පැන්ෂන් ගිය හමුදා නිළධාරීන් වැඩ බැරි ටාසන්ලා ?

පැන්ෂන් ගිය හමුදා නිළධාරීන් වැඩ බැරි ටාසන්ලා ? image 96

වෙළඳපොළේ හාල් හිගයක්  පවතින බව රහසක් නොවේ.බොහෝ විට එය කෙලවර වන්නේ හාල් ආනයනය කිරීමෙනි.එවිට වරායට හාල් එන්නේ ගොයම් කැපෙන කාලයටය. ආනයන හාල් පැමිනි විගස හාල් මිල අඩුවෙයි, වී මිලද අඩුවෙයි. එවිට ගොවියා අනාථ වෙයි. මෝල් හිමියන් තුට්ටු දෙකට වි අරගෙන ගබඩා කරයි. හාල් සගවා වෙලද පොලේ හාල් හිගයක් ඇති කරන්නේ පොලොන්නරුවෙ කුප්‍රකට වෙළදුන් කිහිප දෙනාය. ඉන් පසු අඩු මිලට වී ටික ගන්නේද ඔවුන්මය.හාල් මා‍ෆියාව  යනු මෙයයි.

කෘෂිකර්ම අමාත්‍යංශය –  ලේකම් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා

මේ දක්වා හාල් මා‍ෆියාවේ කෙස් ගහකටවත් අත තැබීමට කිසිවෙකුට හැකි වී නැත.තවද මාධ්‍ය සංදර්ශන මිස වී ටික මිලදී ගැනීමට ක්‍රමවත් සැලැස්මක් නැත. රටේ දරුණු පොහොර හිගයක් ඇත.  තේ වගාකරුවාට තේ පොහොර නැත. වී ගොවියාට පොහොර නැත.  එළවළු ගොවියාට අවශ්‍ය පොහොර නැත. පොහොර සංස්ථාව හදන පොහොර ටික හොර පාරේ ආණ්ඩුවේ හෙංචයියන් අතට පත් වෙයි.  ගෝඨාභය බලයට ආවේ  පොහොර නොමිලේ දෙනවා කියමිනි. අසරණ ගොවියාට නොමිලේ තියා මුදල් දී ගැනීමට වත් පොහොර නැත. මින් කෘෂිකර්මාන්තයට විශාල අගතියක් සිදුවන අතර  අවසානයේ ගොවියාත් පාරිබෝගිකයාත් යන දෙදෙනාම අනාථ වනු ඇත

වී මිලදී ගැනීම- හමුදාපති සහ බ්‍රිගේඩියර් අයි.පී කන්දේආරච්චි

හමුදාව වී මිලදි ගැනීම ඇරබුවේ සංදර්ශන තියමිනි. සහල් මාෆියාව අවසන් යයි කීවේය, ගොවියාට උපරිම මිල දෙන බව කීවේය. පාරිබෝගිකයාට අඩු මිලට සහල් ලැබෙන බව කීවේය. නමුත් ඒ එකක්වත් සිදු වී නැත.

”හාල් හංගන් ඉන්නෙ කවුද? නැත්තෙ කවුද? අපි ළඟ ඔක්කොම ඬේටා බේස් එක තියෙනවා” යැයි වී මිලද ගැනීමට පත් කළ බ්‍රිගේඩියර් කීවේය. (ඔහු මේ කථාව කීවේ ජනපති ඉදිරියේදීය) එය මුසාවක් බව දැන් ඔප්පු වී ඇත. හාල් සගවා තිබෙන ස්ථාන හමුදාව සතු නම් පාරිබෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපති  සැගවූ හාල් සෙවීමට ගොස්  කිච වන්නේ ඇයි?  

හමුදාව වී ටොන් 50,000 ක් මිලදී ගෙන මාස 9 ක් කන්න හාල් තියෙනවා කීවේය. නමුත් වී ටොන් 50,000 කින් රටට කන්ඩ හාල් දීමට හැක්කේ දින 8 කට පමනි.  ලංකාවේ මාසික සහල් පරිබෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 3කි . වසරක වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 40000 පමන වෙයි

මේජර් ජනරාල් සංජීව මුණසිංහ – ලේකම් සෞඛ්‍ය සේවය

පසුගිය දින වල  හෙද හෙදියන්ගේ වර්ජන සුලභ දසුනක් විය.දීමනා කප්පාදු කිරීම, ප්‍රවාහන පහසුකම් විධිමත් නොකිරීම, චක්‍රලේඛන නොසලකා හැරීම, හෙද සේවාව නොසලකා ක්‍රියාකිරීම ආදී කරුණු මුල්කර හෙද හෙදියන් විරෝධතා දක්වන අයුරු දැකිය හැකි විය .

මැදපෙරදිහ  ලක්ෂයක පමන අනවසර ශ්‍රමිකයන් පිරිසක් සිරවී සිටියි. විශේෂයෙන් කුවෙට් රාජ්‍යයේ 19000ක පමන අනවසර ශ්‍රමිකයන් පිරිසක් සිටියි. මේ වන විට එය දැවැන්ත මානුෂීය අර්බුදයක් බවට පත්ව ඇත. රාජතාන්ත්‍රික ගැ‍ටුමක් බවට පත් ඇත. ඊට ප්‍රධානම හේතුව  විදේශ අමාතංශය සහ සෞඛ්‍ය අමාතංශය අතර පැවැති කඹ ඇදීමය

සභාපති පාරිභෝගික කටයුතු අධිකාරිය- මේජර් ජනරාල් ඩි.එම්.එස්. දිසානායක



මේ වන විට වැඩි මිලට හාල් අලෙවි කිරිම නිසා සිල්ලර වෙළඳුන්  උසාවි ගෙනියන තත්ත්වයක් නිර්මානය වී ඇත. පාරිබෝගිකයා හාල් මිලදී ගන්නේ සිල්ලර වෙලෙන්දාගෙනි. සිල්ලර වෙළෙන්දා හාල් ගන්නේ තොග වෙලෙන්දා ගෙනි. තොග වෙලේන්දා හාල් ගන්නේ මෝල් හිමියා ගෙනි. හාල් වෙළදාමින් අධි ලාබයක් ලබන්නේ විශාල මෝල් හිමියන් කිහිප දෙනා පමනි.

පසුගියදා පාරිබෝගික අධිකාරියට පත් කල විශ්‍රාමික ජෙනරාල් මැනින් මාර්කට් එකට් ගොස් එහි සිටි සිල්ලර වෙලෙන්දෙකුට කන පැලෙන්ඩ ගහනවා කියා තර්ජනය කළේය. නමුත් සහල් මා‍ෆියාව මෙහෙය වන අරලිය මෝලට  ගිය විට හැසිරුනේ  බලු කුක්කෙකු ලෙසය.

තවද ඉතිහාසයේ පලමු වතාවට හාල් වර්ග 5 කට රු. 90 උපරිම සිල්ලර මිලක් නියම කළේය. ( නාඩු, සම්බා, කීරී සම්බා, රතු කැකුළු, සුදු කැකුළු හාල්)  වෙළද පොල සාධක අනුව මෙම සහල් වර්ග 5 එක මිලකට අලෙවි කළ නොහැක. සතියක් ගත වීමට මත්තෙන් පාරිබෝගික අධිකාරිය හොම්බෙන් ගියේය.