
ඊයේ එනම් (10) සජබ පක්ෂයේ අපේක්ෂකයන් සදහා වැඩමුළුවක් පැවැත්වුනි.දයාන් ජයතිලකට එහි ප්රධාන දේශනය පැවැත්වීමට ආරාධනා කිරීම නිසා සජිත් පිලේ බොහෝ දෙනෙකුගේ නොසතුටට හේතු වූ බව අප කිවෙමු
එපමනක් නොව, එම වැඩ මුළුවේ තිබූ අඩු පාඩුකම් නිසා සජබ පිලේ දෙදරායාම් තිව්ර වෙමින් පවතියි. සමගි ජන බලවේගයේ ක්රියාකාරීන් සදහා පිළියෙල කළ ටී-ෂර්ට් එකක් එහිදී එළි දක්වා ඇත. එම ටී-ෂර්ට් එක වර්ණ ගන්වා ඇත්තේ කොළ සහ කහ පාටිනි. සජිත් ටී ෂර්ට් එක හදුන්වා දෙනවාත් සමගම සමග සජබ සමග ගොණු වූ ශ්රි ලංකා නිදහස් පක්ෂයේ ක්රියා කාරීන් ඊට විරෝධය පල කොට ඇත.
ශ්රිලනිප නියෝජනය කරමින් සජිත් සමග එක්වූ කුමාර වෙල්ගම සජිත්ගේ ක්රියා කලාපයට බලවත් විරෝධය පල කොට ඇත. ශ්රීලනිප නියෝජනය කරන කිසිවෙකු මෙම ටී ෂර්ට් එක අඳින්නේ නැති බව කුමාර් වෙල්ගම ප්රකාශ කොට ඇත.
ශ්රීලනිප වෙත වෙනස් කොට සැලකීම පිළිබදව ඉදිරියේදී දැඩි තීන්දුවක් ගන්නා බව වෙල්ගම සජිත්ට අනතුරු අඟවා ඇත. වෙල්ගමගේ අනතුරු ඇඟවීමෙන් පැය 24ක් ගතවීමටත් මත්තෙන් සජබ පිලේ රත්නපුර අපේක්ෂිකා හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක ඉල්ලා අස් වී ඇත.
ශ්රිලනිප නියෝජනය කරනමින් එක්වූ සියළු අපේක්ෂකයන් සහ ක්රියාකාරීන් සජබ පිලෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි
aපි නම් කවදත් කොලපාට
- Edit
රවීගේ සල්ලි වලට කහින හෝමාගම ලදක් ….. හොදමයි … හොදමයි ….