කිරි කලේට ගොම එපා , ‘පොලිස් මිතුරෝ’ ශවේන්ද්‍රට අවවාද කරයි

කිරි කලේට ගොම එපා , ‘පොලිස් මිතුරෝ’ ශවේන්ද්‍රට අවවාද කරයි image 5

හලාවත ඉරණවිල “ඇමරිකන් හඬ” සම්ප්‍රේශණ මධ්‍යස්ථානය COVID-19 රොහලක් බවට පත් කොට විවෘත්ත කිරීම අද දින උත්සවා කාරයෙන්  පැවත්විය.  මෙම මහා මංගල්‍යට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ  යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා  ඇතුළු විශාල පිරිසක් සහභාගි විය .රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති මොහොතක මෙවැනි උත්සවයක් පැවැත්වීම පිළිබදව ඇතෙමෙක් චෝදනා මුඛයෙන් කථා කරන අයුරු දැකිය හැකි විය. ලංකාවේ අතිශය ජනප්‍රිය  ” පොලිස් මිතුරෝ”  වෙබ් පි‍ටුව මෙම උත්සවය පිළිබදව පල කළ අදහස පහත පරිදිය.

හමුදාපති තුමනි කිරි කලේට ගොම එපා.. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල අපි කියල දෙන්න ඕනේ නැහැ නේද?

හමුදාපති තුමනි.. , මේ උත්සවය නම් පට්ට ගොං …පවිත්රලා, අරුන්දිකල, සනත් ලා වගේ ගොබ්බ තකතීරු මෝඩ දේශපාලකයෝ කරන ගොං වැඩ වලට ඔබ තුමාවත් අල්ල ගත්ත එක ගැන කනගාටුයි.. අනිල් ජාසින්හත් ඉන්නවා…කෝ මෙතන මීටරේ? සෝෂල් ඩිස්ටන්සින් ?
මෙතන ඉන්න එකෙකුටවත් වෛරස් එක නැහැ කියල ෂුවර්ද?මේ වගේම වැඩක් මුස්ලිම් ජාතිකයෝ ටිකක් පල්ලියක කළා නම් කොහොමද? බක් පෝයට පන්සල් ගියාමයි , සිකුරාදාට පල්ලි ගියාමයි, පොලට සුපර් මාර්කට් එකට යන අහිංසක මිනිස්සුන්ටයි විතරද කොරෝනා හැදෙන්නේ… ? මෙතනත් බලන්න අර මුසම්මිල් කියන බුරුව දාගෙන ඉන්න මාස්ක් එකේ ඉස්සරහ පැත්ත අත ගානවා… මුන් වගේ මෝඩ රැලක් එක්ක ඔබ තුමා ගිහිල්ල අසනීපයක් හදාගත්තොත් මොකද වෙන්නේ?

ඉරනවිල රෝහල ඇඳන් 40 කින් සමන්විත එකකි. මීට දින කිහිපයකට පෙර ලන්ඩන් නුවර පිහිටි ලොව සුපතල එක්සෙල් ප්‍රදර්ශණ සහ සම්මේලන මධ්‍යස්ථානය කෝවිඩ් රෝහලක් බවට පත් කළේය. එය ඇඳන් 4000කින් සමන්විත රෝහලකි . නමුත් එංගලන්තය රජය  විවෘත්ත කිරීමේ උත්සව පැවැත්වූයේ නැත.  දේශපාලකයන්ට ආවැඩුවේ නැත, හමුදාපති පිම්ඹුවේ නැත. චාල්ස් කුමරු  දින 9 ක් තුල  ප්‍රදර්ශණ  ශාලාවක්  රෝහලක් බවට පත් කීරීමට දායක වූ සැමට ස්තූති කලේය. චාල්ස් කුමරු ඔවුන්ට ස්තූති කෙළේ අන්තර් ජාලය හා සම්බන්ධ වෙමිනි.(East London’s ExCeL exhibition centre, which normally plays host to lifestyle shows, expos and conferences, has been converted into the temporary NHS Nightingale hospital, with space for 4,000 beds.)

නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක්ට තනතුර අහිමි වූයේ සමාජ දුරස්ථභාවයට අදාළ නීති කඩ කිරීම නිසාය. ඉරණවිල විවෘත්ත කිරීමේ උත්සවයක් පවත්වමින් රාජ්‍ය නිළධාරීන් සහ මැති ඇමතිවරුන් සමාජ දුරස්තභාවය පිළිබද නීති කඩ කොට ඇත. නීතිය යනු සැමට ඉහලින් ක්‍රියාත්මක විය යුතු අධිකාරියකි. මෙම සිද්ධිය පාදක කර ගනිමින් පවිත්‍රාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඕනෑම සිවිල් පුරවැසියෙකුට අධිකරණය වෙත යා හැක.මෙහි ඇති ඡායා රූප ඊට සාක්ෂිය , ඒවා පවිත්‍රා වන්නිආරචිගේ මුහුනු පොතෙන් ගත් ඒවාය. පවිත්‍රා මීට පෙර පැවැත්වූ ටිකට් කැපීමේ මගල්‍යයද ජනතා අප්‍රසාදයට ලක් විය

සෞඛ්‍ය ඇමති තුමියනි, හමුදාපති තුමනි ! කොරෝනා යනු ප්‍රතිශක්තීකරණය සහ වෛරසය අතර සටනකි. වෛරසය පරාජය කිරීමට මිනිසුන් සෞඛ්‍ය සම්පන්න විය යුතුය.නමුත් ලංකාවේ මිනුසුන් බොහොමයකට හරියට කෑම් බීමක් නැත.. ගොවියාට නිෂ්පාදනය අලෙවි කර ගත නොහැක, ධීවරයාට මාළු ටික විකුණාගත නොහැක. රෝහල් වල තියා ෆාමසි වල වත් ඖෂධ නැත .මේ දුෂ්කර අවස්ථාවේදී   පුහු ආටෝප පසෙක දමා දැවෙන ප්‍රශ්න වලට පිලියම් දෙන්නේ නම් මැනෙවි

කිරි කලේට ගොම එපා , ‘පොලිස් මිතුරෝ’ ශවේන්ද්‍රට අවවාද කරයි image 3