ඩොලර් 8 ක් දෙන පෝලිමේ මරණ 3, ගෝඨාගේ ඇඳි වතත් ගැලවෙයි

ඩොලර් 8 ක් දෙන පෝලිමේ මරණ 3, ගෝඨාගේ ඇඳි වතත් ගැලවෙයි image 61

ඊයේ දිනයේ මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු තෙරපීමෙන් මිය ගිය සිදුවීම මෙරට රජයේ ප්‍රතිරූපයට ඉතා නරක ආකාරයෙන් බලපා ඇති බව පැහැදිලිව පෙනී යයි. ශ්‍රී ලංකාවේ ජනයා කෑමක් බීමක් පවා සොයා ගැනීමට නොහැකිව අන්ත අසරණ වී ඇතැයි ලෝක මාධ්‍ය වාර්තා කරයි.

”ඩොලර් 8 ක් දෙන පෝලිමේ මරණ තුනයි ” ලෝක ජනමාධ්‍ය මාලිගාවත්ත සිදු වීම වාර්තා කලේ එලෙසිනි

ලෝකයම මහා ව්‍යවසනයකට මුහුන පා ඇති විටක පාර්ලීමෙන්තුව වසා දමා අත්තනෝමතික පාලනයක් ගෙන යන එකම රට ශ්‍රී ලංකාව බව ජගත් මාධ්‍ය සදහන් කරයි. බොරු සම්මාන , බුද්ධි අංශ මෙහෙයුම් වැනි ඇස් බැන්දුම් පෙන්වා බයි ජනයා ‍රැව‍ටුවද ජගත් ප්‍රජාව මාලිගාවත්ත සිදුවීම වාර්තා කරන ආකාරයෙන් ජනපතිවරයාගේ ඇඳි වත පවා ගැලවී ඇත.

කොරෝනා වෛරසය චීනය විසින් නිපදවූවක් බවට සැක මතුවීම සහ වසංගතය ගැන සත්‍ය වසන් කිරීම යන චෝදනා යටතේ ලෝක ප්‍රජාව චීනයට එරෙහිව නඩු පවරා ඇත. ඇමෙරිකානු යුධ නෞකා චීනය වටලා ඇත, ප්‍රහාරක යානා චීන අහස ආක්‍රමනය කොට ඇත.චීනා වසංගතයට පෙර පොල් හොරෙක් නම් අද ‘Most wanted’ ලැයිස්තුවට ඇතුලත් කොට ඇති ලෝක අපරාධ කරුවෙකි.

නමුත් අදටත් රාජපක්ෂලා ගැලරිය ගහන්නේ චීනය සමගය.එපමනක් නොව පාර්ලීමේන්තුව වසා දමා අත්තනෝමතික පාලනයක් ගෙන යයි. මෙම තත්වය නිසා ලෝක ප්‍රජාව ඉදිරියේ ලංකාව කොන් වී ඇත. ලෝකයේ අනෙක් රටවල් ලංකාවට අධාර නොකරන තීන්දුවකට එලඹ ඇත. නමුත් රාජපක්ෂලාට නම් වගේ වගක් නැත.

රාජපක්ෂලා කරන්නේ දැවෙන් ප්‍රශ්න වලට පිලියම් යෙදීම නොව බලය තහවුරු කරගැනීමට කුමන්ත්‍රණ කිරීමය . මේ සියල්ලෙහි වින්දිතයන් වන්නේ අහිංසක ජනයාය. මහජන දේපල හොරා කමින් සි‍ටුවරු බවට පත්ව ඇති දේශපාලකයන්ට ප්‍රශ්න නොතිබුනද , ජනයා අන්ත අසරන තත්වයට පත්ව ඇත.බඩගින්නේ මිය යන තැනට පත්ව ඇත