freshcart.lk ඔන් ලයින් හොරාගෙන් ප්‍රවේසම් වන්න – මහජනතාව වෙත කෙරෙන දැනුම්දීමයි..!

freshcart.lk ඔන් ලයින් හොරාගෙන් ප්‍රවේසම් වන්න – මහජනතාව වෙත කෙරෙන දැනුම්දීමයි..! image 13

උද්ගත වී වසංගත තත්වය නිසා බෙහොමයක් දෙනා අන්තර්ජාලය හරහා භාන්ඩ මිලදී ගැනීමට පෙලබී සිටියි. මෙය අවස්ථාවක් කර ගනිමින් ඇතැම් ආයතන ජනතාව රවටමින් මුදල් ඉපයීමේ කාර්යයෙහි නිරත වන බව පාරිබෝගික ආරක්ෂණ අධිකාරියට ප්‍රකාශ කරයි.


මේ වන විට freshcart.lk ආයතනය සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් පාරිබෝගික ආරක්ෂණ අධිකාරියට ලැබී ඇති අතර ඒ අනූව වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් අද (15) උදෑසන එම ආයතනය වටලා ඇත. කඩුවෙල පිහිටි ඔවුන්ගේ ලිපිනය ව්‍යාජ එකක් බව තහවුරු වී ඇති අතර, එම ආයතනයේ වාහනයක් මාර්ගයෙන් අදාළ නිවැරදි ලිපිනය සොයා ගෙන ඇත


මොවුන් විශාල ලෙස අන්තර් ජාලය හරහා මුදල් ලබා ගෙන ඇති නමුත් පාරිබොගිකයන් වෙත අදාල භාන්ඩ ලබා දී නැත,තවද ඔවුන්ගේ සියලුම භාණ්ඩ අනුමත මිලට වඩා වැඩියෙන් අලෙවි කොට ඇත. ඇතැම් ආහාර ද්‍රව්‍ය කල්ඉකුත් වී ඇත. අදාළ පුද්ගලයන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිත බව පාරිබෝගික ආරක්ෂණ අධිකාරිය පවසයි.

freshcart.lk ඔන් ලයින් හොරාගෙන් ප්‍රවේසම් වන්න – මහජනතාව වෙත කෙරෙන දැනුම්දීමයි..! image 15