පොලිෂ් ප්‍රධානියා වර්නපාල තියරිය ඇප්ලයි කළාද ?

පොලිෂ් ප්‍රධානියා වර්නපාල තියරිය ඇප්ලයි කළාද ? image 55

ඔන්න එකෝමත් එක රටක හිටියා  මහාචාර්ය  වර්නපාල කියලා  ඇමති කෙනෙක්. එයා අධ්‍යාපන ඇමති ධූරයත් දැරුවා. මෙයා විශ්ව විද්‍යාලයේ උගන්වන කොට  එක්තරා තියරියක් හොයා ගත්තා.  වර්නපාල තියරිය කියලා ඕක අදටත් භාවිතා වෙනවා . මේක  සමාජයේ ඉහලට යාම සදහා යොදා ගන්ඩ පුලුවන් තියරියක් .

සරසවි ශිෂ්‍යාවක්  බැලන්ස්  නොකල ගුරෙක් සොයා ගැනීම නොමල ගෙයකින් අබ සොයනවා වගේ වැඩක් . ඉතින් වර්නපාල තුමාත් ගෝල ශිෂ්‍යාවකට බැල්ම හෙලුවා. කෙල්ල උදේට ලෙක්චස් යන කොට වර්නපාල තුමාත් පස්සෙන් යනවා. ඔය අතරේ වර්නපාල තුමා, සිය අදහස  කෙල්ලට කිවා.  නමුත් කෙල්ල ‘බෑ’  කියනවා. හැබැයි වර්නපාල තුමා වැඩේ අත ඇරියේ නෑ.

දවසක් , කෙල්ල ලෙක්චර්ස් වලට ඇවිදගෙන යනවා, වර්නපාල තුමාත් පස්සෙන් යනවා. ” එයී වර්නපාලයා, දැන් සාලිය කුමාරයා වෙලාලු නේද ?  අශෝක මාලගේ අත ගන්ඩලු නේද යන්නේ , හූ…’’කවුරු හරි එකෙක් ඔහොම කථාවක් කියලා හූවකුත් තියලා…. (මේ නොසන්ඩාල වැඩේ කරේ කවුද කියලා හිතා ගන්ඩ බෑ) හූ කියපු එකෙක් පේන්ඩත් නෑ.

දැන් කෙල්ලට  උතුර දකුන මාරුවෙලා … වර්නපාලතුමා කෙල්ලට වඩා අප්සෙට් මුඩ්.

ආයෙත් දවසක ලෙක්චර්ස් වලට යනකොට , වර්නපාල තුමාගෙයි කෙල්ලගේ නමයි සම්බන්ධ කරලා කට කැඩිච්ච කථාවක් කියලා, හූ කියලා….. දැන් වර්නපාල තුමා ෆුල් අවුට් , දවසම අප්සෙට් මුඩ්

ඔහොම යනකොට කෙල්ලට වර්නපාල තුමා ගැන  ,” අනේ පව් එයා” වගේ ෆීලින් එකක් ආව . කෙල්ල දැන් ටිකක් පොසිටිව්. ඔහොම ගිහිල්ලා කෙල්ල හොදටම පොසිටිව්  වුනා.

නමුත්  ඊලග අවුරුද්දෙ අලුත් කෙල්ලෝ ආවම වර්නපාල තුමා පරන කෙල්ලට බූට් එක තිබ්බ. අර තියරිම දාල අලුත්  කෙල්ලෙක් එක්ක  හාද වුනා.

ටික කාලයක්  යනකොට වර්නපාල තුමාගේ පැටිකිරිය එලියට ආව. කට කැඩිච්ච කථාවක් කියලා හූ කියන්නේ වර්නපාල තුමාම දාපු  සිසුවෙක්. (කෙල්ලගෙ අනුකම්පාව ගන්ඩ තමා මේ වැඩේ කරන්නේ)  . හූ කියන වැඩේ කරන සිසුවා හැම විභායක්ම උඩින්ම සමත් වෙනව.

මෑතකදී එකතරා රටක පොලිෂ් ප්‍රධානියෙකුට විවිධ ආකාරයේ අවලාද නැගුනා. දඩු මොනර යන්ත්‍රයකින් එයාගේ දුව ආව කියලා  වෙබ් සයිට් කාරයෙක් කීවා. ( එම අවලාද  වර්නපාල තුමාට ලැබුන අවලාද වල කාබන් කොපියක් බඳු විය)

සමස්ථ රට වැසියන්ම පොලිෂ් ප්‍රධානියා ගැන , ”අනේ පව් එයා” කියන තත්වයට පත් විය.නමුත් ඇත්ත කථාව වෙන එකකි

දැන් පොලිෂ් ප්‍රධානියාගේ පැටිකිරිය එලියට විත් ඇත. උසස් වීමක් සහ එක්තරා  චෝදනාවකින් බේරීමට  මෙම පොලිෂ් නිළධාරියා වර්නපාල තියරිය ඇප්ලයි කොට ඇති බව සොයා ගෙන ඇත. තවද  මොහුගේ  සමස්ථ ඉතිහාසයම වර්නපාල තියරියෙන් පිරී ඇති බව හෙළිදරව් වී ඇත.  ඒ පිලිබදව මහරජතුමාට සැලකිරීමට යන වග ආරංචී වී ඔහු පිස්සුවෙන් මෙන් හැසිරෙන බව අරංචිය.