යුද්ධය නිමා කිරීමේ සංවත්සරය සහ රට යන අත

යුද්ධය නිමා කිරීමේ සංවත්සරය සහ රට යන අත image 52

යුද්ධය නිමා කිරීමේ 11 වන සංවත්සරය අද සවස 4.00 ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල දී පැවැති වින.

රටට අසාධාරණයක් වන ආකාරයට යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවා නම් එම ආයතන වන හෝ සංවිධාන වල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට පසුබට නොවන බවට ජනපති කළ ප්‍රකාශය කාගේත් අවධානයට ලක් විය.ගෝඨාගේ කථාව බටහිර කඳවුරට එරෙහි සහ චීන ගැති එකක් බව භූදේශපාලන විශ්ලේශකයන්ගේ මතය වී ඇත

මරාගෙන මැරෙන සතුරු ප්‍රහාරයකට මුහුණ දී ඇසක් ද අහිමි කරගෙන සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා, මරාගෙන මැරෙන ප්රගහාරයකින් අනූ නවයෙන් දිවි බේරාගෙන අවසන් යුද්දයට නායකත්වය දුන් හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙම උත්සවයට පැමිණ සිටියේ නැත . ස්වාධීන රූපවාහිනිය 2005-2009 කාලයේ රණ බිම ගැන පරන වැඩසටහන් පෙන්වන විට ෆොන්සේකාගේ මුහුන අසභ්‍ය දර්ශනයක් සේ බොඳ කර පෙන්වීමට කටයුතු යොදා තිබුනි

රණ විරුවන් සැමරීමට සමගාමීව යුධ හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකුට පෙබ 4 එනම් නිදහස් සැමරුමේදී උසස් වීම් ලැබුනු අතර , මැයි 18 රණ විරු සැමරුමේදී නිළධාරින් 224 දෙනෙකුට උසස් වීම් ලැබුනි. යුධ හමුදාවේ සෙසු නිලයන් 14,617 කට උසස් වීම් ලැබුනි. නමුත් නාවික සහ ගුවන් හමුදාවට උසස් වීම් අහිමි වී තිබුනි. නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ දුන්ගැනවිල්ල ගැන මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අවධානය යොමු වී ඇත

රතුපස්වල ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ යුද හමුදා බි‍්‍රගේඩියර් අනුර දේශප‍්‍රිය ගුණවර්ධනට අධිචෝදනා ගොනු කර ඇත. බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධන, මේජර් ජෙනරාල් නිලයට පසුගිය නිදහස් දිනයේදී ජනාධිපතිවරයා උසස් කර ඇත.