කුරුනෑගල වඳ සැත්කම් සිද්ධියේ ඇත්ත කථාව – මෙන්න සාක්ෂි

කුරුනෑගල වඳ සැත්කම් සිද්ධියේ ඇත්ත කථාව – මෙන්න සාක්ෂි kissiri 2

ලංකාවේ  වර්ථමාන දේශපාලනය කාල බෝම්බයක් සමග කරන අත්පන්දු ක්‍රීඩාවක් බවට පත්ව ඇත. මහින්ද වැනි ගේම් කාරයින්  සුමට අයුරින් පන්දුව පිරිනමන්නෝය, වීරවන්සලා වැනි බෙරකාරයින් පන්දුව ඔසවන්නෝය , ගෝත්‍රික පුරවැසියන් ”ඩෑෂ්” ගසන්නෝය. පාලකයන්ගේ ”එදා වේල විදේශ ප්‍රතිපත්තිය” නිසා රට ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්ව ඇත.ජනයාගෙන් බහුතරය සමාජ මාධ්‍ය භාවිතා කරමින් ක්‍රෝධය, ද්වේශය සහ අවිශ්වාසය පතුරන්නෝය. නිවැරදි දිශානතියට රට මෙහෙයවීමට දැක්මක් සහ හැකියාවක් ඇති නායකයෙකු පෙනෙන මානයේ නොමැත.

සිසේරියන් සැත්කමෙන් අනතුරුව  සිංහල මවුවරුන් 8000ක් වඳ භාවයට පත්ව ඇතැයි පුවත දිවයින  විසින් වාර්තා කිරීමත් සමගම රට ගිණියම් විය.

මෙම හෙලිදරව්ව පි‍ටුපස සිටින ප්‍රධාන පාර්ශව කරුවන් පහත පරිදිය

  1. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරික මහාචාර්ය චන්න ජයසුමන
  2. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරික කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර
  3. මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ගෝනි බිල්ලන් මවන කිත්සිරි ජයලත් 
  4. එදත් අදත් මහින්ද වෙනුවෙන් ගෝනි බිල්ලන්ට ප්‍රචාරයක් දෙන හේමන්ත රන්දුණු

කිත්සිරි ජයලත්ගේ පැටිකිරිය

මහින්දගේ රජය පෙරළුනු දා පටන් කිත්සිරි ජයලත් කලේ  ” කොටි නැගිටිනවෝ ” නාට්‍ය පෙන්වීමය. මෙකල යාපනය කොට්ටාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වූයේ මොහුය.බැකෝ දමමින් කොටි වල දැමූ බෝම්බ සොයා මධ්‍ය සංදර්ශන තැබුවේ මොහුය. ආවා භීෂණයට අත් වැල සැපයුවේ මොහුය. නීති විරෝධී කේබල් ටී.වී හරහා ගාන කැපුවේ මොහුය. චාවාකච්චේරියෙන් සොයාගත් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයද මොහු පෙන්වූ නාට්‍යකි. කිත්සිරි ජයලත් සොයාගත් එම ඇදුම් කට්ටලය ඔතා තිබුනේ  සිංහල පත්තර කොලයකය.  එම නාටකය කරලියට ගෙන ආවේද මේ කියන  හේමන්ත රන්දුනුමය. ඊට මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ දිවයින පුවත් පතය.( http://www.divaina.com/2016/03/31/news01.html )

පැමිණිලි අංකය  ජොන්ස්ටන්ට ලබාදී මුදල් ලබා ගත හැක

 කාලයකට ඉහතදී වාතයෙන්  ඒඩ්ස් බෝවෙනවා කියා හය හතර නොදන්නා ලමයෙකු පාරට ඇද දැමුවේ කුරුනෑගල  මව් වරුන්ය . බොහොමයක් මව්වරුන් වඳ භාවය පිලිබද පැමිණිල්ල ඉදිරිපත් කලේ ස්වේච්ඡාවෙන් නොව බලපෑම් නිසාවෙනි. මව් වරුන් පැමිණිල්ල ගොනු කරයි . ඇගේ ස්වාමිපුරුෂයාට පැමිණිලි අංකය ජොන්ස්ටන්ට දී මුදල් ලබා ගත හැක. දැන් කුරුනෑගල පවතින්නේ මෙවන් වාතාවරණයකි. නමුත් පැමිනිලි දැමූ බොහෝ මව් වරුන්ට රෝහලේ ලියාපදිංචි අංකයක් වත් නැත.වෛද්‍ය සහාබ්දීන් එරෙහි චෝදනාව දේශපාලන සෙල්ලමකි. වෛද්‍ය සා‍ෆි වරදක් කර ඇත්නම් ඊට ප්‍රතිචාර දක්වන ක්‍රමය මෙය නොවේ. කල යුත්තේ උසාවියෙදී ඔහුට එරෙහිව ඔප්පු කල හැකි සාක්ෂි ගොඩ නැගීමය .වෛද්‍ය සහාබ්දීන් යනු ද සුදු චරිතයක් නොව අශූචි ගොඩේ සත පහක් තිබුණත් එයත් දිවෙන් අහුලා ගන්නා වර්ගයේ චරිතයකි. නමුත් එය වෙනම කරුනකි. මක්නිසාදයත්  වර්තමානයේ දේශපාලනය කරන බොහෝ දෙනෙකු එම වර්ගයේ හෝ ඊට වඩා නරක උන්ය.

භීෂණයක් මවා   මුස්ලිම් ජනතාවට මහින්ද කරන ආරාධනය

මුස්ලිම් වෛද්‍ය වරයාට එරෙහිව එල්ල කරන චෝදනාව සාක්ෂි මත පදනම් වූවක් නොවේ. එය දේශපාලන නාටකයකි. එහි ප්‍රධාන  අරමුණු 2කි.

1. සහාබ්දීන් බදුර්දීන්ගේ දකුනු අතය. මහින්දාලා විසින් මෙම චෝදනාව සහාබ්දීන් වෙත එල්ල කරන ප්‍රහාරයක් නොව බදුර්දීන් බිය ගැන්වීම සදහා එල්ල කරන ප්‍රහාරයකි. මහින්ද පිලේ සැලසුම බදුර්දීන් බියගන්වා ඔහු සිය දෙපතුල ලගට ගෙන්වා ගැනීමය.

2. මෙය හුදෙක් සා‍ෆිගේ වෛද්‍ය වෘත්තියට එරෙහි ප්‍රහාරයක් නොව  මුස්ලිම් ජාතියේ වෙළදාම නැමති  වෘත්තියට එරෙහි තවත් ප්‍රහාරයකි .

රාජපක්ෂලා රෑට රෑට බදුර්දීන්ට කථා කොට කියන්නේ කුමක්ද?

රාජපක්ෂලා මේ කරන්නේ මුස්ලිම් සමාජයට එරෙහිව කෘතීම භීෂණයක් මැවීමය. ඔහු ඒ හරහා මුස්ලිම් නායකයන්ට පනිවිඩයක් දෙන්නේය. මහින්ද මුස්ලිම් නායකයන්ට දෙන පනිවිඩය සරලය. ඔහු කියන්නේ

‘ඔබලාට මා සමග එක් විය හැකි නම් යහතින් ව්‍යාපාර කරගෙන යා හැක, බියක් සැකක් නැතිව ජීවත් විය හැක, ඔබලාට අභූත චෝදනා එල්ල නොවේ . ඔබලා මා සමග එක් නොවන්නේ නම් භීෂණය සමග ජීවත් විය යුතුය”.

මහින්ද  රෑට රෑට බදුර්දීන්ට සහ මුස්ලිම් නායකයන්ට කථා කරමින් ඔවුන්ගේ දුක සැප විමසන්නේ මේ නිසාය. යම් හෙයකින් හෙට රිෂාඩ් මහින්ද සමග එක් වුව හොත් වෛද්‍ය සා‍ෆි මිහිපිට ඉසිවරයෙකු වනු ඇත. බදුර්දීන් වීරයෙකු වනු ඇත. සිංහලයා මෝඩයෙකු වුවද තම්බියා නිවටයෙකු නොවන බව මහින්ද තේරුම් ගත යුතුව ඇත

දවල් ලතා රෑ ලලිතා

රාජපක්ෂලාගේ දේශප්‍රේමයේ ගැඹුර රටේ සියලු පුරවැසියන් තේරුම් ගත යුතුය. රාජපක්ෂලා යනු තම බලය වෙනුවෙන් ඕනෑම් පජාති වැඩක් කරන පිරිසකි. තව්හිද් ජමාත් එකට පඩි ගෙවූයේ මහින්දය . ශරීයා විශ්ව විද්‍යාල තැනීමට අවසර දූන්නේ මහින්දය. විල්පත්තුව කැපීමට අවසර දුන්නේ මහින්දය. හලාල් නීති ගතකලේ මහින්දය. ගැසට් නිවේදන හරහා ටිකෙන් ටික  ශරියා නීතිය රටේ මූලික නීතිය බවට පත් කලේ මහින්දය.මේවා කළේ මුස්ලිම් ජනතාවට ඇති ආදරයට නොව බලයට ඇති කෑදර කමට බව මුස්ලිම් ජනයා තේරුම් ගත යුතුය

පුරවැසියන්ගේ යුතුකම

කරුණු එසේ හෙයින් රාජපක්ෂලා තිරගත කරන නාටක පිලිබදව කලබල නොවිය යුතුය. හමුදාව සහ පොලීසිය රටේ ආරක්ෂාව ස්ථාපිත කරනු ඇත , එය ඔවුන්ගේ වගකීමකි. පුරවැසියන් මේ අවස්ථාවේදී කලයුත්තේ ඉවසීමෙන් සහ නිවරදි අවබෝධයෙන් කටයුතු කිරීමය . සමාජ වෙබ් අඩවි හරහා කළ යුත්තේ සාමය, සංහිදියාව ගැන කථා කිරීමය . බෝඩ් ලෑලි දේශප්‍රේමීන්ගෙන් ඔබට අවලාද එල්ල වනු ඇත. නමුත් කාලය සහ හෘදයසාක්ෂිය ඔබව නිදොස් කොට නිදහස් කරනු ඇත.

By-තුෂාරා වන්නිආරච්චි

Editor -Lankanewsapp.com

https://www.facebook.com/thushara.wanniarachchi.14

One thought on “කුරුනෑගල වඳ සැත්කම් සිද්ධියේ ඇත්ත කථාව – මෙන්න සාක්ෂි

Comments are closed.