එන්න, අපි සජිත් සමග වලට යමු – ෆෝන්සේකාට වූ ඇබැද්දිය

එන්න, අපි සජිත් සමග වලට යමු – ෆෝන්සේකාට වූ ඇබැද්දිය image 53

ඊයේ පැවැති විජයග්‍රහණය සමරු සමරු උලෙලට සරත් ෆොන්සේකාට ආරාධනා කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අද හෙළිදරව් කළේය.ජනාධිපතිගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න එම ආරාධනාව කරන ලද බව ඔහු පැවසීය.

නමුත් කලින් යොදාගත් වෙනත් විශේෂ රාජකාරියකට යාමට නියමිත නිසා විජයග්‍රහණ සමුළුවට සහභාගී වීමට නොහැකි බව ෆොන්සේකා කියා ඇත.රණවිරු සමරුව මගහැරීමට තරම් වැදගත් විශේෂ රාජකාරිය කුමක්ද යන්න අරාධනය කළ පිරිස් සොයා බලා ඇත

ෆොන්සේකාට විජයග‍්‍රහණයේ සමරුවද අතහැරීමට තරම් වැදගත් කාර්ය වී තිබුනේ ඊයේ පස්වුරුවේ කළුතරදී පැවති සජිත්ගේ විරෝධතාවකි . රිමාන්ඩ් කර සිටින රාජිත සේනාරත්න නිදහස් කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වින.

ආරක්ෂක අමාතයංශය විජයග්‍රහනණ සැමරුමට ෆොන්සේකාට ඇරයුම් කළ බවක් ජනයා දැනගෙන සිටියේ නැත. සියල්ලක්ම පාහේ සිතුවේ රජය හිතා මතා ෆොන්සේකා අමතක කළ බවකි. එම නිසා ඊයේ දිනයේ සමාජ ජාලා වල ෆොන්සේකා වෙනුවෙන් බොහෝ දෙනෙක් කථා කලහ.නමුත් දැන් තත්වය වෙන්ස් වී ඇත. සත්‍ය හෙළි දරව්වීමත් සමග ෆොන්සේකා ‍රැල්ල කනපිට පෙරලී ඇත