
කුවෙට් රටේ ලංකා තානාපති කාර්යාලය ඉදිරි ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් විරෝධාතායක නියලෙන බව සමාජ ජාලා ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කොට ඇත.ශ්‍රී ලාංකිකයන් එම්බසිය වෙත පැමින ඇත්තේ කුවේට් අභන්තර කටයුතු ඒකකය ( MOI) ලබා දුන් උපදේශන වලට අනුව තාවකාලික පාස්පොර්ට් එකක් ලබා ගැනීමටය. ලංකා එම්බසිය වගකීම් විරහිතව කටයුතු කරන බව එහි සිටින ශ්‍රී ලංකිකයන් ප්‍රකාශ කරයි. පසුගිය දින වලදී ඉන්දීය සහ ඊජිපතු තානාපති කාර්යාල සිය වැසියන් යලි ගෙන්වා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු සියල්ල ප්රශස්ත ලෙස ඉටු කරන අයුරු දැක ගත හැකිවිය.
https://www.facebook.com/watch/?v=236138147735217



මේ අතර බහරේන් රටේ පිහිටි ලංකා තානාපති කාර්යාලයට විරෝධය පල කරන පෝස්ට නිරන්තරව නිකුත් වෙමින් පවතියි.