නිහතමානී උද්ඝෝෂණයට පහර දුන්නා- මගේ පියානෝ, නෑ.. නෑ..ඒක දාන්ඩ එපා

නිහතමානී උද්ඝෝෂණයට පහර දුන්නා- මගේ පියානෝ, නෑ.. නෑ..ඒක දාන්ඩ එපා image 95

පෙර‍ටුගාමීන් නිහතමානීව සහ සාමකාමීව කොළඹ පැවැති උද්ඝෝෂණයට පොලීසිය කළ  පහරදීම තමන් තරයේ හෙලා දකින බව නිවේදනයක් නිකුත් කරමින් සජිත් කියා සිටියි. තවද කැමති ඕනෑම දේශපාලනයක් කිරීමට, අදහසක් ප්‍රකාශ කිරීමට  පුරවැසියන්ට අයිතියක් ඇති බව සජිත්  ප්‍රකාශ කොට ඇත.

ඊයේ දිනයේ විරෝධතාව සංවිධානය කළේ පෙර‍ටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුනරත්නම්ය .  කුමාර් ගුනරත්නම් මුල්වරට අත් අඩංගුවට පත්වූයේ 89- 90 කාලයේදීය. කුමාර් ගුනරත්නම් සමග සිව් දෙනෙකු හමුදා අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට පත් වූකුමාර් ගුනරත්නම් හන්දි කැඩෙන්ඩ ගුටි කෑවේය. ටයර් සෑයක් මත අවසන් හුස්ම හෙලීමට අකමැති වූ කුමාර් ගුනරත්නම් තමා විශ්ව විද්‍යාල සිසුවෙකු බවත් සානුකම්පිත හේතු මත තමාට අභයදානය දෙන ලෙස ඉල්ලා කඳවුරු අණදෙන නිළධාරියාගේ දෙපතුල් ලග වැඳ වැ‍ටුනේය. කුමාර් ගුනරත්නම් නිදහස් වුවද අත් අඩංගුවට පත් වූ අනෙක්  තුන් දෙනා අද වනතුරු ආගිය අතක් නැත.

එම කඳවුරු අණදෙන නිළධාරියා මේජ්ර් සරත් ෆොන්සේකාය ( වෙල් විදානේ ). සේනාධිනායකයා ආර් ප්‍රේමදාසය. බුරු පුතාගේ පියානෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කලේ එලෙසිනි . අනුන්ගේ ඇසේ පොල් කෙන්ද දකින බූරු පුතානන්ට තමන්ගේ ඇසේ ඇති පොල් පරාලය පෙනෙන්නේ නැත.

පෙර‍ටුගාමීන් ඊයේ දිනයේ පැවැත්වූයේ ”නිහතමානී” උද්ඝෝෂණයක් යයි සජිත් ප්‍රකාශ කරයි. සජිත්ගේ මොළය පරීක්ෂා කොට ඔහු යම් මානසික රෝගයකින් පෙළෙන්නෙද යන්න නිෂ්චය කිරීමේ අවශ්‍ය තාව මෙවැනි ප්‍රකාශ හේතුවෙන් දිනෙන් දින දැඩි වෙයි

සජිත් එම උද්ඝෝෂණයට  ‘නිහතමානී’ කියා කීවද  පෙර‍ටුගාමීන්  එය පැවැත්වූයේ උසාවි වාරණ  නියෝගයක් නොසලකා හරිමිනි