුරෝ චාජස්’ ලෙස විශාල මුදලක් අයකරයි . කිසිවක් නොකර ශ්‍රමිකයෙකුගෙන් රු 20000 පමන කඩා වඩා ගන්නා  රජය අඩුම තරමින් ඔවුන්ගේ වත ගොත පිළිබද ඩේටා බේස් එකක් පවත්වා ගත යුතු නොවේද ?

මැද පෙරදිග අණතුරුදායක කලාපයකි

මැදපෙරදිග වැසියන්ගේ අන්තර් ජාල භාවිතය 97% වැනි ඉහල අගයකි. මැදපෙරදිග ලොක් ඩවුන් කොට තිබුනද ආහාර පාන වල සිට විදුලි උපකරණ දක්වා  මිලියන ගණන් අන්තර්ජාල ගණුදෙණු සිදුවෙයි. එම භාන්ඩ නිවාස වෙත ප්‍රවහනය කළ යුතු වෙයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙවැනි භාන්ඩ ප්‍රවාහනය සහ බාරදීමේ කාර්යෙහි නියලී සිටියි. කොරෝනා වැළඳීමේ ඉහල අවධානමක් මොවුන් සතුය.දැනටමත් මැද පෙරදිග සැලකිව යුතු පිරිසක් කොරෝනා වැලදී රෝහල් ගතව ඇත. ලංකාවේ ඩොලර් බිලියන  දොලහක් පමන වන වෙළද හිගය පියවීමට බිලියන 8ක් සොයා දෙන්නේ විදේශ ශ්‍රමිකයන්ය. නමුත් ඔවුන් කරණ සේවයට නිසි ඇගයීමක් ලැබෙනවාද යන්න ප්‍රශ්නාර්ථයකි.

ඉතාලි කථාව සහ අජිත් රෝහන

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග විදේශ ගත ශ්‍රමිකයන් අසරණ වී ඇත. ඒ නිසාම අද ඔවුන් කරන කියන දෑ හැගීම් බර වී ඇත . ඉතාලි කථාවකින් පොටක් පාදා ගත්  අජිත් රෝහන  කැප්පෙටිපොල නිලමේ තුමාටත් එහා ගිය විරුවෙක් වීමට දගලන හැටි දැකිය හැකි විය. ඉතාලි  කාන්තාව කථා කල වචන  අනිසි බව අවිවාදිතය. කිසිවෙකු පන්සලේ ඝාන්ඨාරය ගැසූ විට  විමසිය යුත්තේ ඝාන්ඨාරය ගැහුවේ කවුද කියා නොව ගැහුවෙ මන්ද කියාය. අද ඉතාලිය එකම මල ගෙයකි. ඉතාලි කාන්තාව අජිත් රෝහනට දුන්නේ සරළ පනිවිඩයකි ‘” ඔයා ගෝඨායි ආන්ඩුවයි අප්  කරන්ඩ, නමුත් ඒකට ඉතාලිය ගාව ගන්ඩ එපා ” යන  මතක් කිරීමය.

කවුරුන් කෙසේ කීවද කීමට ඇත්තේ  මෙපමනකි. මාධ්‍ය සංදර්ශන පුස් වීරයන්ට වඩා වෛද්‍යවරුන්, රෝහල් සේවකයන් , රෝහල් හදන සෙබලුන් , මෙරට විදේශ විනිමය එවන ශ්‍රමිකයන් විරුවන්ය. නරි , සිංහ හම් පොරවා ගත්තද සතා කවුද හදුනා ගැනීමේ ඉවක් ජනයා සතු විය යුතුය.

One thought on “විදේශ ශ්‍රමිකයන් , ඉතාලි කත සහ අජිත් රෝහන

  1. මදුකා

    - Edit

    ඉතාලි කතගේ ආවේගශීලි බව සහ පුකාශ කල අයුරැ හෙලා දකිමි ඒත් යම්කිසි පනිවිඩයක් ඒ තුල ඇතිිිබව තේරැම් ගැනීමට උත්සහ කල යුතුයි මෙවන් මොහොතක කිසිම කෙනෙකු උලුප්පා කතා කිරිම සහ තවත් රටක් හෙලාදමා කතා කල නොයුතුව තිබුනි මන්ද යත් මෙය පාර්ශ්වයන් දෙකක් අතර පවතින යුද්දයක් නොවන බව සහ මෙය සොබාදහමත් සමග ගැටෙන යුද්ධයක් බව මතක තබා ගත යුතුයි

Comments are closed.