මහා සංග්‍රාමයට දෙපාර්ශවය සූදානම් – ලංකාව අර්බුධයෙන් අර්බුධයට

මහා සංග්‍රාමයට දෙපාර්ශවය සූදානම් – ලංකාව අර්බුධයෙන් අර්බුධයට image 94

චීනය ඊයේ කෝවිඩ් වසංගතයට මුවා වී හොං කොං රාජ්‍යට සිය මිලිටරිය ඇතුල් කළේය. අද දින හොං කොං වැසියන් චීන රතු හමුදාවට සිය විරෝධාව ප්‍රකාශ කරමින් වීදි වලට අවතීර්න විය. සුපුරුදු පරිදි චීන රතු හමුදාව සමාකාමී විරෝධතාවයට පිළිතුරු දුන්නේ ලෙයින් සහ යකඩිනි . කඳුළු ගෑස් , රබර් උන්ඩ වලට සීමා නොවුනු චීන මිලිටරි ජුන්ටාව සිවිල් වැසියන්ට එරෙහිව  ජීව උන්ඩ ද භාවිතා කොට ඇත. මහජන නැගිටීම  මර්ධනය කිරීමට උත්සාහ ගත්තද , එය මේවන විට  නොනවතින ‍රැල්ලක් බවට පත් වී ඇත.

මේ අතර චීන  ජනාධිපති ෂී ජින් පින්  ජාතික ජනතා සම්මේලනයක් කැදවා  ‘සටන් සූදානම ඉහළ නැංවීම’ ගැන කතා කරමින් “නරකම අවස්ථාවන්ට” සූදානම් වන ලෙස නියෝග කොට ඇත..

චීනය තමන් සතු නවීන ගුවන් යානා හාරක නෞකා (Aircraft Carrier) දෙකක් (Liaoning සහ Shandong) තායිවානය ආසන්න බොහායි බොක්ක (Bohai Bay) ආශ්‍රිත මුහුදට යවා සජීවී යුධ අභ්‍යාසයක් ආරම්භ කර ඇත

චීනයේ යුධ සූදානම ජපානය,  එක්සත් ජනපදය, ඉන්දීයව සහ තායිවානය ඉතා සීරුවෙන් අධ්‍යනය කරමින් සිටියි. චීනය වෙතින් එල්ල වන ඕනෑම් ප්‍රහාරයකට මුහුන දීමට ඔහුන්ද සූදානම්න් සිටියි.

තායිවානය සිය යුධ ශක්තිය නංවාලීම සඳහා ප්‍රංශයෙන් La Fayette පන්තියේ නැව් හයක් ඇනවුම් කොට ඇත. තවද තායිවානයට සහාය දක්වනු වස් එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රාවක් ( Arleigh Burke-class destroyer) තායිවාන් මුහුදු සීමාවට පැමින ඇත.

චීනයට එරෙහිව ලෝකයම එක් යුධ පෙරමුනකට  ගොණු වන ප්‍රවණතාවයක් මේ වන විට ඇති වෙමින් පවති. රාජපක්ෂලා විසින්  චීන්නු ලංකාවට වද්දා ගැනීම නිසා කුඩා දිවයින ගිරයට අසු වූ පුවක් ගෙඩියක් බවට පත්වෙමින් ඇත.