සජිත්ගේ වැරදි පූර්වාදර්ශයට එරෙහිව පැමිණිල්ලක්

සජිත්ගේ වැරදි පූර්වාදර්ශයට එරෙහිව පැමිණිල්ලක් image 37

සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය පක්‍ෂයේ ඇතුල්කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය මාසයකට වැඩි කාලයක් තිස්සේ ඉබි යතුරු දමා වසා දමා ඇති බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සභාපති සුජිත් හේවාපතිරණ සඳහන් කරයි.

සජිත් පක්ෂ කාර්යාලය වසා දමා විපක්ෂ නායක කාර්යාලය සිය කැම්පේන් ඔ‍ෆිස් එල්ස භාවිතා කරයි. එය මහජන දේපල අව භාවිතා කිරීමකි.සජිත් දුන් වැරදි පූර්වාදර්ශය නිසා වත්මන් රජය නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරුන් සියල්ලන්ටද සජිත් මෙන් ධූරයේ වරප්‍රසාද භුක්ති විදීමට ඉඩ ලැබුනි .

මේ බව කියා සිටියේ සජිත් ප්‍රේමදාස ට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේය.