රට උඩු යටිකුරු කරවන තීන්දුවක් අත ලග

රට උඩු යටිකුරු කරවන තීන්දුවක් අත ලග image 6

මේ දිනවල පවතින ඇඳිරි නීතිය හමුවේ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ ඔස්සේ නිසි ලෙස බෙදානොහැරෙන තත්වයක් මතුවී තිබේ. රටක ආහාර සුරක්ෂිතතාවය ඇති කළ යුත්තේ රජය බවත් එය පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ වගකීමක් නොවන බව කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරලේආරච්චි අවධාරණය කරයි. එම වාර්තාවේ සිංහළ පරිවර්තනය පහත පරිදිය

1. කියවන්න,
2. ඔබ දැනුවත් වන්න
3. එයට අදාල රාජ්‍ය අංශ දැනුවත් කරන්න

ජාතික ආහාර ගබඩා කිරිම (ජාතික ආහාර බැංකු සංකල්පය)

1. ආහාර ගබඩා සඳහා රාජ්‍යය තන්ත්‍රයෙහි දායකත්වය – රට පුරා ස්ථාපිත කරන ලද ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩා සංකීර්ණය පදනම් කරගෙනය.

2. මෙම අධ්‍යයනය කරන සමයේදී ලංකාවේ ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩා 145 ක් තිබුණු අතර ගබඩා කිරීමේ ධාරිතාවය මෙට්‍රික්ටොන් තුන් ලක්ෂ පනස් දහසක් (350000 MT) විය

 මාගේ මේ පර්යේෂණය සිදුකරන කාලසීමාවේදී බැංකු ක්ෂේත්‍රයේ මෙන්ම පාරිභෝගික අමාත්‍යාංශයේ නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයට ලක් කරන ලදී එහිදී මට දැනගැනීමට ලැබුනේ බැංකු ක්ෂේත්‍රයේ මූල්‍ය පාලනය හුදෙක්ම කෘෂිකර්මය හා බැඳී ඇති ක්ෂේත්‍රයක් බවයි.ඔබ දන්නෙහිද, බැංකුවක ස්ථිර තැන්පතුවක පොලිය කල් පිරෙනුයේ මාස තුනකට පසුව බව. බෝග වගාවක් කොට එහි අස්වැන්න නෙළා ගැනීමට අවම වශයෙන්  මාස තුනක්වත් කල් ගත වන බැවිනි.

 නමුත් අද අප බැංකු ක්ෂේත්‍රයේ ආයෝජනයක් කරනුයේ හුදෙක්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයෙන් බැහැරවයි.ඉතින් අපි කොහොමද ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය සහ ඊට සෘජුව සම්බන්ධ වී සිටින ගොවිජන ප්‍රජාව සුරකින්නෙ???

 ගොවීන්ට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කිරීමට අපොහොසත් වන්නේ ද ඊට නිසි ක්‍රමවේදයක් රජය විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත්තේද පාරිභෝගිකයා සහ ගොවියා අතර මුල්‍යමය ගනුදෙනුව සෘජුවම බැංකු ක්ෂේත්‍රය හරහා නොතිබීමයි.මෙහිදී අතරමැදියා රාජ්‍යය අංශය හෝ පෞද්ගලික අංශය විය හැක

 නිර්දේශයන්ට අනුකූලව පහත යෝජනා ඉදිරිපත් කළෙමි.

• ආහාර බැංකු පිහිටුවීම

• ආහාර ගිණුම් පවත්වාගෙන යෑම

• එහිදී ආහාර ස්ථිර තැන්පතු, ආහාර ඉතිරි කිරීමේ තැන්පතු ඔබගේ අතේ ඇති මුදල් ප්‍රමාණය අනුව පවත්වාගෙන යා හැකිය

• ගිණුම් හිමියන්ට ආහාර ණය ලබා ගැනීමට ද හැකියාව ලැබේ

• මෙය පළමුවන අදියරේ දී ශ්‍රී-ලාංකිකයන්ටද දෙවන අදියරේ දී විදේශිකයන් හට ද අවස්ථාව ලබා දෙනු ලැබේ.

• ජාතික ආහාර බැංකු පද්ධතියේ ගබඩා කිරිම සිදුකරනු ලබනුයේ රට පුරා ස්ථාපිත කරන ලද ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩා සංකීර්ණය පදනම් කරගෙනය.

• මෙහිදී වැදගත් කරුණක් වනුයේ සහල් කිලෝ එකක් (1 Kg) අවුරුද්දක් ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩාවක තැන්පත් කිරීමට 2010 වර්ෂයේ දී වැය වූ මුදල සත අසූවකටත් වඩා අඩුය (රු, 0.80).

• එම මුදල වැය වනුයේ ගබඩා කර ඇති වී කෘමීන්ගෙන් ආරක්ෂා කිරීමට ධූමායන කටයුතු ඇතුළු අනෙකුත් නඩත්තු කිරීම සඳහාය.

රට උඩු යටිකුරු කරවන තීන්දුවක් අත ලග u4
රට උඩු යටිකුරු කරවන තීන්දුවක් අත ලග Untitled 6
රට උඩු යටිකුරු කරවන තීන්දුවක් අත ලග 09233823gossiplanka