ගෝඨාට විෂන් එකක් තිබුනාට මිෂන් එකක් නෑ

ගෝඨාට විෂන් එකක් තිබුනාට මිෂන් එකක් නෑ image 69

කිසියම් රටක්, ආයතනයක් හෝ පුද්ගලයෙකු ව්‍යාපාරික අරමුණු අපේක්‍ෂාවෙන් විදේශීය රටක සිදුකරනු ලබන ආයෝජනයන් විදේශීය ආයෝජන ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටවල ඉතුරුම් – ආයෝජන පරතරය හා ආනයන- අපනයන අතර පවත්නා පරතරය පියවාගැනීම සඳහා විදේශීය මූලාශ‍්‍රයන්ගේ සහය ලබාගැනීමට සිදුවේ. එහිදී විදේශීය සෘජු ආයෝජන ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන්නකි.

යුධ වාතාවරණය විදේශීය ආයෝජන ආපසු හැරවීමට හේතු විය. අත ලගටම ආ  මෝටරෝලා, හැරිස් වැනි ආයතන 1983  කළු  ජූලිය නිසා ආපසු ගියේය. යුද්ධය නිමා වුවද,  මෙරටට විදේශීය ආයෝජන ආකර්ශනය කර ගැනීමට පාලකයන් අපොහොසත් විය. ඔවුන් කළේ ගිණි පොලියට චීනයෙන් ණය ගෙන ප්‍රොජෙක්ට කිරීමය (ඒවාට චීන ආධාර යයි ලේබල් කළේය ) . අපිට අධාර  එපා අපිට අවශ්‍ය විදේශ ආයෝජන යයි  ජනපති ගෝඨා කියන්නේ එබැවිනි.

නමුත් ආයෝජන ආකර්ශණය කරගෙනීමට තරම් කාර්යක්ෂම යාත්‍රණයක් ගෝඨාගේ පරිපාලනය තුල නොමැත. මෙරට ආයෝජනය කිරීමට කැමති ආයෝජකයෙකු එවන ප්‍රොජෙක්ට එකකට පිලිතූරු යැවීමට තරම් වත්  ජනපති ලේකම් කාර්යාලය කාර්යක්ෂම නැත. චීන ආයෝජකයන් මෙන් නොව බටහිර ආයෝජකයන් අල්ලස් නොදෙන බව ගෝඨාගේ නිලධාරීන් තේරුම් ගත යුතුය .අප එසේ කියන්නේ සාක්ෂි සහිතවය. ගෝඨාගේ රජයට විෂන් එක තිබුණාට මිෂන් එක නැත

ආයෝජන යථාර්තයක් බවට පත් කර ගැනීමට නම් ආයෝජකයන්ට  අඩුම තරමින්  මානුෂික ලෙස  සැලකිය යුතුය. විනිවිද භාවය  අත්‍යවශ්‍ය කොන්දේසියකි. මෙරට ආයෝජනයට ආ ගූගල් සමාගම ආපසු ගියේ මෙම සාධකයේ වූ  හීනතාවය නිසාය. පාලකයන් පමනක් නොව මෙහි වගකීම පූජකයන් සහ ජනතාවද බාර ගත යුතුය. මාර්ගවල උද්ඝෝෂණ කර  පෙළපාලි ගොස් කාලය කාදමන මිනිසුන් සිටින රටකට ආයෝජකයන් එන්නේ නැත.

කොටස් වෙලද පොල විදෙස් ආයොජන හා බැඳුනු මර්මස්ථානයකි .කොටස්වෙළෙඳපොළ හොරු රැළකගේ ග‍්‍රහණයට හසු වී ඇත්නම් එය නියාමනය කළ යුතුය. ‘කොටස් වෙළෙඳපොළට අධි නියාමනයක් අවශ්‍ය නැතැයි කියන්නේ ජාවරම් කරුවන්ය .ඉඳිකටුවක්වත් නිෂ්පාදනය නොකොට ආයෝජන පිළිබද වැදි බන දෙසන සුදු කර පටි හොරුන්ගෙන් රට ආරක්ෂා කර ගත යුතුය.

ගෝඨාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ආයොජකයන් සම්බන්ධව මීට වඩා වග වීමෙන් කටයුතු කළ යුතුය. මෙය ගෝඨාගේ පුද්ගලික කාර්ය මන්ඩලයට රිංගා ගෙන සිටින හොර තක්කඩියන්ට කරන අනතුරු ඇඟවීමකි