ටෙන්ඩර් මගඩියකට විරෝධය පා ICTA ලොක්කා ඉල්ලා අස්වෙයි

ටෙන්ඩර් මගඩියකට විරෝධය පා ICTA  ලොක්කා ඉල්ලා අස්වෙයි image 109

ජනාධිපති ගෝඨා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ සෞභාග්‍යයේ දැක්ම ඉදිරි පත් කරමින් කියා සිටියේ තාක්ෂණය මත පදනම් වූ ශ්‍රී ලංකාවක් ගොඩනගන බවය. නවීන තාක්ෂණයේ හදවත තොරතුරු තාක්ෂණය ලෙස හැදින්වීමෙහි අතිශයොක්තියක් නැත. තොරතුරු තාක්ෂණය හා බැඳුනු ලංකාවේ ප්‍රධානම ආයතනය ICTA නොහොත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය වෙයි.

රියදුරු බලපත්‍ර  හා දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩර් මගඩියකට විරෝධය පා ICTA අධ්‍යක්ෂක ආචාර්ය සංජීව වීරවර්ණ ඉල්ලා අස්වී ඇත. තාක්ෂණය මත පදනම් වූ ශ්‍රී ලංකාවක් ගොඩනගන බව කී ගෝඨා  වසර විස්සකටත්  වඩා පැරණි විදේශ තාක්ෂණික සේවා ඉහල මිල ගනන් වලට ලබා ගැනීම අනුමත නොකරන බව ඔහු සිය ඉල්ල අස්වීමට හේතු ලෙස සදහන් කොට ඇත.

රුපියල් මිලියන නවදහසකට වැඩි මුදලක් යට කොට වසර විස්සක් පැරණි ක්‍රමවලට රියදුරු බලපත්‍ර  නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබා දීම සහ රුපියල් මිලියන තුන්දහසකට දුම්රිය ප්‍රවේශ පත්‍ර ටෙන්ඩරය ලබා දීම රටට අවාසි දායක බව ඔහු ප්‍රකාශ කරයි.

මෙම ටෙන්ඩර් දේශීය ආයතන වලට යා යුතු බවත්, මේවා දේශීයව සිදු කිරීමකින් තොරව ලංකාව  දියුණු කල නොහැකි බව ඉල්ලා අස්වීමේ ලිපියේ සදහන් කොට ඇත. ආචාර්ය සංජීව වීරවර්ණ මෙම තනතුරට පත් කරන ලද්දේ ජනාධිපති ගෝඨා විසිනි.

ගෝඨාගේ අහවලා වන මනෝරි උනම්බුවටද ICTA අධ්‍යක්ෂක කෙනෙකු ලෙස පත්වීම ලැබුනි. මෙම ටෙන්ඩරයට ඇය සම්මාදන් වූ අයුරු සහ පත්වූ දා සිට ඇය කළ සේවය ගැන ලිවීම නඩුවකින් කෙලවර විය හැකි නිසා මනෝරිගේ කලකිරියාව නොලියමි.

කෙසේ වුවද ආචාර්ය සංජීව වීරවර්ණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙකි ” ශ්‍රී ලංකාව තුල ඩිජිටල් අයිතීන් රැකගැනීම” මැයෙන් සම්මන්ත්‍රණ මාලාවක් මෙහෙයවූයේද මොහුය.

ලංකාවේ තොරතුරු තාක්ශණ සමාගමක් වන WSO2 සමාගමේ නිර්මාතෲ, සභාපති හා ප්‍රධාන විධායක නිළධාරීයාද මොහුය

පසුගිය රජය විසින් ඉන්දියාවත් ලංකාවත් අතර ආර්ථික ගිවිසුමක් (ECTA)පිලිබද යෝජනාවක් ගෙන එන විට එහි සෘණාතමක පැතිකඩ පමනක් නොව එය ලංකාවේ තරුණ තරුණියන්ට ධානාත්මකව බලපාන ආකාරය ගැන ඔහු කළ විශ්ලේෂණය වියතුන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවේ මහත් ඇගයීමට ලක් විය.

ලොම් හැලුන හමුදා නිලධාරීන්ට මිස වියතුන්ට ගෝඨා සමග වැඩ කළ නොහැකි බව ආචාර්ය සංජීව වීරවර්ණගේ ඉල්ලා අස්වීමෙන් පෙනී යයි