මැතිවරණය මැයි 23 ? පක්ෂ නියෝජිත සමුළුව අද හෙටම

මැතිවරණය මැයි  23 ?  පක්ෂ නියෝජිත සමුළුව අද හෙටම image 18

ජනතාව නිවෙස්වලට වී සිටින මොහොතක මැතිවරණයක් පවත්වන ආකාරය රජය සැලසුම් කරමින් සිටියි. මැතිවරණ ප්‍රචාරක  කටයුතු වලදී සහ මැතිවරණය පැවැත්වීමට අදාල  සෞඛ්‍ය  නිර්නායක මේ වන විට සකසා අවසන් බව අපට වාර්තා වී ඇත. මැතිවරණය මැයි මස 23 දින පැවැත්වීමට යන බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කර සිටියි

‍රැස්වීම් සීමා කිරීමටත්, ගෙන් ගෙට යාම  සෞඛ්‍ය නිර්නායක වලට යටත් කිරීමටත්, වැඩිවශයෙන් ඩිජිටල් සන්නිවේදනය යොදා ගැනීමටත් නියමිත බව වාර්තා වෙයි. පසු ගිය දින කිහිපය තුල ආණ්ඩුවේ මැතිවරණ සූදානම සම්බන්ධයෙන් විපක්ෂයේ නියෝජිතයන් කිහිපදෙනකුම මැකෝ ගෙන් විමසා ඇත. ජනපතිගේ ගැසට් නිවේදනයට අනුකූලව මැතිවරණය පැවැත්විය යුතු හෙයින්  සෞඛ්‍ය සහ ආරක්ෂක බලධාරීන්ගේ නිර්දේශ වලට යටත්ව මැතිවරණය පැවැත්වීමට තමා සූදානම් බව මැකෝ ප්‍රකාශ කර ඇත

මේ අතර මහමැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා පක්ෂ නියෝජිතයන්ගේ හමුවක් කැදවන ලෙස එජාප උප නායක රවී කරුණානායක මැකෝ වෙත ලිපියක් ‌යොමු කර ඇත. මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් එජාපයට ගැටලුවක් ‌නොමැති නමුත් පවතින වාතාවරණය යටතේ ගැටලු කිහිපයක් පිළිබද සාකච්ජා කළ යුතු බව රවි සිය ලිපිය මගින් දැනුම් දී ඇත.මැතිවරණය ලග එන බවට ඉඟියක් දෙමින් ඉදිරි දින කිහිපය ඇතුළත තවත් සීමාකිරීම් රැසක් ඉවත් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටියි.