සජිත් ගලේ පහරයි, ජවිපෙ නඩු මගට

සජිත් ගලේ පහරයි, ජවිපෙ නඩු මගට image 35

පාර්ලීමේන්තුව විසිරුවා හැර තිබුනද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක කාර්යාලය, නිළ රථය සහ බැකප් රථ 4 ක් භාවිතා කරයි. එය ස්ථාවර නියෝග වලට පටහැනි මහජන මුදල් අවභාවිතා කිරීමකි. රථ ගාය නැතැයි කියන සරල සජිත් ආණ්ඩුවට කනපින්දම් කියා ඉහත වරප්‍රසාද තවදුරටත් භුක්ති විදීමට කැබිනට් අවසරයක් ලබා ගත්තේය. එම අවසරයෙන් පසු පිටකෝට්ටේ විවෘත්ත කළ සජබ මූලස්ථානයද වසා දැමුවේය.එපමනක් නොව සජිත් සිය කැම්පේන් ඔ‍ෆිස් එක ලෙස විපක්ෂ නායක කාර්යාලය භාවිතා කළේය.

පුංචි මොළ කෑල්ලක් ඇති සජිත් රාජපක්ෂලා ඇන්ඳුවා යයි මුලදී සිතන්ට ඇත. නමුත් ඇන්ඳී ඇත්තේ රාජපක්ෂලා නොව බූරු පුතා බව දැන් පැහැදිළි වී ඇත. මක් නිසාදයත් රාජපක්ෂලා මැතිවරණ කොමිසමේ නිර්දේශ වලට පිටින් යමින් ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරු සියල්ලන්ට නිළ වාහන සහ වරප්‍රසාද භුක්ති විදීමට අවසර දී ඇත. එයද සජිත්ගේ එක මෙන්ම කැබිනට් අනුමැතියකි. සජිත් අත යටින් දැමූ ඩීල් එකේ විපාකය දැන් මහජනතාවගේ කර මතට පැටවී ඇත. මේවාට වියදම් වන්නේ සජිත්ගේ හෝ රාජපක්ෂලාගේ බුදලයෙන් නොව ජනයා ගෙවන බදු මුදල්ය.

දැන් සජිත් ගලේ පැහැරූ බලලාගේ තත්වයට පත් වී ඇත .ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරු 50ක් පමන පිරිසක් සිටියි. ඔවුන් මැතිවරණයේදී මහජන මුදල් අවභාවිතා කරයි. නමුත් සිදුවන මහජන මුදල් නාස්තිය ගැන සජිත්ට කටක් ඇරිය නොහැක. මක්නිසාදයත් මුලින්ම වරද කළේ ඔහුය. ස්ථාවර නියෝග වලට පිටින් සජිත් ආණ්ඩුව සමග ඩීල් දමන විට ඊට එරෙහි වූයේ රවි කරුණානයක පමනි. ඔහු මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සජිත්ගේ ඩීල් එකට විරෝධය පල කළේය.කෙසේ වුවද රවි පටන් ගත් සටන ජවිපෙ ඉදිරියට ගෙන ගියේය

මැතිවරණ කොමිසමේ නිර්දේශයන්ට පටහැනිව යමින් ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන්ට තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා නිල වාහන පාවිච්චි කිරීමට ආණ්ඩුව පසුගියදා ගෙන ඇති කැබිනට් තීරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවණ කොමිසමට ලිඛිත පැමිණිල්ලක් බාරදී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සබික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ නීතීඥ සුනිල් වටගල අදාළ පැමිණිල්ල ඊයේ (10) මැතිවරණ කොමිසම වෙත බාරදුන්හ