2020 මහ මැතිවරණයේ ප්‍රතිඵලය මෙන්න

2020 මහ මැතිවරණයේ ප්‍රතිඵලය මෙන්න image 13

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනට තුනෙන් දෙකක් ගැනීම තියා ඒ අසලකට වත් පැමිණිය නොහැක.

සජිත්ට විපක්ෂ නායක ධූරය අහිමි වනු ඇත

දිවයිනේ ඉහලම මනාප ප්‍රතිශතය නාමල් රාජපක්ෂ විසින් වාර්තා කරනු ඇත

රනිල්ට ආවේනික ඉවසීම සහ තැන්පත් ගති ලක්ෂණ නිසා ඔහු මෙවරද මනාප ලක්ෂ 3 ඉක්මවා යනු ඇත.

රාජිත , චම්පික, හකීම්, රිෂාඩ් යන මොවුන් පසු ගිය වසර 20 පුරා එක දිගට ඇමති ධූර දැරූවෝ වෙති . මොවුන්ට ඇමති ධුර නැතිව සිටිය නොහැක. නමුත් මෙවර මෙවැනි නාකි හම්පඩයන් නිකන් ආවත් ප්‍රතික්ෂේප වනු ඇත.

චම්පික , තලතා, චන්ද්‍රානි, රංජිත් මද්දුම බන්ඩාර , ගයන්ත , අශෝක අබේසිංහ ,අජිත් පී.පෙරේරා තේරී පත්වීම සැක සහිතය

මාතරින් එන්නේ බුද්ධිකද මංගලද යන්න කාලය විසින් විසඳුනු ඇත

ජනාධිපතිවරණයෙන් 3% වැ‍ටුණු ජවිපෙ මහ මැතිවරණයෙදී 6 % කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරනු ඇත.

ෆාරිස් හාජියාර් පලාත් කිහිපයක ගෙනයන මුස්ලිම් ඡන්ද කැඩීමේ ව්‍යාපාරය හකීම්ට සහ මුස්ලිම් කොන්ග්‍රසයට තීරනාත්මක වනු ඇත. එය සජිත්ට අවාසිදායකය.

හිස්බුල්ලා ස්වාධීන බලවේගයක් ලෙස ක්‍රියාකිරීම එජාපයට සහ සමගි ජනබලවේයට අවාසි දායකය.

හම්බන්තොට , පොලොන්නරුව , ත්‍රිකුණාමලය , රත්නපුරය සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වලින් සජිත්ට ආසන හිමි නොවෙයි

ජීවන් තොන්ඩමන් විශාල වැඩි ඡන්ද ගණනකින් ජයග්‍රහනය කිරීමට නියමිතය. ජීවන්ගේ ආගමනය පලනිදිගම්බරම්ගේ ඡන්ද පදනමට බලපෑමක් ඇති කරයි. එය සජිත්ට අවාසිදායකය

ලබා ගත් ඡන්ද ප්‍රතිශතය අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 29 බෙදී යනු ඇත.ඒ අනුව පොහොට්‍ටුවට හිමිවන ආසන ගනන 132 කට ආසන්න වෙයි.