මීලග එජාප නියෝජ්‍ය නායකයා කවුද ?

මීලග එජාප නියෝජ්‍ය  නායකයා කවුද ? image 72

සජිත් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා දයා ගමගේ සූදානමින් සිටින බව  මාධ්‍ය වාර්තා කොට ඇත.

මහ බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධව රවි මෑතකදී කළ ආන්දෝලනත්මක ප්‍රකාශ නිසා රනිල් වික්‍රමසිංහ ඔහු ගැන නොසතුටෙන් සිටින බව එම වාර්තා දක්වා ඇත.

මහ බංකුව තිබුනේ රනිල් සහ හර්ෂ සිල්වා යටතේ බවත් වාණිජ බැංකු පැවතියේ කබීර් හෂීම් යටතේ බව රවී හෙළිදරව් කළේය. තමා මුදල් ඇමති ලෙස ආර්ථිකය දිව්වේ අරක්කු නැති තැබෑරුමක් ලෙස යයි  කීවේය .

කෙසේ වුවද දේශපාලන පොරපිටියේ ධනය සහ බලය මත  තනතුරු ලබන ක්‍රමය වෙනුවට දක්ෂතාවය මත උසස් වීම ලැබෙන ක්‍රමයක්  රවි විසින්  මෑතකදී එළිදක්වා තිබිනි.

දේශපාලනය යනු පියාගෙන් පුතාට හිමිවන බූදලයක් නොව පොල් කඩන්නා වුවද දක්ෂයෙක් නම් ඔහු ඉදිරියට  ‍රැගෙන ආයුතු බව දක්වමින් රවී ඉදිරිපත් කළ පෙරස්ත්‍රොයිකාවට බිම් මට්ටමේ ඉහල පිළිගැනිමක් ලැබී තිබුනි.