සමගි ජන බලවේගය තුනට කැඩෙයි..! අභ්‍යන්තර අවුල පුපුරා යයි..!

සමගි ජන බලවේගය තුනට කැඩෙයි..! අභ්‍යන්තර අවුල පුපුරා යයි..! image 66

සමගි ජන බලවේගය 3 කැඩී ඇති බව ඉතා විශ්වාස දායී ආරංචි මාර්ග පවසා සිටියි. තිස්ස අත්තනායක ගේ ආගමනය සහ පාඨලී චම්පික රණවක ගේ ක්‍රියා කලාප හේතුවෙන් අර්බුද උත්සන්න වී ඇත.

සජිත් ප්‍රේමදාස එජාප නායකත්වයට පත් කළ යුතු බවට හඬ නැගූ මද්දුම බණ්ඩාර, තලතා , සුජීව , අශෝක් , නලින් ඇතුළු කණ්ඩායම නොසලකා හරිමින් තිස්ස අත්තනායකට අවශ්‍ය ලෙස කටයුතු කිරීම හේතුවෙන් එක් අර්බුදයක් නිර්මාණය වී ඇත

තලතා , අශෝක් සහ සුජීව පසුගිය සිකුරාදා (23) සජිත් ප්‍රේමදාස හමුවී ඔහුගේ මුණටම විරෝධය ප්‍රකාශ කර ඇත. අපහසුම කාල වල දී සජිත් රැක ගැනීමට කටයුතු කළ කණ්ඩායම ගණන් නොගෙන තිස්ස අත්තනායක වැන්නවුන්ගේ උවමනා එපාකම් ඉටු කිරීම පිළිබඳව විරෝධය පළ කර ඇත.

තිස්ස අත්තනායක සමගි ජන බලවේගයේ පක්ෂ මහ ලේකම්කම ලැබෙනු ඇති බවට බලාපොරොත්තු දල්වා ගෙන සිට ඇතත් එම තනතුර ඔහුට නොලැබීමත් සමග ඔහු වෙඩි කෑ ඌරෙක් මෙන් හැසිරීමට පටන් ගෙන ඇත

මහ ලේකම්වරුන් දෙදෙනෙක්..
———————————-
මේ තත්ත්වය තුළ සජිත් ප්‍රේමදාස මහතා දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර තිස්ස අත්තනායකටද දේශපාලන කටයුතු කිරීමට ඉඩ ලබා දී ඇත. නමුත් ඉන් අනතුරුව මහ ලේකම් මද්දුම බණ්ඩාර නොතකා තිස්ස අත්තනායක මහ ලේකම් ලෙස හැසිරීමට පටන් ගෙන ඇත

මෙම තත්ත්වය මත රංජිත්, අශෝක්, සුජීව සහ තලතා ඇතුළු පිරිසක් තිස්ස අත්තනායකට එරෙහි ව යුධ ප්‍රකාශ කර ඇත.

රංජිත් මද්දුම බන්ඩාගේ කැටපෝල වලට බිය නොවූ තිස්ස අත්තනායක තමන්ට පක්ෂපාතී කල්ලියක් යොදා ගනිමින් දේශපාලන කටයුතු ආරම්භ කොට ඇත.

සජිත්ට වඩා බලවත් පාඨලීගේ කණ්ඩායම..
———————————-
සමගි ජන බලවේගය තුළ නිර්මාණය වී ඇති බරපතලම බල අර්බුදය වන්නේ සජිත් ප්‍රේමදාස ගේ සහ පාඨලී චම්පික රණවක ගේ කණ්ඩායම් අතර ඇති අභ්‍යන්තර අර්බුදයයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ද මෙම අර්බුදය කරළියට පැමිණි අතර සජිත් ප්‍රේමදාස ගේ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු බාර ගෙන සිටි චම්පිකගේ මාධ්‍ය කණ්ඩායම එම කැම්පේන් එකෙන් ඉවත් කිරීමට තරම් අර්බුධය බරපතල විය . මේ වන විට සජිත් ප්‍රේමදාස ට වඩා වේගයෙන් පාඨලී චම්පික රණවක සමගි ජන බලවේගය තුල ජනප්‍රිය වීමත් සමග සජිත් අර්බුධයෙන් අර්බුධයට ගොස් ඇත

තවද, සජිත් ප්‍රේමදාසගේ අභ්‍යන්තර කවය වන මෛත්‍රී , ශිරාල් , පුද්ගලික ලේකම් රවී ජයවර්ධන චම්පිකගේ වැඩපිළිවෙළ අනුමත කරන තත්වයක සිටීම නිසා සජිත් අන්ත අසරණ තත්වයකට පත්ව ඇත.

සජිත් තනිවෙලා..
———————————-
නිර්මාණය වී බල අර්බුද හමුවේ සමගි ජන බලවේගය කොටස් තුනකට කැඩී ඇති අතර සන්ධානය සමග එක්ව ඇති සෙසු හවුල්කාර පක්ෂ ද මෙම තත්ත්වය මත බරපතල අර්බුදයකට මුහුණ පා ඇත.

සජිත් ප්‍රේමදාස නායකයා ලෙස කිසිදු පාර්ශ්වයකින් නොපිළිගන්නා අතර කෙසේ හෝ මෙවර මහ මැතිවරණය තම මන්ත්‍රී ආසන රැක ගැනීම අරමුණ වී ඇත.

මෙම වටපිටාව තුළ සජිත් ප්‍රේමදාස කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව තම ප්‍රතිරූපය නංවා ගැනීමට කුමක් හෝ කරමින් කාලය ගෙවා දමමින් සිටියි

කිලී මහාරාජා ලබා දුන් කොම්පඤ්ඤවීදියේ කාර්යාලය වසා දමා සජිත් ප්‍රේමදාස අලුතින් ආරම්භ කරන ලද සිරිකොත අසල පක්ෂ කාර්යාලය ද මේ වන විට නඩත්තු ගෙවීම් කර ගැනීමට නොහැකි ව වසා දමා ඇත. පක්ෂ කටයුතු සඳහා විපක්ෂ නායක කාර්යාලය නීති විරෝධී අයුරින් භාවිතා කරමින් සිටියි.

අප ඇත්ත කියන විට රිදුනු දේශපාලුවන් අපට එරෙහිව සුනඛයන් උසි ගැන්වූයේය . බුරන බුරන බල්ලන්ට ගල් ගැසීමට නැවතුනි නම් තවම අපිත් එතැනය.

දුර දකින මග කියන ලංකා නිවුස් ඇප් මුල සිටම කියූ කතා අකුරක් නෑර සත්‍ය වීඇත.