රවීගෙන් පෙරස්ත්‍රොයිකාවක්

රවීගෙන්  පෙරස්ත්‍රොයිකාවක් image 22

දේශපාලන පක්ෂයක් යනු පියාගෙන් පුතාට නායකත්වය උරුම වන බූදල් කන්දක් නොවේ. නමුත් හද්දා පිටිසර ගමක පොල් කඩන තරුණයකුට රට නැගීමට දැක්මක් ඇත්නම ඔහුට ඒ සදහා අත්වැල සපයන සංවිධානයකි, රට නැගීම වෙනුවෙන් ගොඩ නැගෙන ජාතික එකමුතුවකි.ඒ අරභයා පක්ෂයේ උපනායක රවි ප්‍රතිසංවිධාන යෝජනාවලියක් ( පෙරස්ත්‍රොයිකාවක්) ඉදිරි පත් කොට ඇත.

නායකත්වය නිර්මානාත්මක සහ සක්‍රීය භූමිකාවකි

දේශපාලන පක්ෂයක් යනු තමන් නියෝජනය කරන කරන ජනයාගේ අභිලාශ වලට සීමා වූ ක්‍රියාන්විතයක් නොවේ. සමස්ථ පුරවැසියන් තුල යුක්ති යුක්ත අභිලාෂ ගොඩ නගන, එවා මුදුන් පමුණුවා ගැනීමට අරගල කරන සංවිධානයකි. ජනයා අධ්‍යාත්මිකව සහ භෞතිකව බලවන්ත කරන මෙහෙයුමකි. ඊට නායකත්වය දෙන්න්නා පක්ෂ නායකයා වෙයි. ඔහු ජනතා අභිලාශ නියෝජනය කරනවා පමණක් නොව ඒවා යථාර්තවත් කිරීමට කැප විය යුතුය.

පක්ෂය භෞතික ආයතනයක් පමණක් නොව ජීවන ශෛලියකි  

දේශපාලන පක්ෂය බිම් මට්ටමේ ජනතාව, වෘත්තීමය නිළධාරී මඩුල්ලක් සහ පක්ෂ නායකයන් ලෙස   ස්ථර 3කින් සමන්විතය.බිම් මට්ටමේ ජනයා ඔනෑම පක්ෂයක වැදගත්ම ස්ථරය වෙයි. බිම් මට්ටමේ ජනයා සහ පක්ෂ නායකයන් සම්බන්ධීකරණය කරන්නේ නිළධාරී  මඩුල්ල විසිනි. දේශපාලන පක්ෂයක් භෞතික ආයතනයක් පමණක් නොව එහි ගුණ සුවඳ ජනතා සිත්සතන් තුලට තුලට මුදා හරින සංස්කෘතීක ආයතනයකි.

රවීගේ පෙරස්ත්‍රොයිකාව

දේශපාලන පක්ෂයක පැවැත්ම  තීරණය වන්නේ පක්ෂය ජනයාගේ හදවතට දැනෙන ප්‍රමාණයට සාපේක්ෂවය.  එජාපය පොදු ජනයාගේ හදවතට දැනෙන පක්ෂයක් බවට බවට පත් කළ යුතුය . පක්ෂය සහ ජනයා අතර සම්බන්ධය සුමට කිරීම සදහා  වන යෝජනා වලියේ සංශිප්තය පහත පරිදිය.

ප්‍රතිපත්ති සැකසීම

  1. පක්ෂයේ දේශපාලන කතිකාවට පොල් කඩන්නාගේ සිට ඉහලම විධායකයා දක්වා සමාජ ස්ථර සියල්ල සම්බන්ධ කිරීම.
  2. ජනමූල පක්ෂයක් හැදීමට පක්ෂ නායකයා හා උරෙන් උර ගැටී වැඩ කිරීමට සුදුසු වෘත්තීමය නිලධාරී මඩුල්ලක් පත් කිරීම

බිම් මට්ට්මේ යාන්ත්‍රණය

  1. සෑම ක්ෂේත්‍රයක්ම ආවරණ වන පරිදි සාමාජිකයන් බදවා ගැනීම. පොල් කඩන්නාගේ සිට වෛද්‍යවරයා දක්වා පක්ෂ යාන්ත්‍රණය තුල ක්‍රියාත්මක විය යුතුය
  2. පක්ෂයේ ක්‍රියාකාරීන් ආවරණය වන පරිදි ඩිජිටල් දත්ත ගබඩාවක් සැකසීම
  3. පක්ෂ නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් මිනිසුන්ගේ දුක් ගන්නා රාළලා බවට පත් කිරීම
  4. ආණ්ඩු පක්ෂයේ සිටියද විපක්ෂයේ සිටියද පු‍රවැසියන්ගේ දුකගැනවිලි වලට පිලියම් යෙදීම
  5. පුරවැසියන්ගේ දුක්ගැනවිලි වාර්තා කිරීමට සහ එවාට පිළියම් යෙදීමට යාන්ත්‍රණයක් සැකසීම

ඉහලට නගින ඉනිමග

  1. පක්ෂයේ ක්‍රියාකාරීන් බල ගැන්වීම
  2. සාමාජිකයන් පොදු චර්යා ධර්ම සංග්‍රහයකට යටත් කිරීම
  3. පක්ෂ සාමාජිකයෙකුට දක්ෂතාවය අනුව ඉහලට යා හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම ( පරිපාලනය සමග මානව සම්පත් කලමණකරන මූලධර්ම මුසු කිරීම)

පක්ෂ කාර්ය්‍යල

පක්ෂ කාර්ය්‍යල

  1. සෑම ගොඩනැගිල්ලකම ආවස්තික පිරිවැයක් ඇත .දේශපාලන කාර්ය්‍යාලයක් ලෙස පැවතීමෙන් සේවයක් නොවන්නේ නම් ගොඩනැගිලි කුලියට දි ලබන ආදායමින් ජනයාට සෙත සැදිය හැකි බව සිහි තබා ගත යුතුය
  2. එහෙයින් දිවයින පුරා පිහිටි පක්ෂ කාර්යාල දේශපාලන වැඩ බිම් බවට පත් කළ යුතුය
  3. දුක් ගැනවිලි වාර්තා කිරීමට’පෝට්‍රල්’ එකක් නිර්මානය කිරීම සහ පසුවිපරම
  4. නව තාක්ෂණය හරහා මූලස්ථානය සහ ප්‍රාදේශීය කාර්යාල යා කිරීම
  5. තාක්ෂණික උපකරණ මගින් පක්ෂ කාර්යාල වල සිදුවන දෑ අධීක්ෂණය කිරීම
  6. දේශපාලකයා හමු වීමට ‘ඇපොයින්ට්මන්ට්’ ඇප් එකක් මගින් ලබා දීම සහ ප්‍රතිචාර ” ‘රේට්’ කිරීමට ඉඩ සැලසීම

විනිවිදභාවය සහ මූල්‍ය විනය

  1. ගමේ මරණාධාර සමිතියක පවා විනිවිද භාවයක් ඇත . විනිවිදභාවය අත්හල නොහැකි වගකීමකි.
  2. විනිවිද භාවය සහිත රාමුවක් තුල අරමුදල් සම්පාදනය කිරීම – උදා: ඩිජිටල් තාක්ෂණය හරහා  අරමුදල්  සම්පාදනයට ප්‍රවේශ සැකසීම.
  3. මධ්‍යගත ක්‍රම්වේදයක් හරහා සම්පත් දායකයන්ට කෘතවේදීත්වය දැක්වීම.
  4. ගෙවීම් සහ වියදම්  පිලිබද නිසි කාර්ය පටිපාටියක් නිර්වචනය කිරීම.

ශිල්ප ශ්‍රාස්ත්‍ර වලින් ජනයා බලවන්ත කිරීම

“මිනිසෙකුට මාළුවෙක් දුන්නොත් එක් වේලක් බඩගින්න නිවා ගනු ඇත. නමුත් මාළු අල්ලන්න ශිල්පය දුන හොත්  ජීවිත කාලයම බඩ ගින්න නිවා ගනු ඇත” (චීන පිරුළක් ).  දුප්පත් කම තුරන් කිරීමට කළ යුත්තේ නොමිලේ දීම නොව ශිල්ප ශ්‍රාස්ත්‍ර වලින්  ජනයා  බලවත්ත කිරීමය. දිළිඳුකමට පිළියම පින් පඩි ක්‍රමය යයි ප්‍රේමදාස සිතුවේය. ඔහු ඒ වෙනුවෙන් ජන සවිය ඇති කළේය. දිළිඳුකමට පිළියම අධ්‍යාපනය යයි ඇතුලත්මුදලි සිතුවේය. ඔහු ඒ වෙනුවෙන් මහපොළ ශිෂ්‍යවත්ව ක්‍රමය බිහි කළේය.

ආකෘතියට පිටින් සිතන පාලකයන් සහ පුරවැසියන්

ජනසවිය , සමුර්ධිය වැනි ව්‍යාපෘති මෙරට දුප්පතුන් වැඩි කළේය. නමුත් මහ පොළින් බිහිවූ උගතුන් හතර වරිගයක් එතෙර කළහ. සාම්ප්‍රදායික චින්තනය සහ ආකෘතියෙන් ඔබ්බට ගිය චින්තනය අතර වෙනස වෙනස මෙයයි. ආකෘතියට පිටින් සිතන පාලකයන්ගේ සහ පුරවැසියන්ගේ දායකත්වය වැඩි වැඩියෙන් රටට අවශ්‍යව ඇත. ඇතුලත්මුදලි දර්ශනයෙන් පරිපූර්ණ රවි පක්ෂය ගොඩගැගීමට, රට ගොඩනැගීමට එක් වන ලෙස ඔබට ආරාධනය කර සිටියි.