අනාචාර්ය දයාගේ ‘කී නොට්’ එකෙන් සජිත්ගේ පක්ෂය දෙදරයි

අනාචාර්ය දයාගේ  ‘කී නොට්’ එකෙන්  සජිත්ගේ පක්ෂය දෙදරයි image 35

සජබ පක්ෂයේ අපේක්‍ෂකයන් සදහා ඊයේ වැඩමුළුවක් පැවැත්වුනි . එහි ප්‍රධාන දේශනය කළේ දේශපාලන අනාථයෙකු වන දයාන් ජයතිලකය. ”අද මෙරට සිටින පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදී පිරිස ලංකාව ඉතාම අමාරු තත්ත්වයකට තල්ලු කරමින් සිටිනවා ” කියා දයාන් එහිදී කීවේය.

ජනාධිපතිධූරයට පත්වූ ගෝඨාභයට කොරෝනා වසංගතය නිසා  හුස්මක් ගැනීමටවත් ඉඩක්  නොලැබුනු බව  කුඩා දරුවෙකු වුවද දන්න සත්‍යකි. කරුනු එසේ හෙයින්  දයාන් ජයතිලක රටේ ජනාධිපතිවරයා ගැන ද්වේස සහගතව කථා කළ බව සජිත්ගේ පිලේ බොහෝ දෙනෙකුගේ මතය විය.සජිත්ගේ පිළේ ගෝඨාභයට ලව් කරන අපේක්ෂකයන් බොහොමයකි.

දයාන් ජයතිලක සිය දේශනය ආරම්භ  කරත්ම   සජබ පිලේ  සමහරෙක් ඊට  නොසතුට පල කරන අයුරු දැකිය හැකි විය.

‘‘අළුත් දේශපාලන කථිකාවතක් ආරම්භ කරන වැඩමුළුවේ  ‘කී නොට්’  එක කරන්නේ මූද?  මූ කථා පවත්වනව කියල දන්නව නම් මම එන්නෙත් නෑ , කැම්පේන් එකේ වැඩක් බලාගෙන ගමට වෙලා ඉන්නවා,   මුට බල්ටියක් ගහන්ඩ බැරිවුනේ  අයි.එස්  කල්ලියට විතරයි’’ .  ඇල්වතුරත් නිවා බොන  දේශපාලනඥයා දයාන් ගැන පල කලේ එවැනි අදහසකි .

විනාඩි කිහිපයක් ගතවෙත්ම සභාවේ  පි‍ටුපසින්  කථා මැද කථා  ආරම්භවිය  .දයාන්ට සිය කථාව පවත්වාගෙන යාම පවා අපහසු විය.

දයාන් ජයතිලක සිය පෞද්ගලික දේශපාලන එරියස් කවර් කිරීම සදහා මෙම වැඩ මුළුවේ ”කී නොට් ” එක යොදා ගැනීම ගැන බොහෝ දෙනෙකු නොසතු‍ටු වූ බව පැහැදිලිවම දක්නට ලබුනි.

දයාන් ජයයතිලක  ශිෂ්ඨාචාරගත ගත සමාජයක් ගැන දේශන පැවැත්වුවද මොහු  ප්‍රේමදාස සෙවනේ මිනීමස් පිසූ කෝකියෙකි. එකී ඉතිහාසය කිසිවෙකුට යටපත් කළ නොහැක.

සජිත් තරුණයන්ට තැන දෙනවා කියා ලෝකයට පෙන්වන්නේ සංදර්ශනයකි.  සජිත් සත්‍ය වශයෙන්  සමීපව ඇසුරු කරන්නේ පියාගේ සෙවනේ වැඩුනු තක්කඩි දේශපාලකයන් කිහිප දෙනෙකි.සජිත්ගේ දේශපාලනයේ මාර්ගෝපදේශකයන් වන්නේ ඔවුන්ය.

සජිත්ගේ දේශපාලනයේ දිශානතිය තීරණ කරන්නේ  මෙවැනි  නාකි තක්කඩි ‍ නම් තව දුරටත් සජිත් සමග ගමනක් යාම අපහසු බව තරුණ අපේක්ෂකයන් බොහොමයකගේ මතය වී ඇත.