රන්ජන්ගේ ගැටයට අසු වූ පොලීසිය – ඇත්ත කථාව මෙන්න

රන්ජන්ගේ ගැටයට අසු වූ පොලීසිය – ඇත්ත කථාව මෙන්න image 11

කොරෝනා මේ වන විට සමස්ථ ලෝකය උඩු යටිකුරු කොට ඇත. සෑම රටක්ම කොරෝනා සමග සටනක නියලී සිටියි. කොරෝනා සටනේ  වීරයන් වෛද්‍යවරුන්  ඇතුළු සෞඛ්‍ය සේවයේ නියුතු පුද්ගලයන් බව අවිවාදිතය. නමුත් මෙසිරි ලංකාවේ තත්වය ඊට හාත්පසින් වෙනස්ය.   බොහෝ දෙනෙකුට  කොරෝනා සටනේ වීරයන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ හමුදාපතිය. දින කිහිපයක් ගත වෙත්ම එම තත්වයද වෙනස් විය. හමුදාපති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පරයා රන්ජන් සහ තෙවරප්පෙරුම හිට් විය.

රංජා සහ තෙවරප්පෙරුම එක ‍රැයකින් හිට් වුවද ජනප්‍රියතාවය රදවා ගැනීම ඔවුන් මුහුණ දුන් අභියෝගය විය. රන්ජන්  වියලි සලාක බෙදූ බව ඇත්තය . රන්ජන්ම කියන පරිදි ඔහු දුප්පතෙකි.  වියලි ආහාර බෙදුවේ තම  මුදල් වලින් නොව දානපතියන් කිහිප දෙනෙකුගෙන් ලද  පරිත්‍යාග වලිනි.නමුත් ඉල්ලුමට සරිලන පරිදි බෙදීමට පරිත්‍යාග ලැබුනේ නැත. ඇත්ත කථාව නොකියා දුප්පතුන්ට මදි නොකියන්න  ආහාර  බෙදන සෙයක්  රටට පෙන්වූයේය.

රන්ජන්ට එම නාටකය දිවිය හැකි වූයේ දින කිහිපයකි. වියලි සලාක ඉල්ලා හතර අතින් දුරකථන ඇමතුම් ලබුනු  අතර බෙදීමට බඩු නොතිබුනි. තමා සන්තකයේ ඉතිරි වූ බඩු ටික ප්‍රදර්ශණයට සීමා කොට බඩු බෙදීම නවතා දැමුවේය. ආහාර ඉල්ලා හඬා වැටෙන අහිංසකයන්ට අමු කෙබරයක් කීවේය .ආන්ඩුවෙන් තමාට හිරිහැර කරන බවත් ආහාර බෙදීමට පොලීසිය බාදා කරන බව ජනයාට කීවේය.

රන්ජන්ගේ කථාව  ජනයා විශ්වාස නොකළේය. එන පොට හොද නැති බව තේරුම් ගත් රන්ජන්  පිටපත වෙනස් කළේය . පොලීසියත් සමග ගැ‍ටුමක් ඇති කරගෙන අත් අඩංගුවට පත් වී වීරයෙකු වීමට සැලසුම් කළේය. ඇඳිරි නීතිය පවතින අවස්ථාවක වාහන පරීක්ෂා කිරිම පොලීසිය හමුවේ අත්හල නොහැකි වගකීමකි. පොලීසිය සිය මූලික රාජකාරිය ඉ‍ටු කරන විට රන්ජන් ඉතා ශූක්ෂමව  ගැ‍ටුමකට ගියේය.රන්ජන් අත්අඩගුවට ගත්තා නොව ගන්නා තැනට ඔහු විසින්ම වැඩ සිද්ධ කළේය.

බුකියේ නොපෙන්වුවද බොහෝ දෙනෙක් මුල්වටයේ බෙදුවේ රවී කරුණානායක ලබාදුන් වියලි ආහාරය. පසුගිය දිනෙක රවීට කථා කළ තෙවරප්පෙරුම තමා සතු සියළු දේ බෙදා අවසන් බව කීවේය. කළුතර දිස්ත්‍රිකයට වඩා කොළඹ ජනයා  අසරණ වී ඇති බවත් තව දුරටත් කළුතරට ආහාර ලබා දීම දුෂ්කර බව රවි කීවේය. අවසන් දින කිහිපය වන විට බෙදීමට ආහාර තෙවරප්පෙරුම සතු නොවුනි. නමුත් ඒ බව ජනයාට කීවේ නැත, ආහාර බෙදීමට පොලීසිය බාදා කරන බව ජනයාට කීවේය. තෙවරප්පෙරුම- පොලිස් ගැ‍ටුමද නාටකයකි.

ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන ආයතන අතර ව්‍යවස්ථාදායකය නොහොත් පාර්ලීමෙන්තු මන්ත්‍රීන් ජනයාට වඩාත් සමීප ආයතනය වෙයි. ජනයා සමග සිටිමින් ඔවුන් ගේ සුභසාදනයට අදාල නීති සම්පාදනය ඔවුන්ගේ වගකීම වෙයි. උදාහරණයක් ලෙස ගතහොත්, කප්රුක ආයතනය වැඩි මිලට භාන්ඩ විකුනන විට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි වූයේ රවි කරුණානායක පාර්ලීමේන්තු පනතකින් පිහිටවූ පාරිබෝගික ආරක්ෂණ අධිකාරිය නිසාය. පාර්ලීමෙන්තු නියොජිතයන් සිටින්නේ ව්‍යවසන තත්වයකදී මුට්ට කරගැසීමට නොව එවැනි තත්වයකදී ජනතාව ආරක්ෂා කිරීමට අදාල නීති සම්පාදනය කිරීමටය.

දුෂ්කර අවස්ථාවෙදී රන්ජන් සහ තෙවරප්පෙරුම වියළි අහාර සහ පිසින ලද ආහාර බෙදමින් අසරණ වූවන්ට පිහිට වූ බව අවිවාදිතය. නමුත් ව්‍යවසනකාරී තත්වයක්දී අසරණයන් රැක බලා ගැනීම පාලකයාගේ (ජනපතිගේ) වගකීම මිස ව්‍යවස්ථාදායකයේ වගකීම නොවේ.රාජ්‍ය සේවය සහ කැබිනට් මණ්ඩලය විධායකය සතු වන්නේ එබැවිනි. එනම් පවතින යාන්ත්‍රණය හරහා ජනයාගේ සුභසාදනය සහතික කිරීම පාලකයාගේ වගකීම වෙයි. එවැනි යාන්ත්‍රණයක් නොමැති නම් ඊට අදාල නීති සම්පාදනය කිරීම රංජා තෙවා ඇතුළු ව්‍යවස්ථාදායකයේ වගකීම වෙයි.