නාමල්ට විතරක් නෙවේ, මටත් දුකයි! පුතානෝ නින්දෙන් අවදි වෙයි

නාමල්ට විතරක් නෙවේ, මටත් දුකයි! පුතානෝ නින්දෙන් අවදි වෙයි image 21

මීට පැයකට පෙර  ‍ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත්ද දර්ගා නගරයේ පොලිස් පහර දීම හෙලා  දැක ඇත. නමුත් දර්ගා නගරයෙදී මන්ද මානසික දරුවෙකුට පොලීසිය පහර දුන්නේ මැයි 25 දිනය. එනම් මීට දින දොලහකට පෙරය.

පහරදීම සිදුවූ දිනම අදාල CCTV වීඩියෝ පටය සමාජ ජාල වෙත නිකුත් වී තිබුනි. පහර කෑ දරුවාගේ දෙමාපියන් සිය දුක් ගැනවිල්ල නොයෙක් පාර්ශව වෙත ඉදිරිපත් කොට තිබුනි.අවාසනාවට, රටේ විපක්ෂ නායකයාට නින්ද ගොස් ඇත.

පොලීසිය දිගින් දිගටම මෙම පහරදීම යට ගැසීමට උත්සාහ කළේය. අධිකරණ වෛද්‍ය වරයාද සිද්ධිය යට ගැසීමට සහයෝගය දක්වා තිබුනි .නමුත් නාමල්ගේ ට්විටර් පනිවිඩයෙන් සියල්ල උඩු යටිකුරු විය . නාමල්ගේ ට්විටර් පනිවිඩය නොවන්නට සජිත් තාම නින්දේය

නාමල්ගේ ‍ටුවිටර් පනිවිඩයට ඉතා ඉහල ප්‍රතිචාර ලැබුනද  සජිත්ගේ ‍ටුවිටර් පනිවිඩය සමාජ ජාලා තුල  තවත් එක් විහිළුවක් වී ඇත .සමාජ ජාලා තුල සජිත්ට ලැබෙන්නේ යහපත් ප්‍රතිචාර නොවේ.

පුතානෝ දැන්ද ඇහැරුනේ ? අයියෝ අපේ විපක්ෂ නායකයා , මූ දීල ප්ලාස්ටික් බේසමක් ගන්ඩ බැරිද? ඉමිතියාස් තවම නිදිද ? නාමල් නැත්නම් උඹ තාම නිදි !

සජිත්ට සමාජ ජාලා තුල ලැබෙන්නේ මෙවැනි ප්‍රතිචාරය.