ඉතාලිය දුර නොවේ – විය හැකි නරකම තත්වයට ( worst-case scenario) සූදානම් වෙමු

ඉතාලිය දුර නොවේ  – විය හැකි නරකම තත්වයට ( worst-case scenario) සූදානම් වෙමු image 7

හමුදාපති වරු ,පොලිස්පතිවරු යනු බුද්ධිය මෙහෙයවා සැලසුම් හදන, ඒවා ක්‍රියාත්මක කරන සහ අධීක්ෂණය කරන පිරිසකි. නමුත් ලංකාවේ හමුදාපතිලා , පොලිස්පතිලා හුදු කථා පෙට්ටි බවට පත්ව ඇත. එම තත්වයට රටේ සියළු මාධ්‍ය ආයතන වග කිවයුතුය , එමෙන්ම වොයිස්කට් වීරයන්ට ආවඩන පුරවැසින්ද ලග එන විනාශයට වග කිව යුතුය.

කෙසේ වුවද මෙකී වොයිස් කට් වීරයන්ගේ කථා තව දින කිහිපයකින් අවසන් වනු ඇත. මක්නිසාදයත් දහස් ගනනින් රෝගීන් සිය ගනනින් මරණ වාර්තා වීම තව නොබෝ දිනකින් ආරම්භ වනු ඇත.  එම  තත්වයට මුහුන දීමට රජය  විශේෂ යාත්‍රණයක් සකස් කළ යුතුව ඇත.මෙම ලිපිය ඒ වෙනුවෙනි

  1. අත්‍යවශ්‍ය සේවා සහ ජීවිත ආරක්ෂා කිරීමේ කාර්ය ඉ‍ටු කිරීම හමුදාවට තනිව කළ නොහැක. එකී කාර්ය ඉ‍ටු කිරීමට කැමති   සිවිල්  පුද්ගලයන් හමුදාවට බඳවා ගත යුතුය ( ස්වේච්ඡා පදනම යටතේ) කොරෝනා උවදුර මැඩපවත්වන තෙන් ඔවුන්ට  හමුදා කඳවුරු වල හෝ සේෆ් හවුස් වල නවාතැන් ලබා දිය යුතුය
  2. සෑම හමුදා කඳවුරකම ඇති Non public fund වල ඇති මුදල් , භාන්ඩ හා සේවා නීෂ්පාදනය සහ බෙදා හැරීමේ කාර්ය සදහා සදහා යෙදවිය යුතුය.
  3. කුලී පදනම මත සිවිල් වාහන ලබාගත යුතුය, එවා භාන්ඩ හා සේවා බෙදාහැරීම සදහා යොදා ගත යුතුය   
  4. බඩු මිලදී ගැනීමේදී කාඩ් වලින් ගෙවීම් කිරීමට පහසුකම් සැපයිය යුතුය
  5. කැමති පුද්ගලයන්ට කාඩ්පත හරහා මුදල් පරිත්‍යාග කිරීමට ඉඩ සැලසිය යුතුය (කොරෝනා සහන අරමුදලට)
  6. නවීන (POS)  මෘදුකාංගයක් හරහා  ගනුදෙනු ගිණුම් ගත කල යුතුය, විගණනය කළ යුතුය
  7. මිනිසුන්ගේ දුක් ගැනවිලි යොමු කිරීමට පැය විසි හතර පුරා විවෘත්ත මැඳිරියක් ස්ථාපිත කළ යුතුය.
  8. දුක් ගැනවිලි වලට ක්ෂකික ප්‍රතිචාර දැක්වීමට ‍රැපිඩ් ටාස්ක් ෆොස් ( Rapid task force)  එකක් ස්ථාපිත කළ යුතුය
  9. අත්‍යවශ්‍ය  ආහාර නොමිලේ ලබා දිය යුතු පවුල් හදුනා ගැනීමට නිසි ක්‍රම වේදයක් සැකසිය යුතුය
  10. අසරණ පවුල් වලට නොමිලේ ආහාර පාන ලබා දිය  යුතුය ( නිවසටම ගොස් බාර දිය යුතුය )
  11. මිලිටරිය පිම්බීම වෙනුවට සෞඛ්‍ය සේවයේ චිත්ත ධෛර්ය වැඩි කරන කැම්පේන් එකක් වහාම ආරම්භ  කළ යුතුය
  12. හමුදාපති, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නාලිකා වල කථා පැවැත්වීම වෙනුවට ඉහත රාජකාරීන් ක්‍රියාත්මක කිරීම භාර කළ යුතුය .