කොරෝනා ඇණ ගැනීම ගැන චම්පික කී අපූරු කථාව

කොරෝනා ඇණ ගැනීම ගැන චම්පික කී අපූරු කථාව image 10

කොරෝනා අර්බුදය ගැන සාකච්ඡා  කිරීමට එජාපයට විශේෂ ආරාධනාවක් ලැබුනි. එහිදී රනිල් – රවි ඉදිරි පත් කළ යෝජනා  ගෝඨාගේ ප්‍රසංශාවට ලක් විය. එජාපයට හිමි වූ ප්‍රසාදය ගැන කලබල වූ සජිත් පහර පිට පහර එල්ල කළේය. කුඹුරු ගොඩ කිරීම ගැන කථාවක් විකෘති කොට  රනිල්ට පහර දුන්නේය. ඉල්ලුම සැපයුම න්‍යාය පැහැදිලි කරන වීඩියෝවක් විකෘති කොට රවීට පහර දුන්නේය. රනිල්- රවි ජාතික ආන්ඩුවකට යන්නේ යැයි අතේ රෝලක් ජන ගත කලේය.

සජබ පිලට  ආරාධනා නොකිරීම  ඇ‍ඟෙන් ඇටයක් අඩු වූ සෙයකින් සජිත්ට දැනුනි. සාකච්ඡාවක්  සදහා තමාට වාරයක් ඉල්ලා පනිවිඩ පිට පනිවිඩ යැව්වේය. අවසානයේ  සජිත්ටද ඉඩක්  ලැබුණි. ඒ අනුව පී අජිත් ඇතුලු  9 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ජනාධිපති ලේකම් කාර්යාලයට යැවීය. නමුත් අනුමැතිය හිමිවූයේ දෙදෙනෙකු සදහා පමනි. ඒ අනුව සජිත් සහ රංජිත් මද්දුම බන්ඩාර සාකච්ඡාවට ගියේය.  

කොරෝනා උවදුර ගැන දත්ත ඉදිරිපත් කිරීම සහ විශ්ලේණය අතින් ඉදිරියෙන්ම සිටින්නේ චම්පික යයි කීම බොරු නොවේ. චම්පික සමාජ ජාලා වෙත මුදා හරින හර බර ලිපි ලක්ෂ ගනනක් ජනයා අතර සංසරණය වී ඇත. කරුණු එසේ වුවද කුහක සජිත් ,  කොරෝනා කළමනාකරණය පිලිබද සාකච්ඡාවට චම්පිකගේ නම යෝජනා නොකළේය.


සාකච්ඡාව අතර තුර සජිත්ගෙන් දිස්වූයේ අදහස් ඉදිරිපත් කරන්නෙකුගේ ස්වභාවයක් නොව සභාවේ සිදු වන දෑ ” නෝට් ඩවුන් ” කොට ඒවා ක්‍රියාවට නගන ජනපතිවරයාගේ භූමිකාවය. ගෝලීය වසංගත ගැන  රංජිත් මද්දුම බන්ඩාර  අන්දොසංසාරයක්  නොදත්තේය. සභාවේ නින්ද යාම වලක්වා ගැනීමට ඔහු දැරූ උත්සාහය කාගේත් පැසසුමට ලක් විය.

සභාවේ  කරන කියන සියල්ල  ලියමින් කොරෝනා කළමනාකරණයේ පරම වගකීම තමන් සතු ලෙසින් හැසිරුන සජිත් දෙකේ කොළයෙන් කපා දැමීමට මහින්ද සමත් විය .‘අපි කෝරෝන මර්ධනයට  විශාල කාර්‍යයක් කරනවා… ඔයාලා විවේචනය කරනවා විතරයි..!” මහින්ද කීවේය. හරසුන් ලියන්නා මහින්ද එල්ල කළ පහරින් නොකවුට් විය.

සජිත් ‘මං පොර’ මන්ද මානසික ව්‍යාධියෙන් පෙලෙන්නෙකි . කොරෝනා කළමනාකරන සාකච්ඡාවේදී අවඥාවට ලක් වූ සජිත් පසුදා උදෑසනම ජනපතිට කථා කළේය. සජිත් ගෝඨාට කථා කළේ උපදෙස් දීමටය. රටේ පවතින ව්‍යසන තත්වය සලකා  සියලු දෙනාටම ඇහුම්කන් දෙන නමුත් තමන්ට සජිත්ගේ උපදෙස් අවශ්‍ය  නොවන බව ගෝඨා කෙලින්ම කියුවේය.

ගෝලීය ලෝකය සහ කොරෝනා ගැන හර බරව විශ්ලේෂනය කරන චම්පික සාකච්ඡාවට  නොයෑම සහ සජිත්ගේ ඇණ ගැනීම ගැන හිතවෙතෙකු  චම්පිකගෙන් විමසුවේය. චම්පික  පලමු ප්‍රශ්නයට පිළිතුරක් නොදුන්නද දෙවැන්නට අපූරු කථාවක් කීවේය.  ”එළහරක කෝ‍ටු පාරක් කෑවම ඌ දන්නව යන්ඩ ඕනෑ පාර, නමුත් මී හරකා එහෙම නෑ”  සජිත්ගේ ඇණ ගැනීම චම්පික දු‍ටුවේ එලෙසිනි