සජිත්ට රා බුන් මීයා වැහෙයි – හෙට බලය අල්ලනවලු

සජිත්ට රා බුන් මීයා වැහෙයි – හෙට බලය අල්ලනවලු image 92

සජිත් හෙට දින  එනම් 29  එජාපයේ  කෘත්‍යාධිකාරි මණ්ඩලය ‍රැස් කොට  පක්ෂයේ  බලය අල්ලන  බව කියයි. සජබ පිලේ පී.අජිත් සිය මුහුණු පොතේ එවැනි සටහනක්ද දමා ඇත.  නමුත්  තමා දැමූ සටහන ගැන පී. අජිත්ටද  ෂුවර් නැත. එය විටෙක පබ්ලික් පොස්ට් එකකි, විටෙක ෆෙන්ඩ්ස් ඔන්ලිය , තවත් විටෙක ඔන්ලි මී පොස්ට් එකකි.

සජිත්ට රා බුන් මීයා වැහෙයි – හෙට බලය අල්ලනවලු image 93

මේ සම්බන්දව අකිල කීවේ මෙවැන්නකි. වෙනත් පක්ෂ වලින් තරග කරන අයගේ  පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට නියමිත බවත් හෙට දින ඒ වෙනුවෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය ‍රැස්වන බව  ඔහු කීවේය.ඒ අනුව සජිත් ප්‍රේමදාස ඇතුලු සාමාජිකයන් 102කගේ එජාප සාමාජිකත්වය අත්හිටුවීමට නියමිත බව ඔහු කීවේය.

සමස්ථ චිත්‍රය පිලිබදව එජාප ජේෂ්ඨයෙකු කීවේ මෙවැන්නකි. ශීරාල් මෛත්‍රී ඇතුළු පිරිසක් සිරිකොතට ගල් ගැසුවේ සජිත්ගේ මෙහෙය වීමෙනි. ගල් ගසා හිරේ ගිය පිරිසට සජිත්ගේ දෑතින් රු 25000- සිට 100000දක්වා ප්‍රසාද මුදල් ලැබුනි.දුලංජලීගෙන්, සිසිල් පැන් ලැබුනි. සිරිකොතට ගල් ගැසූ සජිත් ඇතුළු පිරිස එජාපයෙන් එලවා දැමිය යුතුව තිබුනේ මීට බොහෝ කලකට පෙර බව ඔහු කීවේය.

සජිත් එජාපයට පමනක් නොව සිය පියාටද ද්‍රෝහී වී අළුත් පක්ෂයක් පිහි‍ටුවා ගත් බව කුඩා ලමයෙක් වුවද දන්නා කරුනකි. කරුණු එසේ හෙයින් හෙට දින සජිත් ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම ඉඳුරාම යුක්ති යුක්තය .  ඊට අවැසි සියලු කටයුතු සූදානම්ය. නියමිත ඝන පූරණය සහතිකය . සජිත් ලැජ්ජාව වසා ගැනීමට  හතර බීරි කථා සමාජ ගත කරමිනි සිටියි.

එජාපයේ ‘දුර දකින-මග කියන’ නායකයා, පී. අජිත්ගේ FB සටහන ගැන අපූරු කථාවක් කීවේය.

රා බී වෙරිවුණු මීයෙක් පූසා නැති තැන ‘මරනවා මම තඩි බලලා’ අදී වශයෙන් වහසි බස් දෙඩුවාලු. නමුත් බළලා ඉදිරියට පැමිණි විට මීයා කිවේ වෙන කථාවක්ලු.

‘කාපු බීපු වේලාවට – පුංචි විහිළුවක් කෙරුවට, රාළහාමිලා වගේ අය – ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය’ (ජිස්සීස් කන්ඩායම ගායනා කරන ගිතය)

එම කථාව සජිත්ගේ පිලේ බොහෝ දෙනෙකුට අදාලය . ප්‍රමාද වී හෝ නිවරදි තීන්දුව ගත් සජබ සමාජිකයන් ආරක්ෂිතය . එජාපයට යලි එක්වීමට ප්‍රතිඥා දී ඇති සජබ පිලේ අයගේ  පක්ෂ සාමාජිකත්වය  අහෝසි නොකරන ලෙස රනිල් දැනුම් දීඇත.