තොල රතු කල්ලිය යලි පිටියට!

තොල රතු කල්ලිය යලි පිටියට! image 42

එජාපයේ මහ ලේකම් ධූරයට සාගල රත්නායක පත් කර අකිල විරාජ් කාරියවසම් පක්ෂයේ උප නායක ධූරය පත් කිරීමට රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණය කරන බව වෙබ් අඩවි කිහිපයක් වාර්තා කොට ඇත.

එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වුවද මේ වන විට එම සැලසුමට එජාපයේ බිම් මට්ට්මෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.එම ප්‍රවෘත්තිය විදේශගතව එජාපය වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් ඉ‍ටුකරන ක්‍රියාධරයන්ගේ දැඩි කෝපයට හේතු වි ඇත.යම් හෙයකින් තොල රතු කල්ලියට එජාපයේ පාලන බලය ලබා දුන හොත් පක්ෂයෙන් ඉවත්ව විකල්ප දේශපාලන ප්‍රවාහයකට සහයෝගය දෙන බවට අනතුරු අඟවා ඇත.

මෙම කුමන්ත්‍රණය කරලියට එන්නේ, දේශපාලන පක්ෂයක් යනු පියාගෙන් පුතාට හෝ ස්වාමියාගෙන් බිරිදට බලය හුවමාරු වන ආයතනයක් නොව පොල් කඩන්නාට වුවද දැක්මක් ඇත්නම් පක්ෂය විසින් ඔහු රාජ්‍යත්වය කරා ‍ රැගෙන ආ යුතුය කියමින් රවී ඉදිරි පත් කළ පෙරස්ත්‍රොයිකාවෙන් පසුය. දේශපාලන පක්ෂයක් යනු ස්වාමියාගෙන් පසු ඔහුගේ ලිංගික සහකරුට බලය හුවමාරු වන තැනක්ද නොවේ.

නායකත්වය නිර්මානාත්මක භූමිකාවකි, ආකෘතියට පිටින් සිතන මිනිසුන් රටට අවශ්‍යව ඇත යන ශීර්ෂය යටතේ රවී ඉදිරිපත් කළ පෙරස්ත්‍රොයිකාව

දේශපාලන පක්ෂයක පැවැත්ම  තීරණය වන්නේ පක්ෂය ජනයාගේ හදවතට දැනෙන ප්‍රමාණයට සාපේක්ෂවය.  එජාපය පොදු ජනයාගේ හදවතට දැනෙන පක්ෂයක් බවට බවට පත් කළ යුතුය . පක්ෂය සහ ජනයා අතර සම්බන්ධය සුමට කිරීම සදහා  වන යෝජනා වලියේ සංශිප්තය පහත පරිදිය.

ප්‍රතිපත්ති සැකසීම

  1. පක්ෂයේ දේශපාලන කතිකාවට පොල් කඩන්නාගේ සිට ඉහලම විධායකයා දක්වා සමාජ ස්ථර සියල්ල සම්බන්ධ කිරීම.
  2. ජනමූල පක්ෂයක් හැදීමට පක්ෂ නායකයා හා උරෙන් උර ගැටී වැඩ කිරීමට සුදුසු වෘත්තීමය නිලධාරී මඩුල්ලක් පත් කිරීම

බිම් මට්ට්මේ යාන්ත්‍රණය

  1. සෑම ක්ෂේත්‍රයක්ම ආවරණ වන පරිදි සාමාජිකයන් බදවා ගැනීම. පොල් කඩන්නාගේ සිට වෛද්‍යවරයා දක්වා පක්ෂ යාන්ත්‍රණය තුල ක්‍රියාත්මක විය යුතුය
  2. පක්ෂයේ ක්‍රියාකාරීන් ආවරණය වන පරිදි ඩිජිටල් දත්ත ගබඩාවක් සැකසීම
  3. පක්ෂ නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් මිනිසුන්ගේ දුක් ගන්නා රාළලා බවට පත් කිරීම
  4. ආණ්ඩු පක්ෂයේ සිටියද විපක්ෂයේ සිටියද පු‍රවැසියන්ගේ දුකගැනවිලි වලට පිලියම් යෙදීම
  5. පුරවැසියන්ගේ සහ පාක්ෂිකයන්ගේ දුක්ගැනවිලි වාර්තා කිරීමට සහ පිළියම් යෙදීමට යාන්ත්‍රණයක් සැකසීම (‘පෝට්‍රල්’ එකක් නිර්මානය කිරීම සහ පසු විපරම් කිරීම)

ඉහලට නගින ඉනිමග

  1. පක්ෂයේ ක්‍රියාකාරීන් බල ගැන්වීම
  2. සාමාජිකයන් පොදු චර්යා ධර්ම සංග්‍රහයකට යටත් කිරීම
  3. පක්ෂ සාමාජිකයෙකුට දක්ෂතාවය අනුව ඉහලට යා හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම ( පරිපාලනය සමග මානව සම්පත් කලමණකරන මූලධර්ම මුසු කිරීම)

පක්ෂ කාර්ය්‍යල

  1. සෑම ගොඩනැගිල්ලකම ආවස්තික පිරිවැයක් ඇත .දේශපාලන කාර්ය්‍යාලයක් ලෙස පැවතීමෙන් සේවයක් නොවන්නේ නම් ගොඩනැගිලි කුලියට දි ලබන ආදායමින් ජනයාට සෙත සැදිය හැකි බව සිහි තබා ගත යුතුය
  2. එහෙයින් දිවයින පුරා පිහිටි පක්ෂ කාර්යාල දේශපාලන වැඩ බිම් බවට පත් කළ යුතුය
  3. දුක් ගැනවිලි වාර්තා කිරීමට’පෝට්‍රල්’ එකක් නිර්මානය කිරීම සහ පසුවිපරම
  4. නව තාක්ෂණය හරහා මූලස්ථානය සහ ප්‍රාදේශීය කාර්යාල යා කිරීම
  5. තාක්ෂණික උපකරණ මගින් පක්ෂ කාර්යාල වල සිදුවන දෑ අධීක්ෂණ කිරීම
  6. දේශපාලකයා හමු වීමට ‘ඇපොයින්ට්මන්ට්’ ඇප් එකක් මගින් ලබා දීම සහ ප්‍රතිචාර ” ‘රේට්’ කිරීමට ඉඩ සැලසීම

විනිවිදභාවය සහ මූල්‍ය විනය

  1. ගමේ මරණාධාර සමිතියක පවා විනිවිද භාවයක් ඇත . විනිවිදභාවය අත්හල නොහැකි වගකීමකි.
  2. විනිවිද භාවය සහිත රාමුවක් තුල අරමුදල් සම්පාදනය කිරීම – උදා: ඩිජිටල් තාක්ෂණය හරහා  අරමුදල්  සම්පාදනයට ප්‍රවේශ සැකසීම.
  3. මධ්‍යගත ක්‍රම්වේදයක් හරහා සම්පත් දායකයන්ට කෘතවේදීත්වය දැක්වීම.
  4. ගෙවීම් සහ වියදම්  පිලිබද නිසි කාර්ය පටිපාටියක් නිර්වචනය කිරීම.

ශිල්ප ශ්‍රාස්ත්‍ර වලින් ජනයා බලවන්ත කිරීම

“මිනිසෙකුට මාළුවෙක් දුන්නොත් එක් වේලක් බඩගින්න නිවා ගනු ඇත. නමුත් මාළු අල්ලන්න ශිල්පය දුන හොත්  ජීවිත කාලයම බඩ ගින්න නිවා ගනු ඇත” (චීන පිරුළක් ).  දුප්පත්කම තුරන් කිරීමට කළ යුත්තේ නොමිලේ දීම නොව ශිල්ප ශ්‍රාස්ත්‍ර වලින්  ජනයා  බලවත්ත කිරීමය. දිළිඳුකමට පිළියම පින් පඩි ක්‍රමය යයි ප්‍රේමදාස සිතුවේය. ඔහු ඒ වෙනුවෙන් ජන සවිය ඇති කළේය. දිළිඳුකමට පිළියම අධ්‍යාපනය යයි ඇතුලත්මුදලි සිතුවේය. ඔහු ඒ වෙනුවෙන් මහපොළ ශිෂ්‍යවත්ව ක්‍රමය බිහි කළේය.

ආකෘතියට පිටින් සිතන පාලකයන් සහ පුරවැසියන්

ජනසවිය , සමුර්ධිය වැනි ව්‍යාපෘති මෙරට දුප්පතුන් වැඩි කළේය. නමුත් මහ පොළින් බිහිවූ උගතුන් හතර වරිගයක් එතෙර කළහ. සාම්ප්‍රදායික චින්තනය සහ ආකෘතියෙන් ඔබ්බට ගිය චින්තනය අතර වෙනස මෙයයි. ආකෘතියට පිටින් සිතන පාලකයන්ගේ සහ පුරවැසියන්ගේ දායකත්වය වැඩි වැඩියෙන් රටට අවශ්‍යව ඇත. ඇතුලත්මුදලි දර්ශනයෙන් පරිපූර්ණ රවි පක්ෂය ගොඩගැගීමට, රට ගොඩනැගීමට එක් වන ලෙස ඔබට ආරාධනය කර සිටියි.

.