මහින්ද ගෝඨා බල අරගලය සමස්ථ දේශපාලනය හසුරුවන හැටි

මහින්ද ගෝඨා බල අරගලය සමස්ථ දේශපාලනය හසුරුවන හැටි image 57

ගෝඨාභය රාජපක්ෂ මෙරට දැවැන්ත  ප්‍රතිරූපයක් බවට පත්වූයේ ඔහු ආරක්ෂක ලේකම් ධූරය දරමින් ඉ‍ටුකළ භූමිකාව නිසාය. නමුත් ගෝඨා දේශපාලනයට ගාවා නොගැනීමට මහින්ද වග බලා ගත්තේයමහින්ද හැකි සෑම විටම ගෝඨා පරිපාලන නිලධාරියෙකුගේ රාමුවට කො‍ටු කෙළේය2012  වසරේ ගෝඨා වෙනුවෙන් ” යුවරජා ඔබ ” නමින්   ගීතයක් නිකුත් විය.නාමල් එම ගීතය  උපන් ගෙයිම මරා දැමුවේය. මහින්ද කිසිදු දිනෙක ගෝටාභයට දේශපාලනයට පැමිණෙන ලෙස ඇරයුම් කර නැත. මහින්ද 2019 වසරේ ගෝඨා ජනපති අපේක්ෂකයා ලෙස හඳුන්වා දුන්නේ  ” ඔබ විසින් ‍තෝරා ගත් අපේක්ෂකයා ” ලෙසිනි.

රාජ්‍ය පාලනයේ සුක්කානම කවුරුන් සතුද ?

ගෝඨාබය යනු එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම ජනප්‍රසාදයක් (69 ලක්ෂයක්  ඡන්ද ලැබූ) නායකයාය. නමුත් ජනමතය අර්ථවත් කිරීමට ගෝඨාභයට බලයක් නැත. 19 සංශෝධනයෙන් ජනාධිපති ධූරයේ බලතල බොහොමයක්  අගමැති යටතට පවරා ඇත. දැන් රට පාලනය කිරීමේ සුක්කානම අගමැති සතුය. 69 ලක්ෂයේ ජනවරම අර්ථවත් වීමට නම් ගෝඨාගේ අභිමතය අනුව ප්‍රධාන කාර්ය 3 ක් සිදු විය යුතුය.

  1. අගමැති පත් කිරීම
  2. කැබිනට් මණ්ඩලය පත් කිරීම
  3. ව්‍යවස්ථා සංශෝධනය 

ජනවරම හයිජැක් කිරීම

ගෝඨාගේ අභිමතය පරිදි ඉහත කාරනා සිදුවීමට  ඇත්තේ අවම ඉඩකි .මක්නිසාදයත් මහින්ද සහ නාමල්, ගෝඨා දිනු ජනවරම හයිජැක් කිරීමට නියමිතය. මහින්ද සහ නාමල් විසින්  69 ලක්ෂයේ ජනවරම කොල්ල කන තෙක් ගෝඨා සහ ඔහුගේ අනුගාමිකයන් නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස සිටින්නේ නැත. ගෝඨා දේශපාලනයට ආගන්තුකයෙක් වුවද සිදුවීමට යන නස්පැත්තිය  ගැන අවබෝධයක් ඇත.

මහින්ද ගෝඨා බල අරගලය

මේවන විට මහින්දගේ කන්ඩායම සහ ගොඨාගේ කණ්ඩායම ලෙස පැහැදිළි පාර්ශව දෙකකි. අද  ජවිපෙ හැර සමස්ථ දේශපාලනය හසුරුවන්නේ මෙම කන්ඩායම් දෙක විසිනි. එජාපය , සමගි ජන බලවේගය , හකිම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය,  බදුර්දින්ගේ  සමස්ත ලංකා මුස්ලිම් කාංග‍්‍රසය, මනෝ ගනේෂන්ගේ පක්ෂය,  අතාඋල්ලාගේ දේශිය කොංග‍්‍රසය , වතුකරයේ පක්ෂ, සහ දෙමළ දේශපාලන පක්ෂ ඇතුළු සියළු පක්ෂ මෙම කඳවුරු දෙක වටා බ්‍රමණය වෙයි.  

සජිත් පිලේ අර්බුධය

සජිත්- චම්පික මත ගැ‍ටුම නිසා සමගි ජන බලවේගය දෙදරා ගොස් හමාරය. ජාතික ආණ්ඩුවක් පිලිබද සජිත් දරන මතය මෙම ගැ‍ටුමට හේතු විය. මේ වන විට විපක්ෂ නායක ධූරයට සජිත්ට වඩා චම්පික සුදුසුයයි ප්‍රභල මතයක් ගොඩ නැගී ඇත. පාර්ලීමෙන්තු මැතිවරණයෙන් පසු  සජිත්ට විපක්ෂ නායක ධූරය අහිමි වන බව සක්සුදක් සේ පැහැදිලිය. කරුණු එසේ හෙයින් සජිත් , හර්ෂ , සුජීව, පී. අජිත් වැනි ඇතුළු පිරිස ජාතික ආණ්ඩු සංකල්පයේ සිටියි. සිරිසේන සිටින්නේ මෙම කන්ඩායම සමගය. මොවුන් ගණුදෙණු කරන්නේ ගෝඨා සමගය.  චම්පික  විපක්ෂය තුල දිනෙන් දින ශක්තිමත් වන පසුබිම තුල සජිත්ට ජාමෙ බේරා ගත හැක්කේ ගෝඨාට මුක්කු ගැසීමෙන් පමනි.

එජාපය ඩීල් දමන්නේ කවුරුන් සමගද ?

එජාපය මහින්ද සහ ගෝඨා යන දෙපාර්ශවය සමගම ගණුදෙනු කරයි. ජාතික ආණ්ඩු සංකල්පයට එජාපද කැමතිය. සජිත්ගේ පක්ෂයට සාපේක්ෂව බලන කළ එජාපය ශක්තිමත්ය මක්නිසාදයත් දැන් එජාපය තුල අභ්‍යන්තර කුමන්ත්‍රණ නොමැත. කන්ඩායම් හැගීමෙන්  බලවත්ය.එම නිසා  රජය සමග කේවල් කිරීමේ හැකියාව වැඩිය. කරුණු එසේ හෙයින් එජාපයේ භූමිකාව තීරණාත්මකය. එජාපයේ සහාය ලබා ගැනීමට මහින්දගේ කණ්ඩායම සහ ගෝඨාගේ කණ්ඩායම අතර තරඟයක් ඇති වනු ඇත. කරුණු එසේ වන හෙයින් මහින්ද සමග හෝ ගෝඨා සමග ඩීල්  වලට යාමේ තදියමක් එජාපය සතුව නැත.  

හකීම් රිෂාඩ් අනාථයි

දකුනේ ඡන්ද සටනට එජාපයෙන් මුස්ලිම් අපේක්ෂකයන් 31 , සජබ 35 , ජවිපෙ 25,  ඉදිරිපත් කොට ඇත. පොහොට්‍ටුව දකුනෙන් ඉදිරිපත්කොට ඇත්තේ එක් මුස්ලිම් අපේක්ෂකයෙකු පමනි. පොහොට්‍ටුව මුස්ලිම් අපේක්ෂයන් ඉදිරිපත් නොකලද ප්‍රධාන මුස්ලිම් පක්ෂ දෙකෙන්  පළුවක් ගලවා ගැනීමට දැල එලා හමාරය. රිෂාඩ්ගේ පක්ෂයෙන් ඉෂාක් රහුමාන් ,  හකීම්ගේ පක්ෂයෙන් හාරිස්, බැසිල් සමග එක් වීමට නියමිතය. චිරත් කාලයක් පුරා ඇමති ධුර දරමින් ජාතිවාදය වැපුරූ රිෂාඩ් සහ හකීම් මින් ඉදිරියට දේශපාලන  එදා වේල සොයන බෙලහීනයන් බවට පත් වනු ඇත.

තීරනාත්මක භූමිකාවක් ඉ‍ටු කරන එජාපය

ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ සියල්ල මේ වන විට දෙදරා ගොස් ඇත. පිල්ලෙයාන් කරුනාගෙන් වෙන් වී ඇත.මේ වන විට කරුණා සිටින්නේ මහින්ද පාර්ෂවය සමගය , නමුත් එය ඉදිරියේදී ඉන්දියාවේ අභිමතය පරිදි වෙන්ස් වීමට නියමිතය.කරුණා දිගාමඩුල්ලෙන් ‘නැව’ ලකුණින් මැතිවරණයට තරග කරයි.

සුළු ජාතික පක්ෂ අතර නව දේශපාලන සංස්කෘතියක් බිහි වීමට නියමිතය. පොහොට්‍ටුවට සාපේක්ෂව එජාපයට හිමි වන ආසන ගණන අඩු වුවද ඉදිරි පාර්ලීමේන්තුවේ තීරක බලය හිමි වන්නේ එජාපයටය. ගෝඨාභය පියන් කෙනෙක් කරනවාද , එසේ නොමැතිනම් ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ඔහුට කවර බලතල පිරිනමනවාද යන්න තීරණ කිරීමේ තීරක බලය එජාපය සතු වනු ඇත.

ප්‍රධාන පක්ෂ දිස්ත්‍රික් මට්ටමින් ඉදිරිපත් කොට ඇති මුස්ලිම් අපේක්ෂකයන් ගණන

මහින්ද ගෝඨා බල අරගලය සමස්ථ දේශපාලනය හසුරුවන හැටි image 56

පොහොට්‍ටුව මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් නොකලද දිනන අපේක්ෂකයන් තම පිලට හරවා ගැනීමට සැලසුම දියත් කොට හමාරය. හකීම් සහ රිෂාඩ් අනාථ කොට ඔවුන්ගේ දෙවන පෙල බැසිල් සමග එකතුවීම සිංහල ජනයාට ආනන්ද ජනක විය හැක