හෝමාගම ක්‍රිකට් මගඩියට ජනපති ගෝඨාගෙන් බර අවි ප්‍රහාර

හෝමාගම ක්‍රිකට් මගඩියට  ජනපති ගෝඨාගෙන්  බර අවි ප්‍රහාර image 59

ලංකාව එදා මෙදා තුර  ඉතිහාසයේ දැවැන්තම අර්බුධයට ලක්ව ඇති බව කුඩා දරුවෙකු වුවද දන්නා එකකි. ලක්ෂ ගනනකට  ‍රැකියා අහිමි වී ඇත. රජයේ සේවකයන්ගේ පඩි ටික ගෙවා ගැනීමට මුදල් නැත . ආර්ථිකය නට්ටං වී ඇත. ජල බිංදුවක්වත් නැති පාසල් 583 ක් ඇත.

කාල්ටන් වලව්වේ දංකුඩ කන බන්දුල

නමුත් පසුගියදා , බන්දුල ගුණවර්ධන ලංකාවේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගනය හදන බව කිවේය. එම ක්‍රීඩාංගනය හැදීමට සැලසුම් කළේ  ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයෙන් ලංකාවේ ක්‍රිකට් දියුනු කිරීමට ලැබෙන අරමුදල් උගසට තබා ලබා ගන්නා ණය මුදලකිනි. නමුත් එම තීන්දුවට එරෙහිව විශාල විරෝධයක් මතුව ආවේය.බන්දුලට ලංකට් එකත් අහිමි විය. වලව් වල දංකුඩ කන විට මෙවැනි අජිර්න ඇති වීම ස්වාභාවිකය

ක්‍රිකට් මගඩියට එරෙහිව ජනපති ගෝඨා බර අවි ඔසවයි

හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගනයට විශාල ජනතා විරෝධයක් පැමිනිමත් සමග ඔහු මුලින් කී කථා  වෙනස් විය. ව්‍යාපෘතිය ජනපති ගෝඨාගේ අනුදැනුම මත සිදුවන බව බන්දුල මුලින් කිවේය. නමුත්  බන්දුලට එරෙහි පලමු බර අවි ප්‍රහාරය එල්ල වූයේ ගෝඨාගේ ප්‍රොක්සියක් වන ගම්මන්පිලගෙනි. ක්‍රිකට් මගඩියට ගෝඨාගේ පාර්ශවය එරෙහි වීම දේශප්‍රේමී ජනයාට අස්වැසිල්ලක් විය. නමුත් සටන ඉවර නැති බව දුරවබෝධ ජනයා දනී.

හෝමාගම ක්‍රිකට් මගඩිය ගැන ඉඟියක් !

හැංගි හැංගි වෙස් බැන්දාට නටන්නේ එළියේ කියා කථාවක් ඇත . හෝමාගම ක්‍රිකට් මගඩිය පි‍ටුපස සිටින චරිතය කවුරුන්ද යන්න පිළිබදව ඉඟියක් අද ලැබුනි. අද දින  හෝමාගම ක්‍රිකට් ව්‍යපෘතිය ගැන සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබුණි. එය පැවැත්වුනේ අරලියගහ මැදුරේය. සමුළුවේ මුලසුන හෙබවූයේ  මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂය. හිටපු ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් වන රෝෂාන් , මහේල, සංගා, මාලිංග ,සනත් ඊට සහභාගි විය. ඔවුන්ට ආරාධනය කර තිබුනේ නාමල්ය .

සූරියවැව හදා ඉතිහාසගත වූ නාමල

අරලිය ගහ මැදුරේ පැවැත්වුන ක්‍රිකට් සර්ව පාක්ශික සමුළුවට ගෝඨා නියොජනය කරමින් කිසිවෙකු පැමින සිටියේ නැත. හෝමාගම ක්‍රිකට් පිටිය හදන්නේ ජනපති ගෝඨාගේ  පූර්ණ උපදෙස් පරිදි යයි බන්දුල කී කථාව අමූලික බොරුවක් බව ඉන් පෙනී යයි. කරුණු එසේ වූ හෙයින්  හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගනය පි‍ටුපස සිටින්නේ නාමල් බව පෙනීයයි. හෝමාගම ක්‍රිකට් පිටිය යනු සූරියවැව තනා ඉතිහාසගත වූ නාමල්ගේ තවත් එක් ප්‍රොජෙක්ට් එකකි.

මහේල , සංගා , රොෂාන්ගේ කට වැසූ හැටි

සර්ව පාක්ෂික සමුලු , වට මේස සාකච්ඡා අපේ රටට  අළුත් දේ නොවේ. මේවායින් කරන්නේ ප්‍රශ්න වලට විසදුම් සෙවීම නොව ප්‍රශ්න යට ගැසීමය. ප්‍රශ්නයය කිසියම් පාර්ශවයකට අවශ්‍ය පරිදි කළමනාකරණය කිරීමය. ලෝකයා ගොනාට ඇන්ඳවීමය. සැබැවිනම අද අරලිය ගහමැදුරේදී කළේ ජනයා ගොනාට ඇන්දවීමකි. හෝමාගම ක්‍රිකට් මගඩියට විරෝධය පෑ මහේල , රෝෂාන්,සංගා වැනි නියම දේශප්‍රේමින්ගේ කට වැසීමකි.

ජනපතිගේ අවධානයට ලියා තබමු

අරලිය  මැදුරේ සමුලුවෙන් පසු  මාධ්‍ය  නිවේදනයක් නිකුත් විය . හෝමාගම ව්‍යාපෘතිය අවලංගු කළ බවක් එහි කිසි තැනක සදහන් නොවුනි. සූරිය වැව ක්‍රිකට් පිටියේ රස දන්නා බේබිලා  හෝමාගමට  නොපැමිනීමට හේතු නැත. හෝමාගම ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මකය, රට යථා තත්වයට පත්වන තුරු එය ක්‍රියාත්මක වන්නේ  තැපෑලෙනි.  දැන් රෝෂන්ට , මහේලට  ට්විටර් පනිවිඩ නිකුත් කළ නොහැක . අනියමින් කට වසා ඇත.  දුර දකින මග කියන ලංකා නිවුස් ඇප් ජනපති තුමාගේ අවධානය පිනිස සටහන ලියා තබමු