
ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් ඉදිරිපත් කොට ඇත. නමුත් ලෝකයේ ඇතැම් රටවල් එම අවවාද වලින් බැහැරව තම හිතු මනාපය පරිදි කටයුතු කරන ආකාරයක් පෙනී යයි. එහි ප්‍රතිඵල අපේ ඇස් පනාපිටම පිළිඹිඹු වෙමින් පවතියි. අතපසු වීම් කිහිපයක් හැරුනු කොට මෙරට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් අනුගමනය කරන බව පෙනී යයි.කෙසේ වුවද සිදු වූ අඩු පාඩු සමස්ත චිත්‍රය උඩු යටිකුරු කිරීමට හේතු නොවේවා යයි පතමි.
මෙරට කොරෝන මැඩලීමේ යාන්ත්‍රණය තුළ ඇති සුළු ලුහුඩු කම් කිහිපයක් හෙළි දරව් කිරීම මෙම ලිපියේ අරමුන වෙයි. අත් ආවරණ සහ මුව ආවරණ වසංගතයේ ප්‍රධානතම ආරක්ෂාකාරී උපකරණ වෙයි. අත් ආවරණ විනය සරල වන නමුත් මුව ආවරණ විනය සංකීර්ණය එකකි. විවිධාකාර දැනුවත් කිරීම හරහා බොහෝ පිරිසක් මුව ආවරණ පැළදීමට නැඹුරු වී ඇතත් එය නිසි විනයකින් සිදුවන බවක් දක්නට නැත
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියා පැරණි උපදේශයක් ඇත . මුව ආවරණ පළඳින ලෙස ප්‍රකාශ කරන්නාවූ බලධාරීන් මුඛ ආවරණ නිසි ලෙස පැළද සිටිම වැදගත්ය. මෙහිදී ජනතාවගේ මනසට කාවදින කරුණ වනුයේ ඔහු විසින් කියන දෙය නොව තමා විසින් දකිනු ලබන දෙය වේ.
මිනිසා දැනුම ලබා ගන්නා ක්‍රම තුනකි (කෝරෝනා උදෙසා බලපාන දැනුම ලෙස ගනිමු)
- උපදේශනය
- ස්වයං අධ්‍යයනය
- පූර්ව දැනුම සහ පුරුදු රටා
යම්කිසි දැනුමක් ලබා දීමේ දී දැනුම එය පොදු එකක් විය යුතුය. ලබාදෙන්නා වූ දැනුම ප්‍රධාන බලධාරියාගේ සිට සෙසු නිලධාරීන් ද සේවකයන්ද එකසේ අනුගමනය කළ යුතුය.
ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය ඉතා ඉහල අගයක පවතින හෙයින් උපදෙස් ඉතා පහසුවෙන් ජන ගත කළ හැක.එමෙන්ම සමාජයේ වගකිව යුතු පුද්ගලයන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙත් දකින්නාවූ පොදු ජනතාව ද ඒවා අනුගමනය කිරීමට පෙළඹවීම නිතැතින් ම සිදු වෙයි.
ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හරහා දැනුමේ රාමුව ඉතා ඉක්මනින් ස්ථාපිත කළ හැක. එබැවින් සෑම විටම වගකිව යුතු පුද්ගලයන් ලෙස රූපවාහිනිය හරහා ජනතාව ආමන්ත්‍රණය කිරීමේ දී මුව ආවරණ පැළඳ සිටීම වැදගත් වේ.
තවද රූපවාහිනි කැමරාව යොමු කළ යුත්තේ ද නිවැරදි අයුරින් මුව ආවරණ පැළඳ ගෙන සිටිනා වූ පුද්ගලයන් වෙතටය.

කොරෝනාව වැලැක්වීමට ස්ථාපිත කළ හැකි දැනුමේ රාමුව සහ ශ්‍රී ලංකාව
සමාජය තුළ ස්ථාපිත කරනු ලබන දැනුම් රාමුව පොදු ආදර්ශමත් එකක් විය යුතුය.මේ සඳහා රජය සහ ඊට අදාළ බලධාරින් රූපවාහිනි වැඩසටහනකදී (Virtual present) ලබා දෙන උපදෙස් එදිනෙදා ජීවිතයේදී (Actual present) අනුගත වන බව පෙනෙන්නට තිබිය යුතුය.
පහත සඳහන් යෝජනා කරන ක්‍රමවේදයන් මගින් කොරෝනාව ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මුඛ ආවරණය පැළඳවීම සහ එහි භාවිතය සමාජ ගත කළ යුතු දැනුම් රාමුව ස්ථාපිත කළ හැක.
- රාජ්‍ය බලධාරීන් නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් පොදු ක්‍රම වේදයක් අනුගමනය කිරීම මගින් සමාජය එය අනුගමනය කරනු ලබයි
- රාජ්‍ය අංශ මෙන්ම පෞද්ගලික අංශය ය ද රූපවාහිනී වැඩසටහන් මගින් පවත්වනු ලබන
- ප්රවෘත්ති විකාශනයන්
- සජීවී වැඩසටහනක්ම

මුඛ ආවරණය යොදා මනාලෙස පැළඳ ගෙන පැවැත්වීම මගින් සමාජයට ලබාදිය හැකි අත්‍යවශ්‍ය දැනුමෙහි රාමුව ස්ථාපිත කළ හැක.
- ගෙදරින් පිටතට යෑමේදී මුඛ ආවරණය පැළඳවීම සම්බන්ධව පොදු දැනුම් රාමුවක් ස්ථාපිත කළ යුතුය .
- ඔබ ගමන් කරනුයේ ගුවන් යානයක ද තමාගේම පෞද්ගලික වාහනය ද යන්න මෙහිදී වැදගත් නොවේ. ඔබ ගෙදරින් පිටතට යන්නේ නම් අනිවාර්යෙන් මුඛ ආවරණ පැළඳිය යුතුය. මෙයට හේතු වනුයේ ඔබ නොදැනුවත් කමින් ඔබගේ පෞද්ගලික වාහනයහි ක්‍රියාත්මක වන වායුසමීකරණ යන්ත්‍රය පිටත වායුගෝලය හා සම්බන්ධ වන බැවිනි. එලෙසම ඔබ කිනම් මොහොතක දී ජනෙල් වීදුරුව පත්කරන මොහොතකදී මුඛ ආවරණ පැළඳ නොමැති අවස්ථාවකදී නැවතත් ඔබගේ මුව වාතයට නිරාවරනය වනු ඇත. මෙය පසුගියදා එක්තරා රූපවාහිනි ප්රවෘත්ති විකාශනයක් තුළ දී ඉදිරිපත් කළ වීඩියෝ දර්ශනයක ද දුටුවෙමු.

දැන් ඔබට මනා ලෙස වැටහෙනවා ඇති දැනුම යනු මිනිසා ජීවත් කරවීමට සහ නැසීමට ඇති තියුණු ආයුධයක් බව.
මේ මොහොතේ දී කොරෝනා ලෝක වසංගතයෙන් රට මුදවාගැනීමට රාජ්‍ය අංශයෙහි බලධාරීන් නිළධාරීන් මෙන්ම සෙසු නිලයන් ආදර්ශමත් විය යුත්තේ මුඛ ආවරණය පැළඳවීම සහ එහි භාවිතයට අයත් පොදු දැනුමේ රාමුවක් ජනසතු කරවීමටය.

Chandika
- Edit
This is a nice article Harsha. Good write up. Well done.