ජෙප්පන් සහ ටොබයියන් කියවිය යුතුම ඩොලර් මල්ලේ කථාව

ජෙප්පන් සහ ටොබයියන් කියවිය යුතුම ඩොලර් මල්ලේ කථාව image 31

රවි කරුණානායක ඩොලර් මල්ලක් උස්සන ඡායා රූපයක් පසුගිය දින වල සමාජ ජාලා හරහා පැතිර ගියේ ගින්නක් මෙනි. පුරවැසියෙකු එම සිදු වීම දු‍ටු ආකාරය පහත ලිපියෙන් විස්තර කර ඇත. එම සටහන තබා ඇත්තේ ජම්පටා වීදියේ නිමි ඇඳුම් අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන යන සිරිමාන්න ඒකනායක නම් අයෙකි. මෙය අකුරු දන්නා ජෙප්පන් සහ ටොබයියන් ( සජිත් -චම්පික කල්ලිය) කියවිය යුතුම ලිපියකි.

උපුටා ගැනීම සිරිමාන්න ඒකනායක මහතාගේ මුහුණු පොතින්

මුහුණු පොතේ සැරිසරන කොට රවි කරුණානායක හිටපු මුදල් ඇමතිතුමා ඩොලර් පුරවපු මල්ලක් උස්සන ඡායා රූපයක් දැක්කා. ඒක අන්තර් ජාලයට එක් කළ තෑනැත්තා ගේ අරමුණ මොකක්ද කියන එක හරියටම පැහැදැලි නෑ. නමුත් මහබැංකු සිද්ධියට හිටපු මුදල් ඇමති රවිට චෝදනා කිරීම වෙන්න ඕනේ.

2017 වසරේ ජම්පටා වීදියේ කඩ කෑල්ලක් ගැනීමේ අරමුණින් මට අයිති ඉඩමක් විකුන්නා. නීතිමය කරුණක් නිසා ඔප්පු ලිවීම ප්‍රමාද වුනා. ඔය අතරෙදි 17% ක් පොලී දෙන මූල්‍ය සමාගමක් ( ඊ.ටී.අයි) ගැන දැන ගන්න ලැබුනා . හොද පොලියක් ලැබෙන නිසා මිලියන 5 ක් එහි තැන්පත් කළා.

මුදල් ගන්න යන විට මුදල් ගෙවීමේ හැකියාවවක් නොමැති බව ඊ.ටී.අයි ප්‍රකාෂ කළා .මට මුලු ලෝකයම කඩා වැ‍ටුනා වගේ දැනුනා. දවස් ගානක් කෑමක් නැතිව , නාන්නෙ නැතිව පිස්සෙක් වගේ හිටියා. මහා සි‍ටුවරු වගේ හිටිය එදිරිසිංහලා සූක්ෂම ලෙස. අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශ කළා . මට පරම්පරාවෙන් හමුවන ඉඩමත් නැතිවුනා , මුදලුත් නැති වුනා. අදටත් විසදුමක් නෑ.

මේ වගේ මහපොළොව නුහුලන අපරාධය කලේ ඊ.ටී.අයි විතරක් නොවේ. මල්ටි ‍ෆිනෑන්ස් ,ප්‍ර මුඛ බැංකුව , සක්විති ,ගෝල්ඩන් කී, එදිරිසිංහ ට්‍රස්ට් , ස්වර්ණමහල් ෆැයිනෑන්ෂල් , ඔරියන්ට් ‍ෆිනෑන්ස් , ඔය විදියේ දිග ලැයිස්තුවක් කියන්ඩ පුළුවන්. මුදල් අහිමි වීමෙ දුක දරාගන්ඩ බැරිව මිනිස්සු කීයක් වහ බීවද , කීදෙනෙක් අකාලයේ මැරුනද , කිදෙනෙක් පිස්සු වැ‍ටුනද. නමුත් අංහිසක මිනිසුන්ගේ තැන්පත් මුදල් ගසා කාපු අය සුර සැප විදිනවා. සමහරුන් විදෙස් රටවල ගෙවල් අරගෙන

තැන්පත් මුදල් අහිමි වීමේ දුකට සිය දිවි හානි කරගත් පිරිස සියයකට වැඩියි.. සිය දිවි හානි කර නොගත් තැන්පත් කරුවන් මැරි මැරී උපදිනවා. ලංකාවේ ඉන්නේ පුදුමාකාර මිනිස්සු. අහිංසකයන්ගේ මුදල් සාහසික ලෙස කොල්ල කාපු සි‍ටුවරු ගැන වගේ වගක් නෑ . අපරාධකරුවන් ගැන මුළු සමාජයම නිහඩයි. නඩුත් නෑ.

අපේ රටේ මිනිස්සුන්ට අනුව ඉන්නෙ එකම බැංකු හොරයි. ඒ රවි කරුණානායක. අංහිසක මිනිස්සුන්ගේ තැන්පත් වලින් කැසිනො ගහපු , පිටරට වල ගෙවල් ගත්ත, ස්විස් බැංකු ගිණුම් ඇරපු නියම බැංකු හොරු ගැන මීක් නෑ . උන්ට නඩුත් නෑ, ෆේස් බුක් පෝස්‍ටුත් නෑ. අධිකරනයෙන් නඩු දාල තියෙන රවි අල්ලගෙන වැලලෙන හදනවා.ඒකෙ හරි වැරැද්ද අධිකරණය බලා ගනීවි.

රට ලොක් ඩවුන් කිරීම නිසා මගෙ ඇඳුම් විකිනීමේ ව්‍යාපාරය නතර වුනා. මම අනාථ වුනා . නමුත් හැම දවස් 3 කටම සැරයක් වියලි ආහාර සහ එළවලු මල්ලක් ලැබුනා. ඒ අපේ වැයික්කියෙ දේශපාලකතුමාගෙන් , වෙන කවුරුත් නොවේ , රවි කරුනානයකගෙන්.

රවි මහත්තයා අසරණ වෙලා ඉන්න මිනිසුන්ට බෙදන බෝංචි ගෝනියක් උස්සනව. එතුමා උස්සන ඒ බෝංචි ගෝනිය තමා සල්ලි ගෝනියක් විදියට එඩිට් කරලා තියෙන්නේ. අපේ රටේ ඉන්නෙ පුදුමාකාර මිනිස්සු . මෙතන එඩිඩ් කලේ ෆොටො එක නෙවෙ.. මනුෂ්‍යත්වය…. රවි මහත්තයෝ ඔබට බොහොම පින් … සියළු දෙවි ‍රැකවරණයි.
ඉටුකොට කල යුතු යුතුකම්
ලැබුනත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන්නම්
නුබයි මගේ පුතා උතුම්….

ජෙප්පන් සහ ටොබයියන් කියවිය යුතුම ඩොලර් මල්ලේ කථාව image 34

උපුටා ගැනීම අවසන්

https://m.facebook.com/story.php?story_fbid=158480569010191&id=100045447456229