පැරෂුට් කාරයන්ට කොළඹ ඉඩ නෑ- මනෝ ගනේෂන් සජිත්ට පි‍ටුපායි

පැරෂුට් කාරයන්ට කොළඹ ඉඩ නෑ- මනෝ ගනේෂන් සජිත්ට පි‍ටුපායි image 53

මනෝ ගනේෂන් සජිත්ගේ නායකත්වය නොසලකා හරිමින් මැතිවරණ ව්‍යාපාරයදියත් කොට ඇති බව වාර්තා වෙයි. සජිත් මැද කොළඹ ඡන්ද ටිකට කෙල හලමින් කොළඹ පැමිනියා මිස අගනුවර දෙමළ ජනයාට කිසිවක් කොට නොමැති බව මනෝ ගනේෂන් පවසයි.පැරෂුට් කාරයෙකුට මනාප දෙන්න යයි තම ප්‍රජාවගෙන් ඉල්ලා සිටිය නොහැකි බව මනෝ ගනේෂන් ප්‍රකාශ කොට ඇත.

අප පෙර සදහන් කළ පරිදි මුජිබර් , ෆව්සි සහ මරික්කාර් මුස්ලිම් ජනයාගේ මනාප තුන තමන් අතරේ බෙදා ගැනීමේ අරමුනින් කටයුතු කරයි. කොළම දිස්තික්කකයට මුස්ලිම් අපේක්ෂකයන් තිදෙනෙක් නම් කිරිම පසුගියදා චම්පික රණවකගේ දැඩි දෝෂ දර්ශණයට ලක් විය. සජිත්ගේ මොළේ පරීක්ෂා කළ යුතු යයි ඔහු කියා තිබුනි

සජිත් හම්බන්තොට දිස්ත්‍රික්කයටද එකම කුලයේ තිදෙනෙක් ඇතුල් කොට ඇත. ඔවුන් තම කුලයේ තිදෙනාට අතර මනාප බෙදා ගැනීමේ එකගතාවකින් කටයුතු කරයි. මෙම තත්වය නිසා සෙසු අපේක්ෂකයින් ඉවත්වන ගැට්ටට පැමින ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කය කුළ භේදය ඔඩු දුවා ගිය පලාතකි.

මංගල සමරවීර මැතිවරණය කටයුතුවලින් ඉවත් වී ඇත්තේ ඔහුට දේශපාලන වේදිකාවේ අදහස් පළ කළ යුතු ආකාරය සහ හැසිරිය යුතු ආකාරය ගැන සජිත් ප්‍රේමදාස විසින් උපදෙස් ලබා දීම නිසා ඇති වූ මතභේදයක් නිසා බව ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ජය ගැනීම අවිනිෂ්චිත බව පසුගියදා චම්පික ප්‍රකාශ කොට තිබුනි.චම්පිකගේ අනාවැකිය සත්‍ය වන පෙර මං සළකුණු පහල වී ඇත