ආර්ථිකය නට්ටං රටවල් අතර ලංකාව 6 වන තැන

ආර්ථිකය  නට්ටං  රටවල් අතර ලංකාව 6 වන තැන image 8

කොරෝනා අර්බුදයෙන් ආර්ථික වශයෙන් භයානකම අඩියට පත්ව රටවල් අතර 6 වන තැන ලංකාව සිටින බව ලෝක ප්‍රකට ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව’ කියයි.

මෙම ශ්‍රේණිගත කිරීම ගණනයේදී රාජ්‍ය ණය, විදේශ ණය සහ ණය ගෙවීමේ පිරිවැය සලකා බැලූ බව දක්වා ඇත. ලෝකයේ රටවල් 66 මෙම අධ්‍යයනයට ඇතුල් කොට ඇත . අර්බුදය හමුවේ ආර්ථිකය රැකගත් රටවල්  අතර බොට්ස්වානා,තායිවාන හා දකුණු කොරියාව ‍සිටියි. දරුණුම කඩා වැටීම සිදුවූ රටවල් අතර ශ්‍රී ලංකාවටත් යටින් ඇන්ගෝලාව, බහරේන්, සැම්බියාව ලෙබනන් හා වෙනිසියුලාව සිටී.

දකුණු ආසියා කලාපයේ වඩා හොඳින් ආර්ථික කළමනාකරණය කළ රට වන්නේ බංග්ලාදේශයයි. එය ලැයිස්තුවේ 9 වැන්නාය.  ඉන්දියාව 18 වන ස්ථානය සහ පාකිස්තානය 43 වන ස්ථානයයේ  ඇත.බංගලාදේශය ජයිකා ( ජපානයෙන් ) සහ IMF එකෙන් අඩු පොළියට ණය ලබා ගෙන ඇති නිසා හොද තැනක සිටී. ඉන්දියාවේ ණය බොහෝ දුරට දේශීය වශයෙන් ලබාගත් ඒවා වන බැවින්  අනතුරක් නැති බව  සඟරාව පවසයි.

මෙම අධ්‍යයනය ගැන වැඩි විස්තර මෙතැනින්