ලොක්ඩවුන් එපා, විවෘත්ත කිරීම ගැන ගෝඨා දැඩි මතයක

ලොක්ඩවුන් එපා, විවෘත්ත කිරීම ගැන ගෝඨා දැඩි මතයක image 39

ලොක්ඩවුන් කිරීම වෙනුවට රටේ ආර්ථිකය පන ගැන්විය යුතු බව ජනපති ගෝඨා සමාජ ජාලා වෙත පණිවිඩයක් නිකුත් කොට ඇත. ජනපති තැබූ සටහන පහත පරිදිය,

සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරිත්වය යළි අරඹා තිබේ. වසංගතයක් පැමිණිය ද ඒ සමග සාගතයක් පැමිණීමට ඉඩ නොතැබිය යුතුය. සැලසුම් ඉදිරියට ගෙන යාමේදි පෙර සිදු වූ අතපසුවීම් පාඩමක් ලෙස ගෙන එවැන්නක් යළි සිදු නොවන බවට වග බලා ගතයුතුවේ.

‘පෙර සිදු වූ අතපසු වීම් වලින් පාඩම් උගත් යුතුය’ යන ප්‍රකාශය සමාජ ජාලා තුල මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව ඇත . රට ලොක් ඩවුන් කිරීමට උපදෙස් දුන්න පුද්ගලයන්ට ජනපතිවරයා වක්‍රාකාරව චෝදනා කොට ඇතැයි මතයක් ගොඩ නැගී ඇත.

කෙසේ වුවද රවි ඇතුළු එජාපය සෞඛ්‍ය නිර්නායක සහ ආර්ථිකය සමබරව පවත්වාගැන යා යුතු බව මුලසිටම කීහ. මාර්තු මාසයේදී ඔවුන් සැකසූ යෝජනාවලියක්ද ජනපති වෙත ඉදිරි පත් කළහ. එහි සාරාශය පහත පරිදිය.

  1. කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසකට ප්‍රතිකාර කළ හැකි පරිදි රෝහල් පද්දතියේ ධාරිතාව වැඩි කිරීම.
  2. සෞඛ්‍ය නිර්නායක වලට ප්‍රමුඛ තාවය දෙන අතරතුර නිෂ්පාදන සහ අපනයන ක්‍රියාවලිය පවත්වාගෙන යා හැකි යාත්‍රණයක් සකස් කිරීම. කෙමෙන් කෙමෙන් ආර්ථිකය පන ගැන්වීම
  3. නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදනය විකුණා ගත හැකි සහ පාරිබෝගිකයට මිලදී ගත හැකි යාත්‍රණයක් සකස් කිරීම. කෘෂි නිෂ්පාදන සහතික මිලකට ගන්නා බවට රජය තහවුරු කිරීම
  4. ශ්‍රී ලංකාවේ මුළු සේවා නියුක්තියේ ප්‍රතිශතයක් ලෙස අවිධිමත් අංශයේ රැකියාවන්හි නිරත 60%ක් (මිලියන 4.7ක්) පමණ වන සිටිති. එහෙයින් සහණාධාර අවැසි පවුල් වලට කඩිනම් සහන සැලසීම
  5. බැංකු ක්‍රමය හා ගණුදෙනු කරන සියළු පාර්ශවයන්ගේ දුක්ගැනවිලි සැලකිල්ලට ගැනීම
  6. . ග්‍රාමීය දිළිඳු ජනයාගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් තෝරා ගත් කඩ සහ ඖෂධ සැල් විවෘත්ත කර තැබීම
  7. විදුලිය, ජලය සහ දුරකථන සේවාවන් කිසිදු කපා හැරිමකින් තොරව මහජනයාට ලබා දීම.උසස් පෙල , සපෙ අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලීම
  8. රුපියල ස්ථාවරව පවත්වා ගැනීම, අපනයන ඉහළ නංවා ආනයන සීමා කිරීම, විශේෂ ගැනුමි හිමිකම් (S.D.R) වැඩි කරගැනීම කෙරේ අවධානය යොමු කිරීම
  9. හදිසි ආපදා තත්වයන්හිදී IMF මැදි සහ පහළ ආදායම් ලබන රටවල් සඳහා ලබා දෙන සහන ලබා ගැනීම. IMF, China EXIM Bank වැනි ආයතන වලින් ලබාගෙන ඇති ණය වලට අදාල කොන්දේසි ලිහිල් කර ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීම
  10. බදු ක්‍රමය , රාජ්‍ය මූල්‍ය හදිසි තත්වයට ඔබින අයූරින් සමාලෝචනය කිරීම. ආයතන මුහුන දෙන ද්‍රවශිලතා ගැටලු විසදීමට රජය සක්‍රීය ලෙස මැදිහත් වීම