නීරෝධායන මධ්‍යස්ථානයේ දෙදෙනෙක් මරුට, පීසීආර් ප‍්‍රතිඵල තවම නෑ

නීරෝධායන මධ්‍යස්ථානයේ දෙදෙනෙක් මරුට, පීසීආර් ප‍්‍රතිඵල  තවම නෑ image 1

ගුණසිංහපුර බස් නැවතුම්පොළෙහි දින දෙකක් රඳවා තබා ගෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බව වාර්තා වේ. ඇතැම් මාධ්‍ය වල මිය ගිය ගණන මීට වැඩි බව දක්වා තිබුනි.නමුත් ඒ පිළිබදව නිළ තොරතුරු නොමැති නිසා ගණන් ඉලක්කම් ගැන වැඩි විස්තර ලිවීම පවතින වාතාවරණය යටතේ භයානක කටයුත්තකි.


මුලතිව් ප‍්‍රදේශයේ ගුවන් හමුදාව පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයන් දෙදෙනා මැයි 01 වන දින ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔවුන්ට කොවිඞ්-19 තිබී ඇතිදැයි පීසීආර් පරීක්ෂණයට ලක් කිරීම සඳහා මරණයෙන් පසුව සාම්පල් ලබාගෙන ඇත. පීසීආර් පරීක්ෂණවල ප‍්‍රතිඵල ලැබී තවම ලැබී නැත.


කොළඹ කොටුව ගුණසිංහපුර බස් නැවතුම්පොළේ රඳවාගෙන සිටි යාචකයන්, පදික වෙළෙන්දන් ඇතුළු ස්ථීර පදිංචියක් නැති පුද්ගලයන් පිරිසක් අපේ‍්‍රල් 14 ත් 16 යන දිනවලදී ගුවන් හමුදාව මුලතිව් ප‍්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යනු ලැබීය.

පුද්ගලයන් 360 නීරෝධායනය සදහා ‍රැගෙන ගිය බව රජයේ මාධ්‍ය වාර්තා කර තිබුනි. දැන් එහි සිටින ප්‍රමාණය ගැන නිසි සංඛ්‍යා ලේඛන ඉදිර් පත් කිරීම රජයේ වගකීමකි. එහි රදවා සිටින බොහෝ දෙනෙකුට උප්පැන්නයක් , ජා.හැ පතක් නොමැති බව වාර්තා වෙයි. මිය යන ඔවුන් බොඩි බෑගයක් තුල දමා පහසුවෙන් අදාහනය කළ හැකිය. නමුත් යම් හෙයකින් කොරෝනා ආසාදනය වී මිය ගිය හොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ ගුවන් හමුදාවට ගෙවීමට සිදුවන වන්දිය විශාලය