”අපිට විරුද්ධ වුනොත් කෙළිනවා” කියා බැසිල් තර්ජනය කළා – සුජීව කියයි

”අපිට විරුද්ධ වුනොත් කෙළිනවා”  කියා බැසිල් තර්ජනය කළා – සුජීව කියයි image 32

අද (9) සජබ පිලේ මාධ්‍ය හමුවවක් පැවැත් වින. රජය ත්‍රස්තවාදී උවදුර පැවති කාලයේ මිලිටරිය යොදවා භීෂණකාරී ලෙස රට පාලනය කළ බවත්, කොරෝනා උවදුරද ඒ ආකාරයෙන් පාලනය කිරීමට උත්සාහ කළ බව කීවේය. වාසනාවට නාවික හමුදාවට කොරෝනා වැලදීම නිසා එම සැලැස්ම අතහැර දැමීමට සිදුවූ බව සුජීව කීවේය.

ජනපති ගෝඨාභය හමුදාව විකුනන බවද ඔහු කීවේය. ”හමුදාව විකිනීම 100% ,  වැඩ බින්දුවයි” සුජීව කීවේය. මැතිවරණයේදී බුද්ධි අංශය සහ හමුදාව රජයට සහයෝගය දක්වන බවත් ලංකාව ගඩා‍ෆි , ඉඩි අමින් වැනි පාලනයක් කරා යමින් සිටින බව සුජීව කීවේය.

කමල් ගුණරත්න රාජ්‍ය නිළධාරියෙකු නොව දේශපාලකයෙකු බවද කීවේය. ‘‘අපිට විරුද්ධ වන ඕනෑම කෙනෙකුට කෙළිනවා, බලාගනින්! අපි ෆොන්සේකාටත් කෙලියා, බන්ඩාරනායකටත් කෙලියා,  ’’ කියා බැසිල් තමාට තර්ජනය කළ බව සුජීව හෙළිදරව් කළේය.

ඊයේ සිරිකොත ඇතිවූ කළහය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුජීව , ‘‘අපි තමයි ඇරියෙ, හංගලා ගහන්නේ නෑ, කෙලින් වැඩ අපේ’’ යයි උද්වේගකර ලීලාවෙන් කීවේය. නමුත් ඒ පිළිබදව ඉංග්‍රීසියෙන් අදහස් දැක්වීමේදී ඔහු කීවේ වෙනත් කථාවකි.

ඉංග්‍රීසියෙන් කරුණු පැහැදිලි කරන විට උද්වේගකර ලීලාවෙන් කථා කරනවා වෙනුවට සදාචාර බැඳියාවට අවනත වීමට උත්සාහ කරන අයුරු දැක ගත හැකි විය. සුජීව ඉංග්‍රීසියෙන් කීවේ සිරිකොත කළහය හිතා මතා සැලසුම් කළ එකක් නොව අහඹුවක් බවය

ලක්ෂ්මන් සෙනෙවිරත්න මාධ්‍ය අමතමින් එම්.සී.සී නොහොත් සහස්‍ර අභියෝගතා ගිවිසුමට එකහෙලා විරුද්ධ බව ප්‍රකාශ කලේය. නමුත් ඊයේ මංගල සමරවීර මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ එම්.සී.සී ගිවිසුම අත්සන් කළ යුතු බවය. එම්.සී.සී ඉක්මනින් අත්සන් කොට මුදල් ලබාගත යුතු බව මංගල ප්‍රකාශ කර තිබියදී අද මධ්‍ය හමුවක් පවත්වා ඊට විරුද්ධව කථා කිරීම විහිළුවකි.

සජබ පිලේ මාධ්‍ය සාකච්ඡාව ඉතා ඇල්මැරුනු ස්වරූපයක් ගත් අතර සජබ නියොජිතයන්ගෙන් ප්‍රශ්න ඇසීමට කිසිවෙක් උනන්දු වන සෙයක් දක්නට නොලැබුනි. සජිත්ගේ දේශපාලන බංකොලොත් බව දිනෙන් දින පැහැදිලි වන බව පැමිනි මාධ්‍ය වේදීන් බහුතරයකගේද මතය විය.