සජිත්ගේ පක්ෂ මූලස්ථානය වසා දමයි, සේවකයන්ට පඩිත් නෑ

සජිත්ගේ පක්ෂ  මූලස්ථානය වසා දමයි, සේවකයන්ට පඩිත් නෑ image 20

දේශපාලන පක්ෂයක සලකුණ කථාකරන පිංතූරයකි .  එජාපයේ ‘අලියා’ , පොදුජන පෙරෙමුනේ ”නෙළුම් පොහොට්‍ටුව” , හෙල උරුමයේ ” හක් ගෙඩිය” තුල  ඔවුන්ට අනන්‍ය කථාවක් ගැබ්ව ඇත. සජිත්ගේ නව පක්ෂයේ ලකුණ ලෙස ඔහු මුලින්ම ‍තෝරා ගත්තේ ” හාට්” සලකුණකි.  නමුත් එම සලකුණින් මෙරට මිනිසුන්ගේ ජන විඤ්ඥානය නියෝජනය නොවින. හාට් ලකුණ හුදෙක් තොරොම්බල් සලකුණක් විය . හාරත පක්ෂය යයි සජිත්ගේ නව පක්ෂය උසුළු විසුළු වලට ලක් විය. ඒ සමගම හාරත ලකුන යට ගොස් දුරකථනය කරලියට ආවේය. සෙල්ලම් පක්ෂයේ ලකුන ගැන  කථාව කීවේ ප්‍රධාන  කථාවට ප්‍රවිෂ්ඨයක් ලෙසිනි. සජබ ලකුණට අත්වූ ඉරණම දැන් පක්ෂ මූලස්ථානයට අත්වී ඇත.

ජනයාට 20000 ක් ගෙවන්න කියන සජිත් සේවකයන්ට පඩි ගෙවා නෑ

සජිත්ගේ පක්ෂයේ  මූලස්ථානය උත්සවාකාරයෙන් විවෘත්ත කළේ මාර්තු මස 9 දිනය. පුදුමයකි නමුත් සත්‍යයකි .  සජබ මූලස්ථානය මේ වන විට වසා දමා ඇත. සජබ මූලස්ථානයේ සේවය සදහා බඳවා ගත් සේවකයන්ට පඩි ගෙවා නැත. රටේ මිනිසුන්ට මසකට  20000 දිය යුතු යයි කියන සජිත්  තමන්ගේ පක්ෂ කාර්යාලයේ වැඩ කරන  සේවකයන්ට පඩි ගෙවා නැත.අහෝ!  මෙය නම් කවර ඛේදාන්තයක්ද ? සජිත් සිය පක්ෂ කාර්යාලය වසා දැමුවද   සිරිකොත, නෙළුම මාවත , ජවිපෙ පැලවත්ත වෙනදාට වඩා කාර්ය බහුලය .ජාතික ව්‍යවසනයක් සිදුව තිබියදී සජබ මූලස්ථානයට අගුළු දැමීම  මහා අවනඩුවකි.

පාර්ලීමේන්තුව කැඳවන්න කියා වැළලෙන්ඩ හදන සජිත්ගේ හෙළුව

ව්‍යවස්ථාව අනුව  විපක්ෂ නායක යනු  පාර්ලිමේන්තුවේ විපක්ෂයට නායකත්වය දෙන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය. විපක්ෂ නායක කාර්ය්‍යලය යනු විපක්ෂය නියෝජනය කරන පාර්ලීමේන්තු මන්ත්‍රීන් ‍රැස් වන ස්ථානයයි . පාර්ලීමේන්තුව විසිරුවා හැර ඇති විට එහි  ‍රැස්වීම්  නැතුවා සේම  විපක්ෂ නායක කාර්ය්‍යායේද ‍රැස්වීම් නැත. නමුත් සජිත් විපක්ෂ නායක කාර්ය්‍යාලය තුල දින පතා ‍රැස්වීම තැබුවේය. ජාතික වැදගත් කමක් නොවූ ඒවා  සජබ පිලේ ප‍ටු  දේශපාලන ‍රැස්වීම් විය. පාර්ලීමේන්තුව යලි කැදවිය යුතු යයි වැළලෙන්ඩ හදන සජිත්  විපක්ෂ නායක කාර්ය්‍යලය තුල විපක්ෂ මන්ත්‍රීන් විෂයේ එකදු රැස්වීමක්  තිබ්බේ නැත. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන් කැඳවා කොරෝනා ව්‍යවසනය ගැන එකදු වචනනයක් කථා කළේ නැත.

ජාතික අපරාධයට ගෝඨා වගකිව යුතුයි

පාර්ලීමේන්තුව විසිරු වීමත් සමග  විපක්ෂ නායක වරප්‍රසාද අහෝසි වෙයි. එම නිසා නිළවාහන සහ විපක්ෂ නායක කාර්ය්‍යාලය තව දුරටත්  භාවිතා කිරීමට අවසර ඉල්ලා සජිත්  පාර්ලීමෙන්තු මහලේකම් වරයාට ලිපියක් යැවීය. නමුත් එය ප්‍රතික්ෂේප විය. සජිත්ට එම වරප්‍රසාද තව දුරටත් භුක්ති විදීමට  විශේෂ අවසරයක් ලැබුනේ දේශප්‍රේමී යයි කියා ගන්නා ආන්ඩුවෙනි . ස්ථාවර නියෝග  සහ චක්‍රලේඛ වලට පිටින් යමින් සජිත් වැනි තුට්‍ටුදෙකේ අයෙකුට නිළ වාහන , බැකප් රථ සහ විපක්ෂනායක කාර්ය්‍යාලය පරිහරනණය කිරීමට විශේෂ කැබිනට් අවසරයක් ලබා දීම ජාතික අපරාධයකි. එම අපරාධයට ගෝඨා වගකිව යුතුය. මක් නිසාදයත් සජිත් වැනි  ගොබිලයෙකුට   වැය කරන මහජන මුදල් වලින් අබ ඇටක තරම් සෙතක්  පෙරලා රටට සිදු නොවීමය