අහසින් ගිය ඉබ්බා සහ සජබ හැදූ සජියා

අහසින් ගිය ඉබ්බා සහ සජබ හැදූ සජියා image 74

එජාප නායක  රනිල්  අකුරු කලේ ලංකාවේ පාසැලකිනි. ඕ ලෙවල් කළේ  ලංකාවේය. රනිල් උසස් පෙල ඉහලින් සමත් වී කොලඹ විශ්ව විද්‍යාලයට ඇතුල් විය. රනිල්ගේ නීති උපාධිය ඇතුලු සියළු සහතික ජෙනුවින් ඒවාය. එජාප උපනායක රවි  ඕ ලේවල් කළේ ලංකාවේය , ඒලෙවල් කළේ ලංකාවේය. රවි වරලත් ගනකාධිකාරීවරයෙකි.

රනිල් සහ රවි  ළඟ තිබුණු පරිණත දැනුමට සහ දැක්මට පක්ෂයේ බොහෝ දෙනෙක් ඊර්ෂියා කළහ. රනිල්  රවී ප්‍රායෝගික නැතැයි කීහ. බිම් මට්ටම හදුනන්නේ නැතැයි කීහ. ටයි කෝට්  කාරයන් යයි කීහ.  සජිත් ගේ පුංචි මොළයට අනුව රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රායෝගික නැත. ඒවා මහ පොලොවේ දිවිය නොහැක . සජිත්  එජාප  සාමාජිකත්වය ගත් දා සිට කීවේ මේ සින්දුවය.

සජිත් එජාප සාමාජිකත්වය ලබා ගත් පලමු දා පටන් කළේ කුමන්ත්‍රණ කිරීමය. රනිල්, රවි  වැනි දක්ෂයයින් පන්නා දැමීමට දිය යටින් ගින්දර ගෙන ගියේය . අවසානයේ, සජිත් අළුත් පක්ෂයක් හදාගෙන එළියට ගියේය. නමුත් සිදුවූයේ කුමක්ද? අද සජිත් මුළුමනින්ම අසාර්ථක වී ඇත. සජිත් ගේ නායකත්වය පිලිගැනීමට කිසිවෙකු කැමති නැත.සජිත්ට තම පක්ෂයේ ඉහල ධාරව පමනක් නොව බිම් මට්ටමද අහිමි වීඇත.

එක්සත් ජාතික පක්ෂයට හැමදාම කොඩිවින කළේ එළියෙ ඉන්න හතුරන්ට වඩා ඇතුලෙ ඉන්න හතුරන්ය. සජිත් නැමති හූනියම ඉවත් වූ පලමු හෝරාවේ සිට එජාපය දළු ලා වැඩීම ආරම්භ විය. එජාපය විනාශය වූයේ රනිල් නිසා නොව දිය යටින් ගින්දර ගෙන ගිය සජිත් නිසා බව දැන් ඔප්පු වී ඇත.රනිල් රවිගේ නායකත්වයට සුජාත බවක් ලැබී ඇත. පක්ෂ නායකත්වය තාත්තාගෙන් පුතාට උරුම බූදලයක් යයි සිතා, කුමන්ත්‍රණ කළ බූරු පුතාට කළකම් පල දී ඇත.

කොරෝනාව ව්‍යවසනයක් වුවද මිනිසුන් නිවරදි මාන කරා ‍රැගෙන ගොස් ඇත. කොරෝනාව ලෝකය තුල වූ බොහොමයක් බෙදුම් රේඛා උඩු යටි කුරු කළේය. කෙරෝනා පැමිණිමට පෙර සජිත් යනු පොඩි මිනිසුන්ගේ දුක දන්නා එකම නායකයාය.  රනිල්-රවි යනු ටයි  කෝට්  කාරයන්ය .රවි  යනු සඳළුතලයෙන් බිමට නොබසින අයෙකි.  රවි යනු පොඩි මිනිසුන්ගේ දුක දන්නේ නැති අයෙකි. නමුත් කෝරෝනාව මේ සියල්ල උඩු යටිකුරු කළේය.

රවි කවරෙක්ද යන්න ලොවට පසක් විය. එළවලු ලොරිය බන්ඩාරවෙල සිට හිමිදිරියේ පැමිනි විට ”අන්ලෝඩ්” කලේ රවි ඇතුළු පවුලේ පිරිසය.රවි මිනිසුන්ගේ දුක බැලීමට ඔවුන්ගේ දෙපා ලගට ගියේය. කිරි පිටි ටික ගන්ඩ වත්කමක් නෑ, කියා දුරකථන ඇමතුමක් ලැබුණු විට , රවි ඔවුන්ගේ ලිපිනය ලියා ගත්තේය. රවි තරම් පොඩි මිනිසුන්ට පිහිට වූ අයෙක් තවත් නොමැත. දුප්පතාගේ හිතවතා ලෙස හමක් පොරවාගෙන සිටි සජිත් වීඩියෝ නිකුත් කරමින් පිස්සු කෙලියා මිස ජනයා වෙනුවෙන් කළ දෙයක් නැත.

නියම නායකයා කවරෙක්ද යන්න හඳුනා ගත හැක්කේ  ජයග්‍රහනයේදී ජය පැන් බොන  ලීලාව අනුව නොව පරාජයේදී අර්බුධ කලමනාකරණය කරන අන්දමිනි . අද, දුර දකින , මග කියන රනිල් රවීගේ දේශපාලන පරිචයට ඉල්ලුමක් ඇත. රනිල් රවි ගැන ජනයා තුල අභිමානයක් ජනිත වී ඇත . රට ගොඩ නැගීමට ඔවුන්ගේ දේශපාලන දැනුම, රාජතාන්ත්‍රික සබඳතා, ආර්ථික දැක්ම අත්‍යවශ්‍ය බව පක්ෂ විපක්ෂ  බොහොමයක් පිළිගෙන ඇත. සත්‍ය දිය යට රදවා ගෙන සිට්න රබර් බෝලයක් බඳුය. මතු වීම එහි ස්වභාවය වෙයි.

අහසින් ගිය වාචාල ,උද්දච්ච ඉබ්බාට අත් වූ සන්තෑසිය සජිත්ට අත් විය