මාධ්‍ය විසින් වීරයෙකු කල තවත් ප‍තෝලයෙකුගේ කථාව

මාධ්‍ය විසින් වීරයෙකු කල තවත් ප‍තෝලයෙකුගේ කථාව image 105

අපේ රටේ ජන මාධ්‍ය සහ සමාජ ජාල අමුතුම එකකකි. පොළොන්රුවේ සිටි කලවැද්දෙකු යහපාලන වීරයෙකු කිරීමට ලංකාවේ මාධ්‍ය සමත් විය.

පොඩි මිනිසුන්ගේ වැදී එන හුලගක්වත් වදිනවාට අකමැති,පොඩි මිනිසුන් තමන්ගේ අත ඇල්ලූ විට වේදිකාව මත අත හෝදන සජිත් බිම මට්ට්මේ නායකයෙකු කළේ ලංකාවේ මාධ්‍ය විසිනි

ප්‍රමුඛ , සක්විති, ගෝලඩන් කී, ඊ ටී.අයි, ස්වර්ණ මහල්, ද ‍ෆිනෑන්ස් , ඔරියන්ට් වැනි නියම බැංකු හොරුන් ආරක්ෂා කලේ මෙරට මාධ්‍ය විසිනි. ( මෙම ආයතන බංකොලොත් වී තිබියදී 17% – 23% පොලියක් ගෙවනවා කියා ඇඩ් පල කළේ , තැන්පත් කරුවන් සියයකට වැඩි ගනනක් සිය දිවි හානි කරගෙන තිබුනද ඒවා ගැන අකුරක් නොලියන්නේ ලංකාවේ මාධ්‍ය කරුවන්ය )

නමුත් රු 10000 කින් වැ‍ටුප් වැඩි කල , මහපොල ශිෂ්‍යාධාර රු 5000 කළ, ගෑස් රු 1000 කින් අඩු කල , ඉන්ධන අඩු කල , වැඩිම විදේශ ආයෝජන රැගෙන ආ මුදල් ඇමති බැංකු හොරෙක් කළේ මෙරට මාධ්‍ය විසිනි

අද අප කීමට යන්නේ මාධ්‍ය විසින් වීරයෙකු කල ප‍තෝලයෙකුගේ තවත් කථාවකි.

කොරෝනා වසංගතය අස්සේ මුහුදු තීරය වැලි වලින් පුරවන්නට ආණ්ඩුව වැය කළ මුදල මිලියන 890 ක් එනම් රුපියල් ලක්ෂ 8900 බව කියවෙයි.

ලංකාවේ වෙරළ තීරය උවමනා විදියේ සෙල්ලම් දැමිය හැකි ස්ථානයක් නොවේ. ඔනෑම රටක, ප්‍රාන වායුව වෙරල තීරය වෙයි.

කොමිස් කුට්ටි වලට ගිජුවී සිදු වන මුහුද ගොඩකීරීම නිසා එක් පැත්තකින් අම්බලන්ගොඩ මුහුදු තීරය දක්වාත් අනිත් පැත්තෙන් පුත්තලම දක්වාත් මුහුද සහ වෙරෙළෙහි හැසිරීම් වෙනස් වී තිබේ.

දින 40 ක් තිස්සේ වැලි මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකහමාරක් මේ වෙරෙළ තීරයපිරවීමට යොදා ගෙන ඇත.මේ වන විට, පිරවූ වැලි සියල්ල සහ ගොඩ බිමින් කොටසක්ද මුදට සේදී ගොස් ඇත

මේ පිළිබඳව ප්‍රශ්ණ කිරීමට දැන් ජනතා අධිකරණයක් නොමැත.
පාර්ලිමේන්තුවක් යළි අරඹන දවසක් ගැන ආරංචියක් නැත.

වැලි පුරවා මුහුදේ දිය කර දැමූ රුපියල් මිලියන 890 ට වගකිවයුතු උන් පිළිබදව ගැන ගෝඨා සිටින්නේ නිහඩ ප්‍රේක්ෂකයෙකු ලෙසිනි. ප‍තෝලයෙකු වූ සිරිසේන යහපාලන වීරයෙකු බවට පත් කලේ සමාජ ජාලා සහ මාධ්‍ය විසිනි. ගෝඨා ගැන කීමට ඇත්තේද එපමනි

මාධ්‍ය විසින් වීරයෙකු කල තවත් ප‍තෝලයෙකුගේ කථාව image 107