Colombo telegraph වෙත ලිපි ලියූ රජීව මරා දැමුවාද,මිය ගියාද

Colombo telegraph වෙත ලිපි ලියූ රජීව මරා දැමුවාද,මිය ගියාද image 41

නිදහස් චතුරශ්‍රය අසල වෙඩි වැදී මිය ගිය පුද්ගලයා පිලිබද තොරතුරු සහ අන්‍යතාව හෙලි වීඇත. වෙඩි වැදී මියගිය පුද්ගලයා Airbus මගඩිය , මිහින් ලංකා වංචාවන් ඇතුළු කරුණු කාරනා ගණනාවක් ගැන ලිපි ලියූ එම ආයතනයේ හිටපු දේශීය කළනාකරු රජීව ජයවීර ලෙසට හදුනා ගෙන ඇත . ඔහු මෙම ලිපි ලියා ඇත්තේ ලන්ඩන් නුවර සිට ක්‍රියාතමක වන කලම්බො ටෙලිග්‍රාප් අඩවියටය .

මෙය ඝාතනයක්ද , මිස් ෆයර් එකක්ද , සිය දිවි හානි කර ගැනීමක්ද යන්න පිළිබදව මත පල කීරිමට සුදුසු අවස්ථාව නොවන නිසා ඒ පිළිබදව Colombo telegraph කතෘ තැබූ සටහන පමනක් අමුනා තබමු. මේ ගතව යන්නේ ගෝඨාභයට අසුභ දායක හෝරාවක් බව බැලූ බැල්මටම කිව හැක