
පොලීසිය අද සවස නලීන් බන්ඩාරගේ කුලියාපිටියේ පිහිටි නිවෙස වටලා කසිප්පු තොගයක් අත් අඩංගුවට ගෙන ඇත. ඔහුගේ නිවස තුල මහාපරිමානයෙන් හොර අරක්කු පෙරන බව සහ විකුනන බවට පොලීසියට ලැබුනු ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදු කොට ඇත. මෙම හොර අරක්කු තිප්පොල අවුරුදු 5ක් තිස්සේ පවත්වාගෙන ගිය එකක් බව පොලීසිය සදහන් කරයි. විකිනීමට සූදානම් කර තිබූ හොර අරක්කු තොගයක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත් විය.
අත්අඩංගුවට පත්වූ සැක කරුවන් පොලිස් ඇපමත මුදා හැරිය බව පොලීසිය අප කළ විමසීමකදී සදහන් කළේය . නලීන් බන්ඩාර කොළඹට වී සිටින්නේ කුලියාපිටියේ නිවස කසිප්පු තිප්පොලක් ලෙස දුරස්තව පාලනය කරන අතර තුර බව මින් පැහැදිලි වෙයි.මේ සම්බන්දව පොලීසිය නලීන් බන්ඩාරගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය
රන්ජන් රාමනායක පසුගිය කාලයේ දිගින් දිගටම නලීන් බන්ඩාරගේ පැටිකිරිය විවේචනය කළේය . නලීන් බන්ඩාර නයිට් ක්ලබ්, කැසිනෝ සහ කොකේන් පානයට තදින් ඇබ්බැහි වූවෙක් බව රන්ජන් හෙළි කළේය.නලීන් බන්ඩාර රෑ තිස්සේ නයිට් ක්ලබ් වල ලගිමින් කොකේන් පානය කොට පසුදා පාර්ලීමේන්තු පැමින මරු කියවන අයෙකු ලෙස ප්රකටය.
මෑතකදී නලීන් බන්ඩාර ඔහුට අයත්වූ තවත් නිවසක් කුරුනෑගල රෝහලේ භාවිතය සදහා තාවකාලිකව ලබා දුන්නේය . එම නිවස බැදීමට භාවිතා කළ වැලි , ගල්, සිමින්ති සජිත්ගේ ගම් උදාවෙන් පෑන්නූ බවට බරපතල චෝදනාවක් ඇත. ගම් උදාවට ගල් වැලි සිමින්ති සැපයූ කොන්ත්‍රාත් කරුවන් බොහෝ දෙනෙකු නලීන්ගේ නිවසට භාන්ඩ සැපයූ බවට සාක්ෂි දරයි.
නලීන් බන්ඩාර යනු එජාප රජය පැවති කාල වකවානුවේ සිරිසේනට කේලාම් කියමින් පක්ෂය පාවා දුන් අයෙකි. සිරිසේනගේ දෙපතුල් ලෙව කෑම නිසා නලීන් බන්ඩාරට සුපිරි නියෝජ්‍ය ඇමති කමක් ලැබුනි. සිරිසේනගේ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමතියා වූයේ නලීන් බණ්ඩාරය . නමුත් නලීන් බන්ඩාර ගොබිලයා කර ඇත්තේ නීතිය හා සාමය රැකීම නොව කසිප්පු පෙරීම බව දැන් ඔප්පු වී ඇත.
Silva
- Edit
Fake news