මළ ගෙදරින් වොයිස් කට් ඉල්ලූ සජිත්ගේ ආධාරකරුවන් පන්නා දමයි

මළ ගෙදරින් වොයිස් කට්  ඉල්ලූ සජිත්ගේ ආධාරකරුවන් පන්නා දමයි image 36

දේශපාලන වැදගත්කමක් ඇති මළ ගෙවල් වලට අනුග්‍රහය දැක්වීමට තරඟයක් ඇත . ඒ අනුව  මියගිය සුනිල් ජයවර්ධනගේ ගෙදරට මුලින්ම ගොස් ඇත්තේ සජිත්ගේ ආධාර කරුවන් පිරිසකි. එහිදී ඔවුන් ඉතා ශූක්ෂමව සජිත්ගේ කැම්පේන් එකට වාසි වන අයුරින් හඩ පටයක් ගැනීමට උත්සුක වී ඇත. නමුත් එන පොට තේරුම් ගත් නිවසේ උදවිය සජිත්ගේ ආධාර කරුවන් පිරිස නිවසින් පන්නා ගෙන ඇත.

රජය විසින් නිකුත් කල  සහන ක්‍රම වේදයට පිටින් ලීසිං වාරික අයකිරීම පිළිබදව ගැ‍ටුමක් සමථයකට පත්කිරීමට දැරූ උත්සාහයක් අතර තුර සුනිල් ජයවර්ධන පහර කෑමට ලක් විය. එය ඉතා ශෝචනීය පුවතකි. නමුත් එවැනි මළමිනී මතින්  දේශපාලනය කිරීම ඊටත් වඩා ශෝචනීය කරුනකි.

රජයක මූලික කාර්ය ප්‍රතිපත්තීමය තීන්දු ගැනීමය. ගන්නා ලද තීන්දු නිසිපරිදි ක්‍රියාත්මක වේද  යන්න සොයා බැලීම විපක්ෂ නායකයාගේ,සමාජ ක්‍රියාකරීන්ගේ, ජනමධ්‍ය වේදීන්ගේ සහ අධිකරණයේ වගකීමකි.  

ලිසිං අයකරගැනීම පිලිබදව සහන කොන්දේසි මාලාව ප්‍රකාශ කළේ මාර්තු මාසයෙදීය. එදා මෙදාතුර මාස 4ක් ගත වී ඇත. මාර්තු මාසයේ සිට සජිත් මාධ්‍ය සාකච්ඡා සියයකට වඩා පවත්වා ඇත, නිකුත් කළ වීඩියෝද සිය ගනනකි . නමුත් ලිසිං අයකර ගැනීම පිළිබද ගැටලුවක් ගැන සජිත් කිසි දිනක රජයේ අවධානය යොමු කොට නැත.

අපට වාර්තා වන පරිදි රටේ දැවෙන ප්‍රශ්න ඇතැයි කියමින් සජිත් කිහිප වරක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඇපොන්ට්මන්ට් ඉල්ලා ඇත.නමුත් ජනාධිපතිවරයාට වැඩ අධික වීම නිසා හෝ   නිකරුනේ සජිත් සමග කාලය නාස්ති කිරීමට අකමැති වූ නිසා අදාල කාරනා විෂය බාර ඇමතිවරුන් සමග සාකච්ඡා කරන ලෙස දැනුම් දී ඇත.

සජිත් විපක්ෂ නායකයා වූ දා පටන් ගෝඨාගෙන් මෙහා පුද්ගලයෙකු සමග සාකච්ඡා කිරීමට නොයයි. සජිත්ගේ පුහුමානය නිසා විෂය භාර ඇමතිවරු සමග සාකච්ඡා වලට අකමැතිය. නැගෙනියගේ හොර සල්ලි කේස් එක නිසා සජිත්ට, අගමැති මහින්ද සමග එක මේසයේ වාඩි විය නොහැක

ජනතාවගේ සුභසිද්ධිය පිණිස රජය  ගත් ප්‍රතිපත්තීමය තීන්දු නිසි අයුරින් ක්‍රියාත්මක නොවූයේ නම් එම වගකීමෙන්   විපක්ෂ  නායකයාට ගැලවිය නොහැක. විශේෂයෙන් පාර්ලීමේන්තුව විසිරුවා තිබියදී සජිත් විපක්ෂ නායකයාට හිමි සියළු වරප්‍රසාද බුක්ති විදියි. අති සුඛෝපබෝගී වාහන 2ක් , බැකප් රථ 4ක්, කොළඹ හතෙන් සුපිරි නිවාසයක් , සේවක පිරිසක් ඇතුලු වරප්‍රසාද කන්දක් සජිත් බුක්ති විදියි.

මාසයකට සජිත් නඩත්තු කිරීමට මහජන මුදලින් රු කෝටි 4කට ආසන්න මුදලක් වැය වෙයි.නමුත් ඊට හිලව් ලෙස ජනතාවට ලැබෙන්නේ කුමක්ද ?  ව්‍යවසනයක් වූ විට   ”ඒක රජයේ වරදක් ”   කියා සජිත්  නිකුත් කරන වීඩියෝවක් පමනි. මේ වන විට සජිත්, සුනිල් ජයවර්ධනගේ මරණය පිළිබදවද එවැනි වීඩියෝවක් නිකුත් කොට ඇත